HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත යුද නැවේ හැඩරුව මෙන්න! බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට එක්වන අලූත්ම යුද නැව මෙයයි!

2021 දී සේවයට එක් වීමට නියමිත මේ අලූත් ම යුද්ධ නෞකාවට. සතුරාට නොපෙනී ලොව ඕනෑම තැනකට යා හැකියි.

ඒ වගේ මේ නැවට හැකියාව තියෙනවා, හෙලිකොප්ටර, ස්වයංගාමී කෲස් මිසයිල, අධිවේගී බෝට්ටු ආදිය රැගෙන ලෝකයේ ඕනෑම සාගරයකට යන්න. එහි 185ක නැවියන් පිරිසකුත් ඉන්නවා.

මේ නැව ටොන් 5,400ක්. දිග මීටර් 148ක්. හරියට තට්ටු දෙකේ බස් රථ 15ක් එක දිග එකට තිබ්බාම වගෙයි. මේ යුද්ධ නෞකාව හැඳින්වෙන්නේ ‘ග්ලෝබල් කම්බැට් ෂිප් ටයිප් 26’ (Type 26 Global Combat Ship) කියායි. ඒත් මේක රේඩාර්වල පෙන්නුම් කරන්නේ කුඩා ධීවර බෝට්ටුවක් හැටියටයි.

 
අලූත්ම යුද්ධ නෞකාව ‘ග්ලෝබල් කම්බැට් ෂිප් ටයිප් 26’ සටනට සහන සේවා කටයුතුවලට එකසේ යොදා ගන්න පුළුවන්.

මෙය බි‍්‍රතාන්‍යය විසින් මෙතෙක් තැනූ, සතුරු මිසයිලවල ඉලක්කයට ලක් නොවී රහසිගතව සතුරාට සමීප විය හැකි, මුහුදේ ඕනෑම තැනකට යා හැකි හොඳම යුද්ධ නැවයි.

මෙය අනාගතයේ දී බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ කොඳු නාරටිය වෙනවා සිකුරුයි. මේ සැලසුමට දැනටමත් බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබිලා.

මේ නව නැවෙහි බඳ තනා ඇත්තේ හෙළිදරවු නොකරන විශේෂ ආරක්ෂක ලෝහ වර්ගයකින්. එහි ලෝහ තහඩු විශේෂ ආනතියකට සවි කර ඇත්තේ රේඩාර් තරංගවලට හසුකර ගත නොහැකි වන ලෙසටයි.

එක්සත් රාජධානියේ 23 වර්ගයේ ෆි‍්‍රගේට් (යුද්ධ) නැව් පන්තිය වෙනුවට මෙම වර්ගය ආදේශ කෙරේවි. මේ නැව තුළ කෲස් මිසයිල ඇතුළු විනාශකාරී අවි සිරස් කුටිවල තැන්පත් කර තියෙනවා.

නැව් තලය මත මර්ලින් හා වයිල්ඞ් කැට් ආදී සන්නද්ධ හෙලිකොප්ටර් ආදිය බැස්ස වීමට ඉඩකඩ තියෙනවා. ඒ හැරෙන්නට විශේෂ යුද උපකරණ, අධිවේගී බෝට්ටු, මිනිසුන් රහිත ඔත්තු බැලීමේ අහස් යානා, කුඩා සබ්මැරීන ආදී හැම දෙයක්මත් මේ නැව තුළ රැඳවීමට ඉඩ පහසුකම් තියෙනවා.

මේ අති නවීන බහුකාර්ය මෙහෙයුම් යුද නැව 2021 දී තමයි බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවයට එක් වන්නේ.

 
මේ නවීන යුද නැවෙහි මග සොයා යන කෲස් මිසයිල, කුඩා අධිවේගී බෝට්ටු සමග කුඩා සබ්මැරිනයක් ගෙන යා හැකියි. සන්නද්ධ හෙලිකොප්ටරයක් නැව්තලයට ගොඩබස්සන්නත් පුළුවන්.

ආරම්භයේ දී මෙවැනි නැව් 13ක් නිපදවෙන අතර ඒ සඳහා යන වියදම හෙළිදරවු කර නැහැ. මීට කලින් යුද නැව් තැනීම සඳහා වූ ව්‍යාපෘති කලට වේලාවට, වෙන් කළ වැය ශීර්ෂ යටතේ ඉටු නොකිරීම පිළිබඳව ආරක්ෂක දෙපාර්තමේන්තුව දෝෂ දර්ශනයට ලක් වී තියෙනවා. පවුම් බිලියන 6.2ක් වටිනා ගුවන්යානාහාරක නෞකා දෙකක් ද අසම්පූර්ණ නොකළ ගොඩට එක් වී තියෙනවා. ඒ අතරයි, 1999 දී මේ නව නැව තැනීමේ සංකල්පය ඉදිරියට ආවේ. මෙය අනාගත මුහුදු ආරක්ෂක කටයුතුවලට හා සටන්වලට වඩාත් යෝග්‍ය නැව හැටියටයි සැලකෙන්නේ.

බි‍්‍රතාන්‍යයේ විශාලතම යුද උපකරණ තනන සමාගමට මෙහි මූලික සැලසුම නිම කිරීමට පවුම් මිලියන 127ක ප‍්‍රදානයක් 2010 දී දුන්නා. දැන් ඒ නැව නිමවා තියෙනවා.

බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක උපකරණ පිළිබඳ අමාත්‍ය පීටර් ලෆ් කියන්නේ, මේ නව නැව අනාගතයේ දශක ගණනාවක් රාජකීය හමුදාවේ ප‍්‍රධාන බලවේගය ලෙස පවතිනු නිසැක බවයි. ”මෙය අවශ්‍යතා හා පවත්නා තත්වයන්ට අනුව පහසුවෙන් ම වැඩි දියුණු කළ හැකි එකක්. ඉදිරියේ දී එන තර්ජන හා අභියෝගවලට ගැළපෙන පරිදි මේ වෙනස් කිරීම් කළ හැකියි.” ඔහු වැඩිදුරටත් කියයි.

නාවික හමුදාවේ ප‍්‍රධානියා වූ අද්මිරාල් සර් මාක් ස්ටැන්හෝප් කියන්නේ, ‘මෙය ඉදිරි වසර දශක ගණනාවක් තිස්සේ බි‍්‍රතාන්‍ය නාවුක සටන්වල ප‍්‍රමුඛත්වය ගන්නා නැව බවට පත් වේවි’ කියලයි. ‘ඒ විතරක් නෙවෙයි, මුහුදේ කෙරෙන සහන කටයුතුවලට හා ආරක්ෂක මෙහෙයුම්වලටත් සාර්ථකව යොදා ගත හැකි වේවි.’ කියා ඔහු තවදුරටත් කියනවා.



Post a Comment

1 Comments

  1. අනාගතයේ එන මහා යුද්ධ ගොඩක් විනාශකාරී ඒවා වෙන්න පුළුවන් මේවා නිසා... හැබැයි බ්‍රිතාන්‍ය මේවා හදන්නෙ ඇමරිකාව පරද්දන්න හිතාගෙන..

    ReplyDelete