HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!

අඟහරු වෙත ගිය කියුරියෝසිටි හෙවත් ‘කුතුහලය’ යානය දැන් කරන්නේ මොනවාදැයි දැන ගන්න ඔබ කුතුහලයෙන් ඇති.

පෘථිවි පාලක මධ්‍යස්ථානයෙන් මෙහෙයවන එය දැන් එහි ගොස් මාසයක් වෙනවා. මේ කාලය තුළ පරීක්ෂණ, නිරීක්ෂණ හා අත්හදාබැලීම් ගණනාවක් ම කළා. මේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල පිහිටි ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරය තමයි, ඒ පිළිබඳ තොරතුරු නිකුත් කරන්නේ.

‘කුතුහලය’ යානය එහි ඇති රොබොටික විද්‍යාගරය අඟහරු මත ඇති පාෂාණවල ඛනිජ සංයුතිය විමර්ශනය කරන්නට පටන් ගත්තා. මුලින් ම මිටිගුළියක් තරම් ගල් කැබැල්ලක් ඉලක්ක කර ගෙන ලේසර් දහරාවක් යැව්වා. තත්පර 10ක් පුරා ලේසර් ප‍්‍රහාර 30ක් එල්ල කළා. එක් තත්පරයකින් බිලියනයකින් පංගු පහක කාලයක් තුළ යවන ලද ඒ එක ලේසර් ප‍්‍රහාරයකදී බලශක්තිය වොට් මිලියනයකට වැඩි බලශක්තියක් ඒ සඳහා යෙදෙව්වා. එසේ කළේ අල්පෙනෙත්ති තුඩක් තරම් කුඩා ගල් කැබැල්ලක් පුළුස්සා දැමීමටයි. එයින් නැඟුණු ගිනිපුළිඟු එහි සවි කර ඇති කුඩා දුරේක්ෂයකින් නිරීක්ෂණය කර විශ්ලේෂණය කර බැලූවා.

 
අඟහරු මත මෙහෙයුම් කටයුතු කරන ‘කුතුහලය’ යානය මේ පාෂණය තමයි මුලින්ම පිරික්සුවේ.

මේ යානය අඟහරු මතට සෙමින් පහත් කිරීමට යොදා ගත් ස්වයංකී‍්‍රය දොඹකරය ඔබට මතක ඇති. එය අපි ඔබට පෙන්නුවා අඟහරු මතට ගොඩ බහින විස්තරය කියද්දී. ඒ දොඹකරය එක්වරම අඟහරු මත කඩා වැටීම වළක්වන්නට එහි සතර කොන තිබුණු රොකට් නිසා අඟහරු මත වළවල් හතරක් හෑරුණා. ඒවා ඇති වුණේ ‘කුතුහලය’ යානයට පිටින් කොන් හතරෙයි. ඒ වළවල් නම් කරනු ලැබුවා, බර්න්සයිඞ්, ගෝල්බර්න්, හෙප්බර්න් හා ස්ලීපි ඩ‍්‍රැගන් කියලා. මේ ගෝල්බර්න්වලින් මතු වූ පාෂාණ තමයි මුලින් ම පරීක්ෂාවට ලක් වුණේ.

මේ පරීක්ෂාව කෙරුණේ රසායන විද්‍යාවත් කැමරාවත් එක් කළ උපාංගයකින්. එය හඳුන්වා ඇත්තේ ‘කෙම්කැම්’ (ChemCam) කියලයි.

 
අඟහරු යානයේ ඇති ‘කෙම්කැම්’ කැමරාව යොදා ගෙන ප‍්‍රථම ලේසර් දහර යවා කරන පරීක්ෂණය සිදු කරන තැන.

 
කුතුහලය රෝවරය විසින් එවන ලද කි.මී 5ක් (සැ. 43ක්) උස ෂාප් කන්දේ රූපයක්. රෝවරය මීළඟට නගින කන්ද එයයි.

 
කුතුහලය රෝවර යානයේ මග සොයා යන කැමරාවෙන් ඒ යානයේ කොටස් පෙනෙන අයුරු.

මේ කෙම්කැම් උපාංගයට පුළුවන්කම තියෙනවා, තරංගආයාම 6000කට වැඩි ආලෝක කිරණ පරාසයක් හසුකර ගන්න. දෘශ්‍ය ආලෝක වර්ණාවලියට අමතරව, පාරජම්බුල කිරණ, අධෝරක්ත කිරණ ආදියෙනුත් මිනුම් 14,000ක් පමණ හසුකර ගන්න ඊට පුළුවන්.

පාෂාණ පරීක්ෂණයෙන් පසු ‘කෙම්කැම්’ ලබාදුන් තොරතුරු කන්දරාව මේ මෙහෙයුම මෙහෙයවන අය හඳුන්වන්නේ ඔටුනු පැලඳවීම හෙවත් ‘මෞලිමංග්‍යය’ යන අරුත් ඇති ‘කොරනේෂන්’ (Coronation) යන ඉංගිරිසි වදනින්. ”අපට කොරනේෂන් එකේ තොරතුරු සංඥා අති විශාල ප‍්‍රමාණයක් ලැබිලා තියෙනවා. අපි ඒවා පරීක්ෂා කරන ගෙන යනවා.” නව මැක්සිකෝවේ ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී රොජර් වීන්ස් කියනවා. ”වසර අටක් තිස්සේ මේ උපකරණය තනන්න ගත් වෙහෙසට මෙතෙක් ලද තොරතුරු කන්දරාව වුනත් හොඳටෝම ප‍්‍රමාණවත්” ඔහු තවදුරටත් කියනවා.

කුතුහලය රෝවරය අඟහරු මත දුර ගමන් යැවීමට ප‍්‍රථම ඒ අවට අඩි 1600ක් විතර දුරක් ගමන් කරවා පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ පරීක්ෂණවලින් පසු රෝවරය මාස හයක දිර්ඝ චාරිකාවක් අරඹනවා. එහිදී එහි මුල්ම ඉලක්කය වන්නේ එය දැනට සිටින තැන වූ ගේල් අවාටය අසල වූ ෂාප් කන්ද (Mount Sharp) නැගීමයි.


-- සම්බන්ධිත පුවත් --
'හරි මේස් ජෝඩුව' විනෝදයට පුංචි ගැටලූ නිවැරදි පිළිතුර හෙට මල් කැකුළු තුලින්...

Post a Comment

0 Comments