HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ කැතම කැත ලියවිල්ල ලියා ජය ගත්තෝ! ලොව අසාමාන්‍ය සම්මාන උළෙලක්!

හුඟක් ලේඛකයෝ තම නිර්මාණය රසවත් ම එකක් කරන්නට බොහෝ වේලාවක් ගත කරති. ඒ සඳහා පැය ගණනක් හුදෙකලාව කල්පනා කරති. ඒ හොඳම වචන පෙළගැස්ම තම නිර්මාණයට එක් කර ගන්නටය. එසේ බොහෝ වෙහෙස මහන්සි වී කපා කොටා නැවත නැවතත් ලියා ඉදිරිපත් කරන කෘතියට ඉහළම සම්මානයක් දිනා ගන්න, එහෙමත් නැත්නම් ලොකු අලෙවියක් ඇති පොතක් බවට පත් කර ගන්න වාසනාව පෑදෙන්නෙ, ඒ අතරින් ඉතාමත් ස්වල්ප දෙනකුට පමණයි.

ඒත් ලෝකයේ සාහිත්‍ය තරග අතර මෙයට වඩා හාත්පසින් ම වෙනස් තරගයක් ද තිබේ. එහෙත් ඒ තරගයට බාර ගන්නේ දක්ෂම, ප‍්‍රශස්තම රචනය නොවේ, අවලස්සනම රචනයයි. කැතම කැත ලියැවිල්ලයි. වඩාත් ජුගුප්සාජනක ලෙසින් කළ පද ගැළපුමයි. එහි දී සම්මානය පිරිනැමෙන්නේ ජගත් ජුගුප්සාජනක නිර්මාණයටයි. එ සම්මානය හැඳින්වෙන්නේ බුල්වර්-ලයිටන් ප‍්‍රබන්ධ තරගය The Bulwer-Lytton Fiction Contest කියලයි.

 
ජගත් ජුගුප්සාජනක නිර්මාණයට සම්මාන දෙන ඇමෙරිකාවේ සැන් ජෝස්හී සැන් ජෝස් විශ්ව විද්‍යාලය. 1982 සිට පිරිනැමෙන මෙම සම්මානය සඳහා වාර්ෂික තරග වදින්නට ලොව සතර දිග්භාගයෙන් ම තරගකරුවෝ දහස් ගණනක් මෙහි එති.

මෙම තරගයට සහභාගි වන තරගකරුවන් විසින් කළ යුතු වන්නේ නරක ම නවකතාව සඳහා අප‍්‍රසන්න ම ආරම්භක ෙඡ්දයක් ලිවීම පමණයි.

මේ වසරේ, එනම් 2012, සමස්ත තරගාවලියේ ම ජයග‍්‍රාහකයන් පසුගියදා ප‍්‍රකාශයට පත් කෙරුණි. මෙවර එහි ප‍්‍රධාන සම්මානය දිනා ගත්තේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිට පැමිණි ලේඛිකාවකි. ඇය කැතී බ‍්‍රයන්ට් (Cathy Bryant) ය. ඇයගේ නිර්මාණය මේ වසරේ වඩාත් අප‍්‍රසන්න ම පද ගැළපුම ලෙස විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලැබීය. පහත පළ වන්නේ ඇගේ ඒ ජයග‍්‍රාහී නිර්මාණයයි:

'As he told her that he loved her she gazed into his eyes, wondering, as she noted the infestation of eyelash mites, the tiny deodicids burrowing into his follicles to eat the greasy sebum therein, each female laying up to 25 eggs in a single follicle, causing inflammation, whether the eyes are truly the windows of the soul; and, if so, his soul needed regrouting.'

මෙවැනි රචනාවලට නිවැරදි ම පරිවර්තනයක් දීම ඉතා අපහසුය. එහෙත් එහි සාමන්‍ය අරුත මෙසේය:

‘ඔහු ඇයට කී විට, ඔහු ඇයට ආදරය කරනා වග, ඇය ඔහුගේ ඇස්වලට එබී බැලූවාය. මවිතයකි! ඒ ඇස්පිලි ඉනිකුණන්ගෙන් පිරී ඉතිරී ඇති බව ඇය දුටුවාය. ඒ කුඩා කූඩිත්තන් ඔහුගේ ස්‍යුනිකාවන් හාරා, එහි ඇති ස්නේහ ස‍්‍රාවී ග‍්‍රන්ථීන්ගෙන් වෑස්සෙන ගී‍්‍රස් බඳු ද්‍රව්‍ය කන්නට දඟලනු ඇයට පෙනුණි. එක් ඉකිණියක් ඇසිපිල්ලමක් මුල ස්‍යුනිකාවක් තුළ බිත්තර 25ක් බැගින් දැම්මාය. එයින් ආසාදනයට මග පෑදිණ. සත්‍ය වශයෙන් ම ඇස්, ජීවය හෝ ආත්මය හෝ දක්වන කවුළු නම්, ඒක එහෙම නම්, ඔහුගේ ආත්මය යළි හුණු පිරියම් කිරීමක් අවශ්‍ය වන්නේය.’

 
නවකතාකරුවකු හා නාට්‍ය රචකයකු වූ එඞ්වඞ් ජෝර්ජ් බුල්වර් ලයිටන්ට ගරු කිරීමක් ලෙසයි, මේ අමුතු සම්මාන උළෙල සංවිධානය කෙරෙන්නේ.

