පොළෝ ගර්භයේ පිහිටි පාෂාණ රටා ආලෝකමත් කළ විට අදහගන්න බැරි තරම් ලස්සනයි! හරියට පිට සක්වළ පරිසරයක් කියල පහසුවෙන් ම රැවටෙන්නත් පුළුවන්.
මේ විස්මිත ලෙන් උමං පද්ධතිය ඇත්තේ නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ (Austria) ඔබීර් ට්‍රොප්ස්ටින් (Obir Tropfsteinh) නම් ස්ථානයේයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4ZLyaDZ2L_l_4mNxsXE-N6VPVHr4zMX9MC5k9odDOWIF5IVrc_m7vGesw1s8OpYJJPG09lL49OIJ1WQmalIEH3RC1IANWkmMYKCVEyccih1ClsXbEWPjeBvoR3gliaJSeoi_LZMYI_v0/s320/1.jpg)
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ මේ නව උමං පද්ධතියේ පුංචි ලෙනක් තුළ වතුර කාන්දු වන ආකාරය මනින්න විද්‍යාත්මක උපකරණ සවි කරන අයුරු.
ලෙන් හා උමං ලෙස පොළොවේ අඩි සියගණනක් ඈතට විහිදී ගිය මේවා ගවේශනය කිරීමෙන් අවට ප‍්‍රදේශවල දේශගුණික වෙනස්කම් සිදු වන ආකාරය ගැන ඇති ගැටලූ විසඳා ගන්නට උපකාර වෙතැයි විද්‍යාඥයන්ගේ විශ්වාස කරනවා.
ඔස්ටි‍්‍රයාවේ ඇල්ප්ස් කඳුකරයේ පාෂාණ තුළින් වසර බිලියන ගණනක් තිස්සේ ජලය කාන්දු වූ ආකාරය සිතියම් ගත කරන්නට විද්‍යාඥයන් මෙහි සිට විශාල ප‍්‍රයත්නයක් දරනවා.
ඔවුන් භූගත ජලාශවලට ජලය යන මාර්ග සොයා ගැනීමට ප‍්‍රතිදීප්ත ඩයි වර්ගයක් පාවිච්චි කරනවා.
බි‍්‍රතාන්‍ය ඡායාරූප ශීල්පී රොබී ස්ටෝන් අඩි සිය ගණනක් පොළොව යටට විද්‍යාඥයන් සමග ගියා, මේ ලෙන් හා ඒවා තුළ ඇති ස්ඵටික මෙන් ම පාෂාණ රටා නරඹන්න හා ඡායාරූපයට නගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9YrK_TxYREOGKRTRWmOHUiSsC_gqmIipflvccZR42sCuHrKUr3CFCGTWasqwHLWvGWEVbuYw2g-7DmDGXXAHAaPlwAXFNA8nAmsQ9DTidS9Jj7qAB6AjymHooHMov9MAoksKAgikIt-s/s320/2.jpg)
ආචාර්ය ජිනා මෝස්ලි ඔස්ටි‍්‍රයාවේ ටිරෝල්හී ඉපැරණි ලෙනක් වන ග්ලෝකන් සැචැට් තුළට කඹයක ආධාරයෙන් බසින අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3VL7KzZboVKMEFxb-zQPpFNmYE7vNuwjL34A3yWx7oyGWYfHdzfW8KdW4U1qOIpCWzJ560wFarHKwdYs6wP0b8YRbpoFzsO2BRF31MMGOMRxKsPxEnQn-RpofpNHh_6v74J3z-qHjfH8/s320/3.jpg)
ඔස්ටි‍්‍රයාවේ ලෙන් ගවේශනයේ යෙදුණු ආචාර්ය ජිනා මෝස්ලි කඹයක ආධාරයෙන් ලෙන් විවරයෙන් එළියට ආ අයුරු. සරුවට වැඩුණු කොළ පැහැති ශාකවලින් ලෙන් විවරය වට වී ඇති අයුරු බලන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDEqnwhyPsVwcBs3tv65NWDvXEDif35AJUuv3J23Z_BNKFGPycmZqoVZzrdS2n7BaHLksvGJ2bEdbT3uyi-wdQX8xHlfvQ7nWs9sHRkQDC_-JQoYsBnA0m6RA35CvesPSFQClW6jqbXNM/s320/4.jpg)
ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්ටක්ස් ග්ලැසියරය තුළ පාෂාණ රටා විහිදී ඇති අන්දම.
