HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බෝල්පොයින්ට් පැනෙන් ඇඳපු චිත‍්‍ර! අදහන්නත් බැරි දෙයක්!

ඔබ හිතන්නෙ මේ විස්මිත රූප කැමරාවෙන් ගත් සේයාරූ කියල නම් ලොකු වැරදීමක්. මේවා කුරුටු චිත‍්‍රයි!
‘මල් කැකුළු’ කවදත් කැමතියි, මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. ලොව කොහේ සිදු වුනත් අලූත් විදියේ දෙයක්, නව ආරක නිර්මාණයක් ඒවා ඔබට ඉදිරිපත් කරන්නෙ එවැනි අලූත් දෑ කරන්න ඔබවත් පොළඹවන්නයි. මේකත් ඒ විදියෙ එකක්.

මේක අදහන්නත් බැරි දෙයක්! මෙහි ඇති පින්තූර හැම එකක් ම ඇඳ තියෙන්නේ සාමාන්‍ය බෝල්පොන්ට්වලින්.

මේවා ඇඳපු සිත්තරා පෘතුගාලයේ සේවය කරන නීතිඥවරයෙක්. ඔහු නමින් සැමුවෙල් සිල්වා. ඔහු මේක විනෝදෙට කරන දෙයක්. ඒත් මේක සාමාන්‍ය විනෝදාංශයක් නෙවෙයි. මේ එකක් අඳින්න සමහර වෙලාවට ඔහු පැය 50ක් විතර ගත කරනවා

සිල්වා සිත්තරා ඇඳපු චිත‍්‍ර අතර වනදිවියේ රූප විශේෂයි. එයින් සුප‍්‍රකට ලන්දේසි ජාතික සිත්තරකු වූ යොහැන්නස් වර්මීර්ගේ සම්භාව්‍ය චිත‍්‍රයක් වූ ‘මුතු අරුංගල් පැලඳි යුවතිය’ විශේෂයි. ඒ සම්භාව්‍ය සිත්තරාගේ තෙල් සායම් චිත‍්‍රය දිහා බලා ගෙන සිල්වා තම බෝල්පොයින්ට් පෑන්වලින් ඇඳි චිත‍්‍රය මුල් කෘතියෙන් වෙන් කොට හඳුනා ගන්න බෑ. වර්ණ ඡායාරූප දිහා බලා ගෙන සිල්වා ඇඳි චිත‍්‍රත් එහෙමයි.

 
මේක හරියට වර්ණ ඡායාරූපයක් වගෙයි. ඒත් 29 හැවිරිදි නීතිඥ සැමුවෙල් සිල්වා විනෝදයට ඇඳපු චිත‍්‍රයක්.

මේ රතු කෙස් ඇති යුවතියගේ රුව ඡායාරූපයට නැඟුවේ රුසියන් ජාතික ඡායාරූප ශිල්පිණියකු වූ කි‍්‍රස්ටීනා තාරෙයිනාගේ නැමරාවෙන්. ඒත් මෙහි පළ වෙන්නේ වර්ණ බොල්පොයින්ට් පෑන් හයකින් පැය 30ක් ගත කරමින් සිල්වා ඇඳි චිත‍්‍රයයි.

මේ තරම් දීප්තිමත් වර්ණ ගන්නට සිල්වා කරන්නේ ඒවා එකිනෙක කපා යන ස්තරවලින් අඳිනවා. එහෙමයි, විවිධ පැහැයන් මුසු කර අතිරේක වර්ණවලින් ගන්නා ප‍්‍රකාශනය හා ගැඹුර සකසා ගන්නේ.

සිල්වාට මේ බොල්පොයින්ට් පෑන් චිත‍්‍ර අඳින්න යොදා ගන්න එක මාධ්‍යයක් විතරයි. ඔහු ඔහුගේ ‘ඞීවියන්ට් ආට්’ (DeviantArt) පිටුවට ඒ ගැන මෙහෙමයි ලියන්නෙ. ”මම වෘත්තියෙන් නීතිඥයෙක්. චිත‍්‍ර අඳින්නෙ විනෝදාංශයක් හැටියටයි. මේකට පැය පහේ ඉඳලා පැය 50ක් දක්වා කාලයක් මං ගත කරනවා.”

සිල්වා චිත‍්‍ර අඳින්න පටන් ගත්තේ අවුරුදු දෙකේ ඉඳලයි. ”මං ඉස්කෝලෙ යන කාලෙදියි, බොල්පොයින්ට් පෑනෙන් චිත‍්‍ර අඳින්න පටන් ගත්තෙ. ඒවා නිකම්ම සරල චිත‍්‍රයි. වැඩිපුර ඒවා ඇන්දෙ අභ්‍යාස පොත්වල අග තමයි.”

”මං කවදාවත් හිතුවෙ නෑ මේ තරම් අති දක්ෂ බෝල්පොයින්ට් චිත‍්‍රශිල්පීන් රාශියක් ලොවපුරා ඇතැයි කියලා. බෝල්පොයින්ට් පෑන මගේ එකම චිත‍්‍ර මාධ්‍යය නෙවෙයි. මං දැනට දක්ෂතා නංවා ගන්න උත්සාහ කරන්නේ බෝල්පොයින්ට් පැනෙන් චිත‍්‍රවලිනුයි.”