මෙම අමුතු සම්මාන උළෙල සැන් ජෝස් රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් 1982 දී ආරම්භ කරනු ලැබීය. එදා පටන් සෑම වසරකම දහස් ගණනක් ලේඛක ලේඛිකාවෝ මේ තරගයට සහභාගි වීමට ලොව නන් දෙසින් මෙහි එති.

මෙම වාර්ෂික සම්මාන උළෙල සංවිධානය කෙරෙන්නේ 18 වැනි සියවසේ විසූ ඇමරිකානු නවකතා කරුවකු හා නාට්‍ය රචකයකු වූ එඞ්වඞ් ජෝර්ජ් බුල්වර් ලයිටන්ට (Edward George Bulwer Lytton) ගෞරවයක් වශයෙනි. ඔහු ද අප‍්‍රසන්න වැකියකින්, අඳුරු පරිසරයක් මවමින්, නවකතාවක් ආරම්භ කළ අයෙකි.

අද එම වැකිය ඉංගී‍්‍රසි සාහිත්‍යයේ ඇති වැඩියෙන් ම ප‍්‍රසිද්ධ ආරම්භක වාක්‍යය ලෙස සැලකේ. එම වැකිය යොදා තිබුණේ 1830 දී පළ වූ ඔහු විසින් ලියන ලද ‘පෝල් ක්ලිෆර්ඞ්’ නම් නවකතාවේ ආරම්භයටයි. පසුව ලෝක ප‍්‍රකට වූ ඒ වාක්‍යය මෙසේය:

'It was a dark and stormy night' (‘එය අඳුරු සහ කුනාටු සහිත රාති‍්‍රයකි’).

මෙම වසරේ වික‍්‍රමාන්විත අංශයෙන් ජයග‍්‍රාහකයා වූයේ කැලිෆෝනියාවේ ප්ලේසර්විල්හි ග්‍රෙග් හෝමර් ය. ඔහුගේ නිර්මාණය මෙසේ ය:

'The stifling atmosphere inside the Pink Dolphin Bar in the upper Amazon Basin carried barely enough oxygen for a man to survive – humid and thick the air was and full of little flying bugs, making the simple act of breathing like trying to suck hot Campbell’s Bean with Bacon soup through a paper straw.'

එහි සාමන්‍ය අරුත මෙසේය:

”හුස්ම හිර කරන වතාවරණයක් පින්ක් ඩොල්ෆින් අවන්හලෙහි පැවතියේ ය. ඇමසන් සානුවේ ඉහළ කොටසෙහි පිහිටි එහි වාතයෙහි ඔක්සිජන් තිබුණේ මිනිසකුට යම්තම් දිවිරැක ගැනීමට පමණි. තෙත ඝන වාතයෙන් යුත් එහි පරිසරය පුංචි මැස්සන්ගෙන් පිරී තිබුණේය. සාමාන්‍යයෙන් ඉතා සරල කි‍්‍රයාවක් වූ හුස්ම ගැනීම පවා, මෙහිදී, කැම්බල්ගේ බෝංචි ඇට යොදා තැනුණු උණු බේකන් සුප්, කඩදාසි බීම බටයකින් උරන්නට ගන්නා උත්සාහයක් බඳු විය.

මෙම උළෙලේදී තවත් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබීය. එය හඳුන්වා ඇත්තේ ‘මහා කයිවාරුකාරයාට හිමි සම්මානය’ (Grand Panjandrum’s Special Award) යනුවෙනි. ඒ සඳහා සම්මානය හිමි වූයේ කැලිෆෝනියාවේ හර්මෝසා වෙරළෙන් පැමිණි ලේඛකයකුටය. ඔහු ඬේවිඞ් පෙර් ය. මේ ඔහුගේ නිර්මාණයයි:

'As an ornithologist, George was fascinated by the fact that urine and feces mix in birds’ rectums to form a unified, homogeneous slurry that is expelled through defecation, although eying Greta's face, and sensing the reaction of the congregation, he immediately realized he should have used a different analogy to describe their relationship in his wedding vows.'

එහි සාමන්‍ය අරුත මෙසේය:

 ”පක්ෂි විද්‍යාඥයකු ලෙස ජෝර්ජ්ගේ සිත් ඇදගත් කරුණක් වන්නේ කුරුල්ලන්ගේ කුරුලූ වසුරු හා මූත‍්‍ර ගුද මාර්ගවල දී මුසුව කහළ මග ඔස්සේ ඉවතට මලෝත්සාරණය වන සමජාතීය උකු මිශ‍්‍රණය වැන්නක් නමුදු, ගේ‍්‍රටාගේ මුහුණ ඇස ගැසුණු පසු හා එහි රැස්ව සිටි පිරිසගේ ප‍්‍රතිචාර ඉව වැටුණු පසු ඔහුට වහාම වැටහී ගියේ ඔහුගේ මංගල පොරොන්දුවලට ඇති ඔවුන්ගේ සම්බන්ධතා විස්තර කිරීමට වෙනත් සැසඳීමක් යොදා ගතයුතු බවය.”


Post a Comment

3 Comments

  1. සිංහල බ්ලොග් අවකාශයට ම කියාපු තරගය!

    ReplyDelete
  2. මේ තරගය මෙහෙ තිබ්බා නම් මමත් අනිවාර්යෙන් ,, හොද ලිපියක්

    ReplyDelete
  3. කතන්දරගේ කතාවට මාත් එකඟයි :D

    ReplyDelete