HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැන් ඔබේ මොළේටත් රිංගන්න විද්‍යාඥයන්ට පුළුවන්! හිතේ තියෙන රහස් සියල්ල එළි කර ගන්නත් ඒ අයට පුළුවන්ද?

ඔබේ පින් අංකය කුමක්ද? ඔබේ වාසය කොහේද? කියා දැන ගන්න. අවශ්‍ය වෙන්නේ වන්නේ සාමාන්‍ය හෙඞ්සෙට් එකක් විතරයි.

ඒක හරියට අනාගතයේ එන විද්‍යා ප‍්‍රබන්ධයක කොටසක් වාගෙයි. සිංදු අහන්න, කී‍්‍රඩා කරන්න යොදා ගන්නා හෙඞ්සෙට් එකක් මගින් මෙය කරන හැටි පෙන්වා දෙන්න විද්‍යාඥයන් පසුගිය දා සමත් වුණා.

මේ හපන්කම කළේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ හා ජිනීවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්. ඔවුන් ඒ සඳහා භාවිත කළේ පරිගණක කී‍්‍රඩාවලදී පැලඳ ගන්නා හෙඞ්සෙට් එකක්. එය හැඳින්වෙන්නේ ඊමෝටිව් බ්රේන්-කොමිපියුටර් අතුරුමුණතක් කියලයි. එය හිසෙහි පලඳවා ගෙන සිටි අයකුගේ බැංකු ගිණුමේ පින් අංකය ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් විද්‍යාඥයන්ට හෙළිදරවු කර ගත්තෑකි.

 
මේ ඉමෝටිව් නම් හෙඞ්සෙට් වර්ගය පැලඳ ගෙන ඒ පරීක්ෂණයට සහභාගි වන කාන්තාවක්.

පරීක්ෂණයට භාජනය වන තැනැත්තා පරිගණක තිරයක් ඉදිරියේ වාඩි කරවා, බැංකුවල, ජනතාවගේ හා බැකුවල භාවිත කරන පින් අංක ආදිය පෙන්වනවා. ඉන්පසු ඔහුගේ මොළයෙන් එන පණිවිඩ කියවනවා, පරිගණකය ඔස්සේ. විශේෂයෙන්ම ඔවුන් පී300 යනුවෙන් හැඳින්වෙන සංඥා තමයි කියවන්නේ. ඒ සංඥා තමයි, මොළය අරුත් බර යමක් දුටු විට ඊට ප‍්‍රතිචාර වශයෙන් පිටවෙන්නේ.

යම් හඳුනා ගැනීමක් ඇති වූ විට මොළයෙන් පී300 සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා, මිලි තත්පර 300ක් ඇතුළතදි. රූපයක් දුටුවොත් ඉබේම නම මතක් වෙනවා. ගෙදර පෙන්නුවොත් එය හඳුනාගත් බවට සංඥා නිකුත් වෙනවා.

”මේ ක‍්‍රමය යොදා ගන්න පුළුවන් වේවි අනාගතයේ දී අපරාධකාරයන් නොකියන රහස් හඳුනා ගන්න.” මේ පර්යේෂණය කළ පිරිස කියනවා.

”මේ මෙවලම්වලට ඉඩ සැලසෙනවා, ඔබේ මොළයේ විද්යුත් නිකර්පර රේඛනයක් ලබා ගන්නට, එහෙමත් නැත්නම් යටි සිතේ ඇති වන කි‍්‍රයාකාරම් නිසා නිකුත් වන ඇතැම් තරංග හා දත්ත හසු කර ගැනීමට.” එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ උපදේශකයකු වන ඉවාන් මැට්රිනෝවිච් කියනවා.

දැන් තිබෙන ප‍්‍රශ්නය අනාගතයේ දී මෙය මිනිසාගේ පුද්ගලිකත්වයට තර්ජනයක් වේවිද යන්නයි.

 
ඊමෝටිව් හෙඞ්සෙට් එකක් අන්තර්ජාලය හරහාත් මිල දී ගන්න පුළුවන්.

 
මේ තමයි ඊමෝටිව් කියන හෙඞ්සෙට් එක. මේකෙන් තමා මොළයෙන් එන තරංග කියවා තොරතුරු හෙළිදරවු කර ගන්නේ.

Post a Comment

2 Comments

  1. ස්තුතියි විස්තරේට! ජය

    ReplyDelete
  2. බොහොම වටින ලිපියක් ස්තුතියි මිතුරා

    ReplyDelete