”මේ වන විට මගේ චිත‍්‍රකලා ජීවිතයේ මගේ හැකියාවන් වැඩි කරගෙන තියෙනවා, රටහුණු, පැන්සල්, පැස්ටල්, තෙල් සායම් හා ඇක්රලික් සායම් ආදී අංශවලින්. අනාගතයේ දී ඒවා මුසු කර නිර්මාණ කරන්න මං බලාපොරොත්තු වෙනවා.”

මේ තත්වයට එන්න ලැබීම ගැන මං සතුටුයි. මං හුඟාක් දේ දකින්න, හුඟාක් දේ ගැන ඉගෙන ගන්න ආසයි. අනෙක් සහෝදර ශිල්පීන්ගෙන් නොදන්නා දේ ඉගෙන ගන්නත් කැමතියි.


”මට හුඟාක් කාලය ඕනෑ මගේ චිත‍්‍ර අඳින්න. මං ඒ වෙනුවෙන් ඕනෑ තරම් කාලයක් ගත කරන්න කැමතියි. මේකට මං කැපවීම් කරන්නේ මේ කලාවට මං ආදරේ කරන හින්දයි.”

”බෝල්පොයින්ට් පෑන් මේ තරම් ප‍්‍රබල මාධ්‍යයක් වෙයි කියලා කවුරුත් මීට කලින් හිතන්න නැතුව ඇති.”

සුමාත‍්‍රා ව්‍යාඝ‍්‍රයා ගැන කතා කරමින් සිල්වා කීවේ එය නිම කිරීම සඳහා ඔහුට පැය 20ක් පමණ ගත වූ බවයි. ”මට හැම තිස්සේම හිතුණා, ව්‍යාඝ‍්‍රයෙක් අඳින්න. මං බළලූන්ට ආසයි. ඒ හින්දමයි බළල් පවුලේ මේ ව්‍යාඝ‍්‍රයා අඳින්න හිතුවේ. මං හිතන්නෙ ඔබත් මේ සතාට කැමති වේවි.”

”මේ සතා කැළේ ඉන්නව දැකලයි ඇන්දෙ. ඒකයි මං මේකට වැඩියෙන් කැමති. මේ වගේ බිළාල පවුලේ යෝධයන්ට කැළේ තමයි වැඩියෙන් ඔබින්නෙ. සතුන් වත්ත වත් ඔවුන්ට හොඳ නෑ” ඔහු අවසන් වශයෙන් කියනවා.

 
මේ සුමාත‍්‍රා ව්‍යාඝ‍්‍රයායි. කැළේ ඉන්න විදියටයි, ඇන්දෙ. මං මේකට වැඩියෙන් කැමති ඒකයි” සිල්වා කියනවා.

 
මේ චිත‍්‍රය නිම කළ පසු සිල්වා කීවේ, ”පැය 8ක් ගියා මේක ඉවර කරන්න. මුලින් ම ඇඳපු රාජාලියකුගේ චිත‍්‍රයයි. ඉක්මනින් කළ කටු සටහනක්. මේ චිත‍්‍ර අඳින්න අතහුරු කර ගන්න කරපු එකක්.”

 
”මේක අඳින්න මං හිතුවා පැය 100ක් විතර යයි කියල. ඒත් එහෙම වුණේ නෑ. මේකට තරම් කාලයක් මං කිසිම චිත‍්‍රයකට ගත කරල නෑ”

 
මේ බළලකුගේ චිත‍්‍රයක්. මෙයට ගුරු කර ගත් ඡායාරූපය ඉතා කුඩා ප‍්‍රමාණයේ එකක්.

 
මේ ‘මුතු අරුංගල් පැලඳි යුවතිය’ ලන්දේසි ජාතික සිත්තරකු වූ යොහැන්නස් වර්මීර්ගේ සම්භාව්‍ය චිත‍්‍රය නෙවෙයි. ඒ දිහා බලා ගෙන සිල්වා තම බෝල්පොයින්ට් පෑන්වලින් ඇඳි චිත‍්‍රයයි.

 
මේ සිල්වා ඇන්ද ජගුවරයකුගේ පළමු චිත‍්‍රයයි. මේක අඳින්න ඔහුට පැය 15ක් ගත වුණා.


Post a Comment

9 Comments

  1. දැනුයි දැක්කෙ! හැකියාවේ සීමාවක් නෑ!!

    ReplyDelete
  2. agaya kala yuthu nirmanakaruwek,,patta,,

    ReplyDelete
  3. ඇත්තටම කිව්වොත් ඇඬෙනවා !!! බොහොම ස්තුතියි මේ පින්තූර ටිකට !

    ReplyDelete
  4. මං කවදාවත් හිතුවේ නෑ බොල්පොයින්ට් පෑන් වලින් අදින එකතු කලාවක් කියලා. මාර ගති, පට්ට කියන නුතන වචන මං කවදාවත් පාවිච්චි කරලා නෑ. එත් ඒ වචන වලින් තමා දැන් මට මේ යික දැක්කම කියන්න තියෙන්නේ!

    ReplyDelete