HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න අනාගතයේ වැඩට යන්න ඔබට ලැබෙන වාහනය! මෙය ගමන් බිමන්වල විප්ලවයක් ඇති කරාවිද?

බැලූබැල්මට මේක සාමාන්‍යයෙන් ලිස්සා යන පුවරුවක් වාගෙයි. ඒත් මේක විදුලි බලයෙන් කි‍්‍රයා කරන පුංචි යානයක්. නිෂ්පාදකයන් හඳුන්වන්නේ මේක ලෝකයේ සැහැල්ලූතම විදුලි යානය කියලයි. මෙයට පැයට හැතැප්ම 20ක් වේගයෙන් යන්න පුළුවන්.

මේ නිර්මාණය පසුපස ඉන්නා ස්ටැන්ෆ්ර්ඞ් සිසු පිරිස කියන්නේ මෙය අනාගතයේ දී එදිනෙදා ගමන් බිමන්වල යෙදෙන අයට හා සංචාරකයන්ට නැතිව බැරි යානයක් වන බවයි.

 
මේ බූස්ටර් පුවරුව මතින් සාමාන්‍යයෙන් ලිස්සා යන පුවරුවකින් ගමන් කරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලිස්සා යන පුවරුවක් යොදා ගෙන තමයි, විදුලි බලයෙන් කි‍්‍රයා කරන මේ විශේෂ ලිස්සා යන යානය සකසා තියෙන්නේ. මෙහි බර රාත්තල් 12ක් විතරයි.

ධාවනය අතරතුර විදුලි බටරිය ආරෝපණය වෙන විදියටයි, තිරිංග ක‍්‍රමය සකසා තියෙන්නෙ. මෙයට යොදා ඇත්තේ ඇතිල්ලෙන බුරුසු රහිත මෝටරයක්. වොට් 2000 බලයක් පසුපස රෝදවලට සපයනවා.

මෙයට යොදා ඇත්තේ ලිතියම් බැටරියක්. පැය දෙකක් ආරෝපණය (චාර්ජ්) කළාම සැතැපුම් 6ක් (කි.මී. 8.5ක්) යන්න පුළුවන්.

මිල ඩොලර් 1199ක් (රුපියල් 1,15,000ක් විතර) වේවි කියලයි නිෂ්පාදකයන් කියන්නෙ. මෙය නිපදවීම සඳහා අරමුදල් සොයන්න පසුගියදා කික්ස්ටාටර් (Kickstarter) අරමුදලක් ආරම්භ කළා.

 
මේ බූස්ටර් පුවරුවට විදුලි මෝටරයක් හා අතේ ගෙන යාහැකි දුරස්ථ පාලකයක් ඇතුළත්. එහි ඇමරිකන් නිපැයුම්කරුවන් කියන්නේ එය සාමාන්‍ය ගමන් බිමන්වලටත් සුදුසුයි කියලයි.

 
බලය සැපයෙන්නේ කුඩා මෝටරයකින්. පසුපස රෝද කැරකෙන්නේ ඒ මෝටරයට යා කළ රබර් වලල්ලකින්.

 
මුද්දක් සේ පැලඳිය හැකි කුඩා පාලක යතුරක් තියෙනවා, ධාවනයත් තිරිංග තද කිරීමත් කරන්නේ ඒ යතුරෙන්.

 
මේ ව්‍යාපෘතිය පසුපස ඉන්නා ස්ටැන්ෆර්ඞ් කණ්ඩායම කියන්නේ මෙය සාමාන්‍ය ගමන්බිමන්වල කදිම එකක් බවයි.

 
මේ නිෂ්පාදක පිරිස කියන්නේ මෙය සාමාන්‍ය ලිස්සා යන පුවරුවක් සේ පැදවිය හැකි බවයි.

 
මේ පුවරුවේ එකට සම්බන්ධ විදුලි මෝටර් දෙකක් තියෙනවා. මෙය පාලනය කරන දුරස්ථ පාලකයට අවශ්‍ය බැටරිය හා පාලක විද්යුත් පරිපථය ඇතුළු සියලූ දේ ඇත්තේ පාලක පුවරුව යටයි.

කික්ස්ටාටර් කියන්නේ අන්තර්ජාලය හරහා අලූත් අලූත් දේ තනන අයට ආධාර එකතු කර දෙන වෙබ් අඩවියක්. දැනටමත් මේ සඳහා ලොව පුරා අනුග‍්‍රාහකයන්ගෙන් ඩොලර් 260,000ක් ලැබී තියෙනවා. එය ඔවුන් බලාපොරොත්තු වූ ප‍්‍රමාණය මෙන් දෙගුණයක්.

ලබන වසරේ මැයි මාසයේ දී මෙය ජනගත කරන්නට නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. දැනමත් අන්තර්ජාලය හරහා ඔවුන්ට 700කට වැඩි පිරිසකගෙන් ඇනවුම් ලැබී තියෙනවා.

මෙය සැහැල්ලූයි. පාවිච්චියට පහසුයි, ඕනෑම තැනකට පන්ති කාමරයට, කන්තෝරුවට, දුම්රියේ, බස්රියේ, ගුවන්යානයක වුනත් අතේ රැගෙන යා හැකියි. මේ සියවසේ ගමන් බිමන් යන්න ආ විස්මිත යානය මෙයි.

නිෂ්පාදක කණ්ඩායම කියන්නේ ”මේ සඳහා අවශ්‍ය යාන්ති‍්‍රක, විදුලි හා ගගන ඉංජිනේරු විද්‍යා දැනුම අපට ලැබුණේ ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන්.” කියලයි.

Post a Comment

3 Comments

  1. මාර භාණ්ඩක්නෙ ඒක.. පරිසරයටත් හොඳයි.. අනතුරුත් අවමයි..

    මම මේ කල්පනා කළේ ලංකාවෙ එකෙක් ඔහොම එකක් හැදුවනම් එක්කො ඌ හිරේ, නැත්තම් ඌට රට එපා වෙන තැනටම වැඩේ සිද්ද කොරනවා..

    ReplyDelete
  2. නියම ‍තොරතුරක්.....මෙහෙට එද්දි නං ඉන්දියන් බයික් එකක් ගන්න ගාන යනවා හැබැයි!

    ReplyDelete