Skip to main content

අපේ අහසේ ගිගුම් දුන් ‘සිංහ පැටවු’ - කෆීර්

අපේ ගුවනේ වේගයෙන් සැරිසරන කෆීර් යානා නොදුටු කෙනෙකු අප අතර නැති තරම්ය. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මේ ජෙට් ප‍්‍රහාරක යානාවකට මිනිත්තු කීපයක් ඇතුළත ශී‍්‍ර ලංකාව තුළ ඇති ත‍්‍රස්තවාදී ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කොට ඇසිල්ලකින් ආපසු පැමිණිය හැකි විය. විවිධ වර්ගයේ හා ප‍්‍රමාණයේ බෝම්බ දමන්නටත්, මිසයිල ප‍්‍රහාර එල්ල කරන්නත්, මි.මී. 30 කාල තුවක්කුවකින් වෙඩි මුර 140ක් තියන්නත් පුළුවන. ඒ සඳහා යන්නේ එකම එක නියමුවෙකි.


කෆීර් යන හීබ්රූ වදනෙහි අරුත ‘සිංහ පැටියා’ යන්නය. මෙය ඊශ‍්‍රායල් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවන ඕනෑම කාලගුණයක දී එකසේ කි‍්‍රයාකළ හැකි, කාර්යයන් රැසක් එක විට කළ හැකි නවීන ප‍්‍රහාරක යානයකි.

කෆීර් ප‍්‍රහාරක යානා ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ සේවයට ආවේ 1975 දීය. පළමු ප‍්‍රහාරක බල ඇණියට ඉන් යානා කීපයක් එක් විය. ඊළඟ වසර කීපය තුළ තවත් අලූත් කෆීර් ප‍්‍රහාරක යානා රැසක් බල ඇණි කීපයකට ම එක් විය. මේ යානාව ඊශ‍්‍රායලයේ ‘ගුවනේ බලවතා’ වී වැඩි කාලයක් ගත වූයේ නැත. 1976 දී ඊශ‍්‍රායලයට එෆ්-15 ඊගල් ප‍්‍රහාරක යානා ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය කි‍්‍රයා කළේය. ඉන්පසු ඊශ‍්‍රායල හමුදා ගුවන් යානා අතර මුල් තැන එම යානයට හිමි විය. දැන් යළිත් වැඩි දියුණු කිරීම නිසා දැන් කෆීර් යානය නැවතත් අහසේ වීරයා බවට පත් වී තිබේ.


වාර්තා ගත ව ඇති පරිදි කෆීර් යානයේ ප‍්‍රථම ගුවන් ප‍්‍රහාරය සිදු කර ඇත්තේ 1977 නොවැම්බර් 9 වැනිදාය. ඒ ලෙබනනයේ ටෙල් ආසියාහී ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරකටය. කෆීර් යානයක් අහස් සටන්වල දී ලත් ලොකු ම ජයග‍්‍රහණය ලෙස සැලකෙන්නේ 1979 ජූනි 27 වැනි දා සිරියාවට අයත් රුසියාවේ තැනූ මිග්-21 යානයක් වෙඩි තබා බිම හෙළීමය. ඒ හපන්කම කළේ කෆීර් සී-2 ප‍්‍රහාරක යානයකි.



ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 1995-1996 කාලය තුළ කෆීර් සී 2 යානා 6ක් ද කෆීර් ටීසී 2 එක් යානයක්  ද මිල දී ගත් බව අන්තර් ජාලයේ සඳහන් වී තිබේ. 2000 දී මිල දී ගත් කෆීර් සී 2 යානා හතරත් සී 7 යානා හතරත් සමග 2005 වන විට තවත් කෆීර් ගුවන් ප‍්‍රහාරන යානා 9ක් ගුවන් හමුදාව විසින් මිල දී ගෙන ඇත. දැනට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කෆීර් ටීසී 2 යානා දෙකක් ද සී 7 යානා දෙකක් ද සී 2 යානා අටක් ද මෙහෙයුම්වලට යොදා ගනියි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අද මෙම කෆීර් යානා කොටි ත‍්‍රස්තවාදීන්ගේ විශේෂයෙන් තෝරා ගත් ඉලක්කවලට පහර දීමට යොදා ගන්නා බව කෆීර් යානා පිළිබඳ ව අන්තර්ජාල තොරතුරුවල සඳහන් කොට ඇත.


විවිධ වැඩට තැනූ කෆීර් යානා
විවිධ කාර්යයන් සඳහා විශේෂයෙන් සැකසුණු කෆීර් යානා ගණනාවක් ම ඇත. එම යානා බොහොමයක් ම කෆීර් සී 1 නම් වූ මූලික යානය පදනම් කොට ගෙන තැනූ ඒවාය. ඇමෙරිකානු හමුදාව යොදා ගන්නා ‘එෆ්-21 ඒ ලයන්’ නම් වූ යානය ද කෆීර් සී 1 යානයේ ප‍්‍රහාරක හැකියාව වැඩි දියුණු කළ එකකි. ඊශ‍්‍රායාලය විසින් මේ වර්ගයේ යානා 25ක් මුලින් ම වැඩි දියුණු කොට ඇමෙරිකානු හමුදාවට ලබා දී ඇත. මේ යානාවල වායු චූෂණය සඳහා විශේෂ පියාපතින් ඔබ්බට විහිදුණු කුඩා තටු බඳු කොටස් සවි කර තිබේ. ඒවා නිසා යානයේ හැසිරවීමේ හැකියාව වැඩි වී ඇති අතර පියසැරියේ දී වේග පාලනය ද තමන්ට අවශ්‍ය ආකාරයට සිදු කර ගැනීමට නියමුවාට පහසු වී ඇත.

