HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් පසු විශ්වයට හෙළන අලූත් ඇස මෙන්න!

වසර විසි එකක් තිස්සේ හබ්ල් දුරේක්ෂය අපට විශ්වයේ විස්මිත දේ සොයා වාර්තා කළා. විශ්වයේ ගැඹුරු අහුමුලූ ඇස් යවමින් විස්මිත පින්තූර හා දසුන් අප වෙත ගෙනාවා. මේ කාලය තිස්සේ අප විශ්වය දුටු තෙවන ඇස ඒ හබ්ල් දුරේක්ෂයයි. හබ්ල් දුරේක්ෂයට දැන් ආයුබෝවන් කියන කාලය ළඟ ළඟම එනවා. 2018 දී හබ්ල් දුරේක්ෂය වෙනුවට සවි කරන දර්පණ දුරේක්ෂය දැන් තනා නිම වෙන්න ආසන්නයි. එය හැඳින්වෙන්නේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) කියායි. දැන් එහි දර්පණ ඔප දමනවා. ළඟදීම එය නාසා ආයතනය බලා නැව් ගත කරනවා ඇති.

එහි විශේෂයෙන් ඉතා දුර ගැලැක්සිවලින් එන ආලෝක තරංග හඳුනා ගැනීමට හැකි ප‍්‍රබලත්වයක් ඇති ප‍්‍රධාන දර්පණ කීපයක් ද තියෙනවා.

 
දර්පණ 18කින් යුත් නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තනා නිම වීමට ආසන්නයි. මෙය 2018 දී උඩු ගුවනට යවනු ඇති.

මෙහි නිෂ්පාදකයා ඇමරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ බෝල් ඒරොස්පේස් ඇනි ටෙක්නොලොජීස් ආයතනයයි. දැනට මෙහි දර්පණ 21ක් එකලස් කර තියෙනවා. ප‍්‍රධාන දර්පණ කොටස් 18ක් එකලස් කර අඩි 21.3ක් (මීටර් 6.5ක්) පළල දැවැන්ත ප‍්‍රමාණයේ එක ප‍්‍රධාන දර්පණයක් තැනෙනවා.

දර්පණ කොටස් තනා ඇත්තේ බෙරිලියම්වලින්. එය තෝරා ගෙන ඇත් තද බවින් වැඩි නිසාත් සැහැල්ලූ නිසාත්, අඩු උෂ්ණත්වයේ දී බලැපැම් සිදු වීම අවම නිසාත්ය.

සාමාණය තත්වයේ දී බෙරිලියම් අධෝරක්ත ආලෝකයට ආසන්න ආලෝකය ඉතා හොඳින් පරාවර්තනය කරන්නේ නෑ. ඒ නිසා එක දර්පණයක් රත්තරන් අවුන්ස 0.12කින් ආලේප කර තියෙනවා.

මෙම වෙබ් දුරේක්ෂය හබ්ල් දුරේක්ෂය වෙනුවට යොදා ගන්නවා පමණක් නොව ලෝකයේ අනාගත පරම්පරාවේ දුරේක්ෂ වන්නේ මේ වර්ගයේ දර්පණ දුරේක්ෂයි.

මෙය ලොව මෙතෙක් නිපදවා ඇති ප‍්‍රබලතම දුරේක්ෂයද වෙනවා. විශ්වයේ අලූතින් තැනෙන ගැලෙක්සිවල ප‍්‍රතිබිම්බ මෙන් ම ඈත තරු වටා භ‍්‍රමණය වන ග‍්‍රහලෝකවල පින්තූර ද මේ දුරේක්ෂය මගින් අපට දැක ගත හැකි වනු ඇති. මෙම දුරේක්ෂය නිපදවා ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනයත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් කැනඩාවේ අභ්‍යවකාශ ආයතනයත් එක්ව හවුල් නිපැයුමක් ලෙසටයි.

 
නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මාෂල් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ දී අඩු උෂ්ණත්වයන් යටතේ පරීක්ෂණවලට ලක් කෙරෙන අයුරු.

වෙබ් දුරේක්ෂයට භාවිත කෙරෙන මූලික බෙරිලියම් දර්පණ කොටස් 18න් දෙකක් දැනටමත් ඒ සඳහා විශේෂයෙන් සැකසූ බහාලූම්වල බහා බෝල්ඩර් වරායෙන් නැව්ගත කර අවසන්. ඒ දර්පණ ඇමරිකාවේ ජනපද අටකින් තමයි, නිෂ්පාදනය කර සැපයෙන්නෙ. ඉතිරි දර්පණ 16 මීළඟ මාස 12 තුළ බෝල්ඩරවලින් ගොඩාඞ්වලට යැවෙනු ඇති. 2015 දී මේ දුරේක්ෂය මුළුමනින් ම එකලස් කෙරෙන අතර මෙය උඩුගුවන යවනු ලබන්නේ 2018 ඔක්තෝබර් මාසයේදියි.

මෙම වෙබ් දුරේක්ෂය තමයි, දර්පණ කොටස් යොදා තැනූ ප‍්‍රථම දුරේක්ෂය අභ්‍යවකාශයට යවන. මේ ෂඩාස‍්‍රයක හැඩැති මෙහි සෑම දර්පණයක් ම එකලස් කළ විට මීටර් 1.3ක් පළල වනු ඇති.

 
මේ දැවැන්ත දුරේක්ෂය කෙතරම් විශාලත්වයෙන් හා බරෙන් වැඩි වුණත් අභ්‍යවකාශයේ දි එය සැහැල්ලූ වස්තුවක්.

මෙම වෙබ් දුරේක්ෂය අනාගතයේ ඉතා වැදගත් වෙනවා අධෝරක්ත කිරණවලින් කෙරෙන සංඥා හසු කර ගන්න. ඒ නිසා මෙය මීළඟ දසකයේ දී ප‍්‍රධානතම නිරීක්ෂණාගරය වේවි.

මහා පිපිරුමෙන් පසු ඇති වූ ප‍්‍රථම දිළියුමේ පටන් පෘථිවියේ වැනි ජීවය තිබිය හැකි තරු පද්ධති සෑදීම තෙක් මේ දක්වා අපේ විශ්වයේ ඉතිහාසයේ සෑම දෙයක් ගැනම විමසා බලාවි. අපේ සෞරග‍්‍රහ මණ්ඩලය පරිණාමය වූ හැටි ගැනත් සොයනු ඇති.

Post a Comment

0 Comments