HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ ඉහළ ම ලෝම කුමරිය ඇයයි. තායිලන්තයේ සුපාත‍්‍රා සසුපාන්!

තායිලන්තයේ ඇඟ ලෝමවලින් පිරුණු ගැහැනු ළමයෙක් ඉන්නවා. බැංකොක් නගරයේ ෆානකෝන් හී පදිංචි ඇගේ නම සුපත‍්‍රා සසුපාන් (Supatra Sasuphan) ලෝකයේ ලෝම කුමරිය ලෙස ඇය කිරුළු පැලැන්දා පමණක් අද ඇය මේ නිසාම ලෝක ප‍්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.


ඇය රෝම බහුලත්වය හෙවත් රෝමසතාව (Hirsutism) මනින ෆෙරිමන් ගැලවේ ක‍්‍රමයට අනුව ඇය මෙතෙක් ලොව රෝම වැඩිම තැනැත්තා ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා. මෙය සිදු වූයේ 2010 මාර්තු 4 වැනිදා ඉතාලියේ රෝම නගරයේ දී ඇය සහභාගි වූ විශේෂ ටෙලිවිෂන් වැඩ සටහනකදියි.

එම වැඩ සටහන ඉදිරිපත් කළ මාකෝ ෆි‍්‍රගටි කීවේ, ”ඇය විස්මයජනක පුංචි කෙල්ලක්. ඇයට ස්වභාවයෙන් ම මේ ලැබුණු තත්වය ගැන ඇය ආඩම්බර වෙනවා. ඇය කියන්නේ ඇයටත් අනෙක් අයට වාගේ සමානව සලකන්න කියායි. මේ තත්වය ඇය ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ වෙනස නිසා අනිත් අය ඇය දිහා වෙනස් විදියකට බලාවිදැයි යන්න තමයි අපට තියෙන ගැටලූව” කියායි.

සුපත‍්‍රා කියන්නේ, ඇයට එහෙම වෙනසක් නොදැනෙන බවයි. ”මට පාසලේදිත් ගොඩාක් යාළුවො ඉන්නවා.” දැන් ඇය ලෝක ප‍්‍රසිද්ධයට පත් වෙලා තියෙන්නෙ. ”මං පළවෙනි වතාවට තමයි මං තායිලන්තයෙන් පිටට ගියේ.” ඇය ඉතාලි ගමන ගැන කියනවා. ”මට මේ අතින් ලෝකයේ පළමු වැනියා වෙන්න ලැබීම ගැන සතුටුයි. එදා තමයි මගේ ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස.” 

Post a Comment

1 Comments