HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ අවලස්සනම සතුන් කවරේද? මිහිමත වෙසෙන සතුන් අතරින් කැත මුහුණු ඇති සතුන්!

ලෝකයේ අවලස්සනම සතුන් කවරේද? මේ මිහිමත වෙසෙන සතුන් අතරින් කැත මුහුණු ඇති සතුන් ගැන ටීවී වැඩ සටහනක් හදල තියෙනවා.

මේ විදියට ‘අවලස්සන මුහුණු ඇති සතුන්’ කියා ඒ අයට කියන එකට අකමැති අයට ‘මවට පමණක් ආදරය කළ හැකි මුහුණු ඇති සතුන්’ කියලා දමා ගන්න පුළුවන්.

නැෂනල් ජ්‍යොග‍්‍රෆික් වයිල්ඞ්වල අලූත් ම ටීවී වැඩසටහනක තමයි, මේ අමුතු මුහුණු ඇති සතුන් දැක ගන්න ලැබෙන්නේ. මේ වැඩ සටහන රූ ගැන්වීමට ගවේෂක හා සත්ව විද්‍යාඥවරියක වන ලූසී කුක් ලෝකය පුරා ම ගියා.

 
කෙන්යාවට ආවේණික වූ මේ සත්වයා ‘නේකඞ් මෝල් රැට්’ (නිරුවත් වැලි මීයා) එක් අමුතු සතෙක් මේ වැඩසටහනට අයත්.

”හැම වැඩසටහනකින් ම පෙන්නන්නෙ ලස්සන සුරතල් සතුන් විතරයි, ඒ නිසා මං කල්පනා කළා විකාර අංග ලක්ෂණ තියෙන සතුන් ගැන ටීවී වැඩසටහනක් හදන්න. මේ ඒකෙ ප‍්‍රතිඵලයයි.” ලූසී කුක් කියනවා.
ඇය මහාද්වීප තුනකටම ගියා මේ සතුන් සොයා ගෙන. සොබාදහමේ ඉන්නා ජනපි‍්‍රය නොවන සතුන් එක් රැස් කිරීම ලේසි නැහැ. පෙනුමෙන් අවලස්සන යැයි වැඩි දෙනා පිළිගන්නා එසේ ම විකාර අංග ලක්ෂණ ඇති සතුන් මහත් රාශියක් ඇගේ කැමරාවට අසු වුණා. මෙහි දැක්වෙන්නේ ඒ සතුන් අතරින් ඒ අතින් මුල අංක දහයට වැටෙන සතුන් දස දෙනායි.

ආසියාව, ඕස්ටේ‍්‍රලියාව හා අපි‍්‍රකාව යන මහාද්වීප තුන හරහා ඇය ගමනෙදියි මේ සතුන් මුණ ගැහුණේ.

 
මේ ගිජුලිහිණියා ලූසී ප‍්‍රමුඛ කණ්ඩායමේ එක තේරීමක්.

 
ආසියාවේ හා අපි‍්‍රකාවේ වෙසෙන මේ කබල්ලෑයා තවත් අවලස්සන සතෙක්.

 
මේ ප්‍රොබෝසිස් වඳුරා හොඬවැලක් වගෙ නාසයක් ඇත්තෙක්.

 
සත්ව ලෝකයේ ශක්තිමත්ම හක්ක තියෙන මේ ‘තස්මේනියානු යක්ෂයා’ කැත පෙනුමක් ඇත්තෙක්.

 
ටිටිකාකා විලේ ඉන්නා මේ ගෙම්බාගේ සිරුරේ එතුනු වැඩිපුර සමක් තියෙනවා. ඒ ඔක්සිජන් වැඩිපුර උරා ගන්නයි.

 
මේ මකුළුවටත් තියෙන්නෙ අමුතු මුණක් - නම ගෝලඩන් බ‍්‍රවුන් බැබූන් මකුළුවා.

 
දිග නාසයක් ඇති මේ සතා කැරිබියානු දූපත්වල වෙසෙන සෙලෙනෝඩන්

 
මේ අයි අයි ලීමරයාට දිගු කන් තියෙනවා. ඝන ලොමින් වැසුණු සමක් ලොම් පිරුණු වලිගයක්ද තියෙනවා. මැදැඟිල්ල හරිම දිගයි.

 
මේ සයිගා ඇන්ටිලොප් වර්ගය වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා. කසකස්ථානයේ කොටසකත්, සයිබීරියානු තණ බිම්වලත් දකින්න පුළුවන්.

 
මේ ලූසී කුක් ඉන්නේ බෝනියෝ දූපතේ ඉන්නා ප්‍රොබොසිස් වඳුරෙක් සමගයි.


Post a Comment

1 Comments

  1. මෙ එක සතෙක් වත් මෙහෙ නැහැ නේද?

    ReplyDelete