මැන්චෙස්ටර් නගරයෙන් ආ මේ 32 හැවිරිදි ඡායාරූප ශිල්පී රොබී මේ අත්දැකීම ගැන කියන්නේ මෙහෙමයි: ”ලෙන් ඉතා අසීරු, අනුකම්පා විරහිත ස්ථානයි. ඒ පරිසරය ඉතා දුෂ්කරයි. මොනම විදියක හෝ ආලෝකයක් නැති මුළුමනින් අඳුර රජ කරන ඒ වගේ තැන්වල අඩිය තියන්න ඕනෑ ඉතා පරිස්සමෙන්. කොයි වේලේ අනතුරක් වෙයිද කියන්න බැහැ”.
එහි අනතුරුදායක තත්වය නොසලකා රොබී ඒ ලෙන් හා උමං තුළට කැමරා ආම්පන්න හා අලෝක කරන උපකරණ රැගෙන ගියේ ලෙන් තුළ ඇති ඒ විස්මිත දසුන් ඔබ වෙත ගෙන එන්නයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWz6mxzjxy1qyOyvlCj3KOBCMPsVT2vnvYjOHSMpCcWO4BDAsCUBsjj6DdmrvqA6zMMl9pCAqfjHahIZ3FAcd049T9cbkUJ05ZOCdKYO4cf7bR9FZFpWymBwCx1n9aRY1poBpF1tHDzwg/s320/5.jpg)
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන තුළ ජලය රැස්වී ඇති අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivIe1mFUNGynVdmTZTqBdqQC1nFxBjYUEFSOYENUcdO3Zabp1CyOm7jPah1TQ4s-uzgkaqNXJxoedmWjUxqup6s5LjvkO0qMofytNIqSmv66ib8kXkt6YSY_jn9o3GBp5gpYoeBwpg1Xk/s320/6.jpg)
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQD3ewWlqJa-WYwTcYp1PEoG7BFFZjbPrHGj75TtCrrTLiLhKcdKB09pTdAeR1hYTROKBkmS6mDKs8MWsLZQGzI9OeVJqBZQlpUtKTxs3apifUdj5iZZHXW39VeI-hg9DsSQv04vAUH8A/s320/7.jpg)
ආචාර්ය උපාධියට හදාරන සුසාන් බ්රෑන්ඞ්ස්ටටර් ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්යක්ස් ග්ලැසියරය තුළ ගල් ලෙනක් පරීක්ෂා කරද්දී.
”මේ පින්තූර දකින බොහොම දෙනෙක් විස්මයට පත් වන්නේ ඔවුන් කිසිදාක මෙවැනි දසුන් දැක නොමැති නිසයි. ඒ විතරක් නොවෙයි, වැඩි දෙනෙක් මේ වගේ ගැඹුරු තැන්වලට යන්නේ නැහැ. මේ වගේ ලෝකයක් තමන්ගෙ දෙපා යට තියෙනව කියල ඔවුන් කවදාවත් හිතන්නවත් නැතුව ඇති.
”මේ විදියට පොළොව යට ලෙන් උමං ආදිය දිහා බලන්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒ මොකද ලෙන් ගවේශනය කරන අය වුනත් යන්නේ හිසේ පුංචි ටෝච් එකක් එක්ක. ඔවුන්ට මෙහි ලස්සන පේන්නේ වරකට එළිය වැටෙන පුංචි ප‍්‍රදේශයක විතරයි. මේ විදියට ලොකු ආලෝක ධාරා ගෙනිහින් ආලෝකමත් කරල පින්තූර ගන්නේ පළමු වතාවටයි.” ඔහු වැඩිදුරටත් කියනවා.
1 Comments
සිරා මචං ලස්සනයි ඇ. දැනුම බෙදුවට ස්තූති..
ReplyDelete