කෆීර්-සී 2 යානය යනු සී 1 යානයේ ම තවත් වැඩි දියුණු කළ එකකි. වායුගතික හැකියාව වැඩි කරන වෙනස්කම් රැුසක් එහි දැකිය හැකිය. මහ තටුවලින් පිටතට විහිදුණු කුඩා උල් හැඩැති තුඩා තටුවලින්, නැහැය යටින් ඇති දාරයෙන් හා එහා මෙහා කළ හැකි පියසැරි පාලක උප තටුවලින් මේ වෙනස්කම් කර තිබේ.

කෆීර්-ටීසී 2 යානය යනු සී 2 යානය නියමුවන් පුහුණුවට අවශ්‍ය පරිදි ආසන දෙකක් සහිත ව වැඩි දියුණු කළ එකකි. එහි නැහැය උලට, දිගට හා පහතට නැඹුරු වන සේ නිපදවා ඇත්තේ නියමුවාට අවට හොඳින් පෙනෙන ආකාරයටය.

කෆීර්-සී 7 යානය විශාල වෙනස්කම් සහිතව වැඩි දියුණු කළ එකකි. දැන් බොහොමයක් සී 2 යානාත් මේ මට්ටමට වෙනස් කර තිබේ. එය වැඩි වේගයක් හා බලයක් ජනිත කළ හැකි ආකාරයට දියුණු කර ඇත. එහි උඩුකුරු තෙරපුම සියලූ ජෙට් දැල් වූ පසු  රාත්තල් 1000කින් වැඩි කර තිබේ. මේ නිසා ගෙන යා හැකි උපරිම බර රාත්තල් 3,395කින් වැඩි වී ඇත. නැහැය ඉදිරියෙන් වායු චූෂණය සඳහා විශේෂ කවුළු දෙකක් ද ඇත. හදිසි ආපදාවක දී නියමුවා යානයෙන් ඉවතට විසි කළ හැකි වන පරිදි මෙහි නියමු අසුන සකසා ඇත. නියමුවාට එහි ඇති පරචූටයේ ආධාරයෙන් දිවි ගලවා ගත හැකිය. නියමු කුටියට ද නව රේඩාර් පද්ධතිය සමග නව ඉලෙක්ට්‍රොනික හැසුරුම් උපාංග එක් කර තිබේ.

කෆීර්-ටීසී 7 යානය සී 7 යානය නියමුවන් පුහුණුවට අවශ්‍ය පරිදි ආසන දෙකක් සහිත ව වැඩි දියුණු කළ එකකි.

කෆීර්-සී 10 යානය විදේශ රටවල අලෙවිය සඳහා ම විශේෂයෙන් නිපදවන්නකි. මෙහි අති නවීන රේඩාර උපකරණ සවි කර ඇත. නවීන යුද අවි ද නියමුවාගේ කටයුතු පහසු කිරීම පිණිස වෙනත් ආම්පන්න ද මෙයට එක් කර ඇත. කෆීර් සීඊ හා කෆීර් 2000 කියා ද මෙම යානය හඳුන්වනු ලැබේ.

දැනට මෙම කෆීර් යානා ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ‍්‍රායලය, ශී‍්‍ර ලංකාව, කොලම්බියාව, පිලිපීනය, එක්වදෝරය යන රටවල භාවිතයට යොදවා ඇත.


කෆීර් සී 2 යානයක තතු

පොදු තොරතුරු
  • යා හැකි මගීන් ගණන: එකයි
  • දිග: මීටර 15.65 (අඩි 51 අඟල් 4.25)
  • පියාපත් විදැහීම: මීටර 8.21 (අඩි 26 අඟල් 11.5)
  • උස: මීටර 4.55 (අඩි 14 අඟල් 11.5)
  • පියාපත් පරාසය: වර්ග මීටර 34.80 (වර්ග අඩි 374.60)
  • යානයේ සාමාන්‍ය බර: කිලෝග‍්‍රෑම් 7,285 (රා. 16,060)
  • පැටවුම් බර: කිලෝග‍්‍රෑම් 10,415 (රා. 22,961)
  • උපරිම එසවුම් බර:කිලෝග‍්‍රෑම් 14,670 (රා. 32,340)
  • බල සැපයුම් පිරියත: අයිඒඑල් බෙඩෙක් (ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ජේ-79-ජේඑල්ඊ ටර්බෝජෙට් සහිත) එංජිම.

කාර්ය සාධනය
  • උපරිම වේගය: පැ.කි.මී 2,440 (පැ.සැ.1,516)
  • යා හැකි දුර: කි.මී. 770 (සැ. 480)
  • පියසර මට්ටම: මී 17,700 (අඩි 58,000)
  • නැග්මේ වේගය: තත්පරයට/මී. 233.3 (මිනි/අඩි45,930)

රැගෙන යා හැකි අවි
  • ගිනි අවි: මිමි 30 කාල තුවක්කු 2යි.
  • ගෙන යා හැකි උපරිම බර: කි.ග‍්‍රෑ. 6085 (රා. 13,415)
  • බෝම්බ: Mk-82, GBU-13 සහ ග‍්‍රිෆින් LGB වර්ග, TAL-1 සහ TAL -2 CBU වර්ග, BLU-107 ඩියුරැන්ඩල්,HOBOS
  • එල්ල කළ යුතු රොකට් විදින
  • මිසයිල: ෂරයික් ARM වර්ග, මෙවරික් ASM වර්ග, සයිඞ්වයින්ඩර්, ෂෆීර් හා පයිතන් ශ්‍රේණියේ AAM වර්ග

Comments

  1. ලංකාවේ පාවිච්චි වෙන 12ට , වැටිච්ච කැඩිච්ච අයින් කරලද ඔය ගැන හැදුවේ.

    හොද ලිපියක් ස්තුතියි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.