අඟහරු වායුගෝලයේ ඇති වායුව එහි ඇති ‘සෑම්’(SAM) නම් රෝබෝ මගින් ආඝ‍්‍රාණය කර පරීක්ෂාවට ලක් කෙරුණා. අඟහරු සාම්පල විශ්ලේෂණ උපකරණය (Sample Analysis at Mars) තමයි කාර්යය ඉටු කළේ. එයින් විමසා බැලූණේ වායුගෝලයේ ඇති වායු සංයුතියයි. වායුගෝලයේ ඉතා කෙටි කලක් පැවතී පසුව නැතිවී යන මීතේන් වායුව එහි සුළු වශයෙන් හෝ ඇතැයි යන්න සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
කියුරියෝසිටි යානයෙහි රොබෝ අත කෙතරම් සංකීර්ණ එකක්දැයි ඔබට මේ පින්තූරයෙන් වටහා ගත හැකි වේවි.
වායුගෝලය ගැන මේ කරන අත්හදා බැලීම් අපට උදවුවේවි, රතු ග‍්‍රහයාගේ ජීවය කොයි ආකාරයට පවතිනවාද යන්න දැන ගන්නට. ඒ සඳහා පර්යේෂකයන් එහි ඇති අධි සංවේදී විශ්ලේෂණ යන්ත‍්‍රය යොදා ගන්නවා. සෑම් කියා ඔවුන් හඳුන්වන්නේ ඒ අපූරු උපකරණයයි.
”හොඳින් කි‍්‍රයා කරන විට සෑම්ට පුළුවන් ති‍්‍රලියනයකින් පංගු කීපයක් තරම් සුළු මාත‍්‍රාවක් වුනත් මැන බලන්නට. ඒවා කලින් පෘථිවියේ පිහිටුවා ඇති දුරේක්ෂ මගින් ලබා ගෙන ඇති අඟහරු කක්ෂයේ ඇති වායු කොටස් බිලියනයකට පංගු 10 සිට කීප ගුණයක දත්ත හා සසඳා බලන්න පුළුවන්.” කියුරියෝසිටි ව්‍යාපෘතියෙහි නියෝජ්‍ය ප‍්‍රධාන විද්‍යාඥ ජෝයි කි‍්‍රස්ප් කියනවා.
මේ වායුගෝලීය නිරීක්ෂණ මෑතදී චන්ද්‍රිකා හා පෘථිවි දුරේක්ෂ මගින් කළ ඒවායි.
කියුරියෝසිටි යානයේ ඇති සන්ධි පහකින් යුත් රොබෝ අත කි‍්‍රයා කරන ආකාරය දැක්වෙන පින්තූර කීපයක් නාසා ආයතනය විසින් නිකුත් කරලා තියෙනවා.
1970 ගණන්වලදී මේ ග‍්‍රහයා වෙත යවන ලද වයිකිං යානාවලින් කළ පරීක්ෂණවලින් පසුව ප‍්‍රථම වතාවටයි, මේ එහි වායුගෝලය පිළිබඳ රසායනික විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්නේ.
අඟහරුගේ වායුගෝලයේ ඇති වැඩිපුරම ඇත්තේ කාබන්ඩයොක්සයිඞ් බවට දැන් සොයා ගෙන තියෙනවා.
නාසා ආයතනය කියන විදියට මේ විශ්ලේෂණවල ප‍්‍රතිඵල ලබා ගන්නට තවත් සුළු කාලයක් ගත වෙනවා.
”තාම අපි සෑම් පාවිච්චි කරන්න පටන් ගත්තා විතරයි, මේ අති සංකීර්ණ උපකරණයෙන් ලබා ගන්නා දත්ත විමර්ශනය කරන්නට අපට කාලයක් අවශ්‍යයි. නිගමනවලට එන්න වෙන්නේ ඉන් පසුවයි.” කි‍්‍රස්ප් කියනවා.
ඒ අතර නාසා ඉංජිනේරුවන් මේ යානයේ ඇති රෝබෝ යානය කි‍්‍රයා කරන ආකාරය ගැන අත්හදා බැලීම් කර ගෙන යනවා.
”අපි මේ රෝබෝ අත චලන ගණනාවකට යොදවා පරීක්ෂා කර බලනවා. ඒවා පෘථිවියේ දී අත්හදා බලා ඇති ඒවායි. විශේෂයෙන් ම ඒ රොබෝ අතින් සාම්පල ද්‍රව්‍ය අහුලා ගෙන විශ්ලේෂණ යන්ත‍්‍රයට දමන ආකාරය විමසා බලනවා.” ඩැනියෙල් ලිමොනාඩි කියනවා. ඔහු නාසා ආයතනය විසින් පසදේනාවල පිහිටුවා ඇති ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ ඉංජිනේරුවෙක්.
”අඟහරු මත ගමන් කිරීමේ දී විවිධ කාලගුණයන්ට හා ගුරුත්ව තත්වයන්ට අනුව ඒ රෝබෝ අත කි‍්‍රයා කරන ආකාරය විමසා බැලීමත් ඒවා පෘථිවිය මත කළ අත්හදා බැලීම්වල දී කි‍්‍රයා කළ ආකාරය සමග සසඳා බැලීමත් අපට අනාගතයට වැදගත් වෙනවා” ඔහු වැඩිදුරටත් කියනවා.
කියුරියෝසිටි යානයේ රොබෝ අත දිගු කොට අඟහරු මත ඇති පස් සාම්පල අහුලා ගෙන පරීක්ෂණ කුටීරයට දමන්න පුළුවන්.
පසුගිය අගෝස්තු 5 වැනිදා කියුරියෝසිටි යානය අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටය මතට ගොඩ බැස්සුවාට පසු මේ වන විට මීටර් 100කට වැඩි ප‍්‍රමාණයක් ඒ මත ගමන් කර තියෙනවා.
”කිසියම් දුරක් ගියාට පසු අපට අවශ්‍ය වෙනවා, යානය නවතා එහි කි‍්‍රයාකාරිත්වය පරීක්ෂා කර බලන්නට.” කියුරියෝසිටි මෙහෙයුම් කලමනාකරු මයිකල් වොට්කින් පවසනවා.
”මේ පරීක්ෂණය සඳහා තැනිතලා බිමක හිරුට සාපේක්ෂව කිසියම් කෝණයකට මේ යානය නවත්වන්න ඕනෑ. ඉදිරියේ දී එහෙම තැනකට තමයි අපි ළඟා වෙන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා.
--සම්බන්ධිත පුවත් --
- අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!
- අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!
- පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග්‍රහයාට බසින්න සූදානම්!
- නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!
- අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!
1 Comments
එල :)
ReplyDelete