ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.
මෙය මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.
එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAEzBP81Uo6op-t5rNqYPQiD3M7DD3Rk802mF822rgS2kx9TSuJybyMM060C_4z1EgN0pckIINPottAzpt2yAIY1aF0T-n4Z94CtvZ8Ph1GazMYLBAZ6_ycD4O507MgHOvcueq8h53M9U/s320/1.jpg)
‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.
මීට අවුරුදු 41කට පෙර මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා.
ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSpN5-7ZpT8lPc8v7bcPr-d2L182HKHrF71zNLOS9xRE1ZkgwvXU7ebqMspBSL_4kDYMr9-zAddGter8AmHl0sMDVn1feeuv-99PGwnHKVi0LhTHr-F60xqlCgvizqs-A1qPkKNyhtHyk/s320/2.jpg)
තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස් හී ඇති ගිනි ගෙන දැවෙන දැවැන්ත පොළෝ කුහරය මීටර් 70ක් පළලයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmPzVkiWEiD3SPB4PbTdxuw9paEQyBY-w4U_0BqYE0gHUVpfFRXWWrrs2qPRm-xabbIuXCI60y-KcR9BmQjd1yNvI5VAhS0rIfXiHI4c-WeITDEstzMqAA1Vk3eSRGrpI_sy7Zv9Htn0k/s320/3.jpg)
කරකාකුම් කාන්තාරයේ මැද පිහිටි මෙම යෝධ ආවාට විවරය තුළින් ගිනි දලූ විහිදෙන අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO9rgrtxiYJLFHt9B-sqicpoWMKXdxxjteqVrOy7lGRjnR310XUCn_RvT8-SQrPKLpty1hs0V0sL_0qbTnX7nUnHLAcWz1VYFJO0zzhlpHGQVDazw2dfd12oBuHatUhdhmE6g8jb7Q2sc/s320/4.jpg)
මෙම ගින්න දැනට වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ මෙසේ දැවෙමින් තියෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJDWZMYaDcpedo8Lp8D5_TEa8cQt4vUTPUYHBfB8TMu1pK9SHOrNz3FMinJZMFGeeMawDSG7rBTGF9q12Lcr3M0mpqhZhXiI07pFrowYA-mbnL_A5ns9FRVv7hBrKXq6pwI4Ub4KcL9ec/s320/5.jpg)
ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ යනුවෙන් හඳුන්වන මේ විස්මිත විවරය ළං වී බලතොත් පෙනෙන්නේ මෙසේයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi5C3C9T0yswHHvYb5uvfb1cfBo6KyGks8ENHnG6mByeHssNPxm0rwVZ5HPl0jXxQiY5alkipjI9eZ06rUdI2_VTVfXg4OhdV2spZt92DrySMCw4g2ZyATa57loOOo_Jrxjp7l6RYVKwY/s320/6.jpg)
මේ ගින්න හටගත්තේ සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් මෙහි කැණීම් කරද්දී මතු වූ ස්වාභාවික වායු ධාරාවක් පුළුස්සා හරින්නට තැත් කළ අවස්ථාවේදියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghiM126ppfr_l1dbj3ZPZ_K61DZKpRuVcSvREdV3gHWnQnwoW89rHpa08rRCoLdwbyzVxvPW90vJLTD8whSlNGH8f3ZF_3Osj6RWCQELTkip2c6zV6YMAjA91KRkOTJtL3cKvgzXRAmhA/s1600/12.jpg)
‘අපායේ දොරටුව’ පිහිටි තැන. මෙය ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ (Turkmenistan) කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze) හියි.
සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.
මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.
මෙය පිහිටා ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතිනි.
2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.
ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.
මෙම ප‍්‍රදේශයෙහි විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි ඇතැයි සැලකෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGXzUQZNymd9dBakxlkpA1KNrKOCitey9kHqXu_OQDtPetucS07XCeRKVqLWK1JKYrtJbiK4VP12XYFOPlf1SOnTeiGud3MyCquTn40b6qu0QMHT4gaV3q0MiOxneEKgbzFQS1VerpR0U/s320/7.jpg)
මෙය ඒ කලාපයේ හොඳ මඟ සලකුණක් වී හමාරයි. සැතැපුම් ගණනක් ඈත සිට මෙය දැකිය හැකියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWYdhmvKd8X-7tx0Dz0f6WNoPCchefipfRwbc9BYyBDJda7FUQX-HHPmDibV6HovFLMPh618m0Q6HQykxTgrGB3PRTHMxhNJvuEj9A8w2zvSzrBD2xzWWnChnvHTOpg4DP3B6m4pfhpj4/s320/8.jpg)
මේ ගිනි වළ පෙනෙන්නේ ඒ කාන්තරය මැද ඇති රන්වන් පැහැ මිරිඟුවක් ලෙසයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw3nIWJ9H_Ep44FwytF1loU-cmlDPuRl6V7vEk6LJBYN6OwV686C3lejHdOFUexwQ-ltZrHgLRtHXPk78lSdltD0UxdvP8GVx4ATtcch2QLLCkDIMXY76tF0fgrtFFQzve0wJRC68urbo/s320/9.jpg)
1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqL4iS1WsPV5zeA7pbPfYjFgQXFWjKpWAp_LCnotFw81r_BKpIrhEo5fWepwQ7oQF9Ps0Tf2Y_rpLTtiOzibPS9xnioUqToRD1jCqV2Hx_fdriKoMPfZf3igVwYHaTHNhyg1yXYPsndlg/s320/10.jpg)
සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට පිරිස් නොකඩවා එනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMfJVWtpQoMtUoqS2A3E-fOxaTzOc0g0TVMF-7yiv1G96IvZFfYV9qTeaafFHaIRiqp6goylKI90zZ94txpgaKeE-1OAfJ7xGvvbR-lzlH8vyC2-pwi9uJAbfW-Tyia5JThLYsOhMW1uc/s320/11.jpg)
භූ විද්‍යාඥයන් මෙහි ඇති වායුව දින කීපයකින් දැවී අවසන් වෙතැයි කියායි. එහෙත් අදත් එක සේ ගිනි ගෙන දැවෙමින් තියෙනවා.
5 Comments
මෙම අඞවියෙන් නිරතුරුවම දැනුම ලබාගැනිමට හැකියාව තිබෙනඅතර මම නිතරම මෙම අඩවීයට පැමිණෙනවා;ඉදිරියටත් පවත්වාගෙනයන්න.බොහෝමත්ම ස්තූතියි.
ReplyDeleteඅහලම නැති විස්තරයක්....ස්තූතියි බෙදා හදා ගත්තට.....
ReplyDeleteබොහොම ස්තූතියි... මේ ගැන දැනගෙන හිටියෙ නෑ....
ReplyDeleteමේකනම් නියම ලිපියක්. ගොඩක් ස්තුතියි සහෝදරය. දිගටම ලියන්න.
ReplyDeleteබොහොම අගෙයි... ලස්සන ලිපියක්... ස්තූතියි ඔබට
ReplyDelete