HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පරණ යෙහෙළියෝ : ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්!

මීට අවුරුදු හැටකට පෙර එස්. පී. පෙරේරා මහතා ‘පාඨකයා’ සඟරාව තුළින් ඉදිරිපත් කළ පැන පොඩි අදත් එක සේ රසවිඳිය හැකියි. අද ජීවතුන් අතර නැති ඒ මහතා සිහිකිරීම පිණිස, ඔබේ රස වින්දනය උදෙසා අපි ඒවා වරින් වර පළ කරමු. පහත පළ වෙන්නේ ඒවා අතරින් එකකි.


පරණ යෙහෙළියෝ
සේරසුන්දර නෝනා ස්කෝලයට යන කාලයේ සිටි මිතුරියක් ඈ දකින්නට ආවාය. දෙදෙන පිළිසඳර කථාවෙහි යෙදී සිටියහ.

දැන් අවුරුදු දහයක් විතර වෙනවා නේද අපි ස්කෝලයෙන් අස්වෙලා?

එකොළහයි හරියට.

ළමයි කී දෙනෙක් ඉන්නවද දැන්?

ඇයි මිලී හරි ගණන් කාරි නොවැ, ස්කෝලෙ යන කාලෙ? මා කියන්නන් ගණනක්. මගේ ළමයි සැවොම ස්කෝලෙට ගිහින්. දැන් ගෙදර එන වෙලාව. පළමුවෙන්ම එන දෙදෙනා දූ වරුන්ම දෙදෙනෙක් වීමේ වාර ගණන හා නොවීමේ වාර ගණනපනහට පනහයි.

හා! මා දන්නවා. ළමයින් හතර දෙනයි.

මිලීගේ උත්තරය හරිද? පිරිමි කීදෙනාද? ගෑනු කීදෙනාද?

පිළිතුර හෙට මල් කැකුළු බලන්න...


Post a Comment

6 Comments

  1. 4 දෙනයි
    එකා යකා වෙච්ච පවුලක් :-D

    ReplyDelete
  2. ඒකිවුවේ එක කොලුවයි.

    ReplyDelete
  3. ඒකිවුවේ එක කොලුවයි.

    ReplyDelete
  4. පිරිමි 2 ගැහැණු 2

    ReplyDelete
  5. කෙල්ලො 2යි කොල්ලො 1යි.

    ReplyDelete
  6. කෙල්ලො 2යි කොල්ලො 1යි.

    ReplyDelete