HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලූත් සත්ව විශේෂයක් අපි‍්‍රකාවෙන් සොයා ගනියි! මෙතෙක් හඳුනා නොගත් වඳුරෙක්!

මේ අලූත් වඳුරු විශේෂයේ පස්ස පැත්ත නිල්පාටයි. කොන්ගෝ ජනරජයේදියි හමුවෙලා තියෙන්නෙ. මේ සතා කුඩා කාලෙදි බකුසු මුහුණැති වඳුරාට බොහෝ සෙයින් සමානයි. බකුසු මුහුණැති සත්වයා විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කොපිතිකස් හැම්ලිනි (Cercopithecus hamlyni) කියලයි. මේ අලූතින් සොයා ගෙන ඇති මේ සත්වයා දේශීය වශයෙන් ඇඳින්වෙන්නේ ලෙසුලා කියලයි. සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කෝපිතිකස් ලෝමාමියැන්සිස් (Cercopithecus lomamiensis) කියලයි.

 
ලෙසුලා නම් මේ වඳුරු වර්ගය මින් පෙර හඳුනා නොගත් සත්ව විශේෂයක්

මුලින්ම හමුවෙලා තියෙන්නෙ 2007 දි කොංගෝ ජනරජයේ ප‍්‍රාථමික පාසලක අධ්‍යක්ෂවරයකුගේ නිවසේ ඇති කරද්දියි.

මේ අලූත් සතාගේ පස්සා පැත්ත බකුසු මුහුණැති වඳුරාට වඩා වෙනස් පැහැයක් ගැනීම සුවිශේෂයක් ලෙසයි, පර්යේෂකයන් දකින්නෙ. මේ පිළිබඳව PLoS ONE සඟරාවට විශේෂ ලිපියක් සපයමින් තමයි, මේ අනාවරණයන් කරලා තියෙන්නෙ.

පර්යේෂකයන් කියන විදියට පසුපස නිල්පැහැ වීම මෙතෙක් වෙනත් කිසිම වඳුරකුගේ නුදුටු ලක්ෂණයක්.

මේ සතුන් වනගත වෙසෙන්නේ කොංගෝ ජනරජයේ මධ්‍ය ප‍්‍රදේශයේයි. ඔවුන් කොළවල නටු, පලතුරු හා මල්පොහොට්ටු කමින් ජීවත් වෙනවා. මේ එකම රටකින් කලින් නුදුටු සතුන් විශේෂයක් හමුවූ දෙවැනි වතාවයි, මේ. ඒ අවුරුදු 28කට පස්සෙයි. මේ සතුන් වර්ග සැතැපුම් 6,500ක පමණ භූමි ප‍්‍රදේශයක් පුරා විසිරී ජීවත් වෙනවා. මස් පිණිස දඩයම් කිරීම නිසා දැනටමත් මොවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා!

 
සර්කෝපිතිකස් ලොමාමියැන්සිස් (Cercopithecus lomamiensis) කොංගෝ ජනරජයේ දී අල්ලා ගන්නා ලද තරුණ සත්ව ජෝඩුවක්.

 
මෙවැනි වැඩිහිටි සතුන් වනගතවද හමුවී තියෙනවා.


Post a Comment

1 Comments

  1. මුහුණේ පොඩි හිනාවක් තියෙනවා

    ReplyDelete