
මෙම විද්‍යාත්මක ගවේෂණ චාරිකාවේ සංවිධානය කරනු ලැබුවේ ක්‍රෙම්ලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ආක්ටික් ගවේෂකයෙක් ලෙස ප‍්‍රසිද්ධ ආතර් චිලිංගාරෝව් විසිනි. ආතර් චිලිංගාරෝව් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම මීට පෙර උත්තර ධ‍්‍රැවයේ මූදු පතුළ ගවේෂණය කර රුසියානු ධජයක් පවා එහි සිටවූහ. මෙම ගවේෂණ චාරිකාවට දේශපාලනමය පසුබිමක්ද තිබේ. එක්සත් රුසියා පක්ෂයේ පූර්ණ අනුග‍්‍රහය තමාට ලැබුණු බව ආතර් චිලිංගාරෝව් පවසයි.

බයිකල් විලේ පතුළට යමින් වාර්තාවක් පිහිටුවීමට හැකිවූයේ රුසියාවේ නිෂ්පාදිත මීර් 2 නම් කුඩා යාන්ති‍්‍රක සබ්මැරීනයටයි. එය බයිකල් විලේ මීටර 1,680 ක් (අඩි 5,512) ගැඹුරු පතුළට ළඟාවිණි. මෙම ගවේෂණය ඇරඹීමේ ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ගෝලීය උණුසුම බයිකල් විලට කෙසේ බලපාන්නේදැයි තේරුම් ගැනීමටයි. එමෙන්ම විල් පතුළේ තෙල් හෝ වායු තිබේදැයි දැන ගැනීමටද මෙම ගවේෂණය ඉවහල් වෙයි. ‘අපට ඕනෑ බයිකල් විල හොඳින් අධ්‍යනය කිරීමට සහ එය ආරක්ෂා කර ගන්නයි’ ගවේෂණය ඇරඹීමට මොහොතකට පෙර බයිකල් විලේ පිහිටා ඇති ‘තර්කා’ නම් තොටුපොළේ මීර් 1 සහ 2 සබ්මැරීන සූදානම් කරමින් සිටි අවස්ථාවේදී ආතර් චිලිංගාරෝව් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.

සෙමින් සෙමින් විලේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යද්දී විවිධ ගැඹුරු සීමාවන්වලදී ජල සාම්පල සහ පස් සාම්පල එකතු කර ගැනීමක් සිදු කෙරිණි. මීට පෙර හඳුනා නොගත් නව ජීවීන් කිහිප දෙනෙක් සොයා ගැනීමටද ගවේෂණ කණ්ඩායමට හැකිවිණි. මේ වන විට බයිකල් විලට පමණක් ආවේණීක වූ ජීවීන් 1,700 ක් සිටිති.
බයිකල් විල, ‘බ්ලූ අයි ඔෆ් සයිබීරියා’ නැතහොත් ‘සයිබීරියාවේ නිල් ඇස’ ලෙසින්ද හැඳින්වේ. ධාරිතාව අතින් ලොව විශාලතම මිරිදිය පොකුණ ලෙස සැලකෙන්නේ ද මේ බයිකල් විලය. 1996 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස බයිකල් විල නම් කෙරිණි.
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














1 අදහස්:
බොහොම ස්තුති සහෝදරයා හැමදාම වගේ වටිනා ලිපියක් මම ඔයාගේ හැම ලිපියක්ම කියවනවා
Post a Comment