මේ මිසර මමිය මෙසේ සීටී ස්කැන් පරීක්ෂාවට ලක් කිරීම නිසා ඔහුගේ ශිෂ්ටාචාරයේ සැඟවුණු රහස් රැසක් හෙළි කර ගනීමට හැකියාව ලැබුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0nFKUaLlMRsEbL0s5FyNekGvFMzXrtSlfp5tbWnjjZYX8-pJ-_IT1Ug6U368Il7xZJXuqiogZDS94AFSKotO6Pc-7IX4dh_WrKBpzYCIIa1trf4_ugzq7-bGwoYvSifpAT1Lgr-WjgZw/s320/1.jpg)
බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තිබූ මේ මමිය මැන්චෙස්ටර් රාජකීය රෝහලේ දී ස්කැන් පරීක්ෂාවකට ලක් අවස්ථාවේ දී.
මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයකු වූ ආචාර්ය අබීර් හෙල්මි කියන්නේ දැන් ඇති අති නවීන එක්ස්රේ තාක්ෂණය අනුව බහාලූවල දමා මුද්‍රා තබා ඇති ඓතිහාසික පුරාවස්තු එසේ තිබිය දී ම, ඒවා විවෘත නොකර ඒ තුළ ඇති දෙයෙහි පැහැදිලි ති‍්‍රමාන රූපයක් ගන්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCMwHAzIwF3SgKzjHKkfRzxwug7o0JT_4sjx_02bFVzK_0g1PJ67U6ieshuusIcNWzcjSIVPu3J-Hba0qioZfaSoCCcNQYACDZpEa4Hr2que0WGe_IAPhe5Xvl6JUX72PldyZ4yG_vMlQ/s320/2.jpg)
ස්කෑනරයට යොමු කරන්නට මොහොතකට පෙර ඊජිප්තියානු (මිසර) මමිය ගෙන ගිය අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXLoFqgB2PoSenSrFdHB_S0ox26Ymygocqt1aXvRhojX8UCtFxgEu82EKj-5vD3uCuc-0h_RQ1o2365jniUHVxhiz_VIdvSB9SqGxKSq6aFg68EDJYjwiXKYT8LyKTGdZb5vkGPsbSz6o/s320/3.jpg)
බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙහි ඇති මමියක් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වූ අබීර් හෙල්මි වෙනුවෙන් මැන්චෙස්ටර් රෝහලේ දී ස්කැන් යන්ත‍්‍රයට ඇතුළු කළ අවස්ථාව.
මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය හෙල්මි මෙහි දී බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙහි තිබූ මමි හතක් පරීක්ෂණයට ලක් කළා.
ඒ එකක් පූජකවරියකගේ. ආරක්ෂාවට පලඳින රන් සුර 11ක් ඇය වෙත තිබුණා. එය ඇය උසස් සමාජ තත්වයක් ඇති අයකු බව හෙළි කරන්නක්.
තවත් මමියක් 12 හැවිරිදි ගැහැනු ළමයකු බව හෙළි වුණා. අනිත්වා පිරිමි මමි වුණා.
ඒ සියල්ල රැගෙන ගියා මැන්චෙස්ටර් රාජකීය රෝහලට සාමාන්‍ය රෝගීන් මෙන් ස්කැන් යන්ත‍්‍රයට යොමු කිරීමට.
මෙයින් ලැබුණු තොරතුරු අනුව කි‍්‍රස්තු පූර්ව 900 දී තරම මිසර ජාතිකයන් තුළ පැවති සෞඛ්‍ය තත්වය හා හැසිරීම් රටා ආදිය ගැන මෙතෙක් නොලද දැනුමක් ලබා ගත හැකි වුණා. ඒ කාලේ තමයි, මිසර ජාතිකයන් මළ සිරුර කල් තබා ගත හැකි නව සංරක්ෂණ තාක්ෂණ ක‍්‍රම භාවිත කරන්නට වූයේ.
”ඔවුන් මමිකෘත කිරීම වසර දහසක් විතර කාලයක් තිස්සේ කළා. ඒ තාක්ෂණය හැම විට අත්හදා බැලීම් මත අලූත් කළා.” ආචාර්ය හෙල්මී කියනවා.
”ඔවුන්ට හැම විට ම අවශ්‍ය වුණා, ජීවත්ව සිටියදී තරම් ලස්සනට මළායින් පසුවත් හිඳින්නයි ඔවුන්ට අවශ්‍ය වුණේ. ඇස්වලට පවා ගල් එබ්බ වූයේ ජීවත්ව සිටිය දී සිටි ආකාරය දැක්වීමටයි.
ඔවුන් මිහිදන් කරන විට එතුම් පටි පවා යොදා තිබුණා. එයින් අපට දැන ගන්නට හැකි වුණා, ඒ පවුල්වල විස්තර හා ඒ කාලේ භාවිත කළ ද්‍රව්‍ය මොනවාද යන්න ආදිය ගැන.
ඒ මමි හතෙන් දෙකක් නීරක්තියෙන් පෙළුණ බව හෙළිවුණා. ළාබාලම තැනැත්තා දත් රෝගවලින් පෙළුණා. ඔවුන් ආහාරයට ගත් පාන් (රොටි)වල වැලි බහුලව තිබීම නිසා දතේ එනමලය අකාලයේ විනාශ වී ගොස් තිබුණේ නැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz3TfkrRJ0ExLbXjtPlu9uh9L4WDuzmCMGmkSr-DqLkWCRJ6lYeZPaDz7EVtv5UavAg8p67EFQxnEwtKcFhaJGKRv4AwuXbTTyi_Nznze43GqCHqAsBvZ0j1Ua4BRgnS4XtQ9yTVGqp1w/s320/4.jpg)
මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වූ අබීර් හෙල්මි ඇගේ පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ලන්ඩනයේ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ මැන්චෙස්ටර් රෝහලේ දී ස්කැන් කිරීමට එහි භාරකරුවන් කැමති කරවා ගැනීමට සමත් වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWLSJIMDJYGAKsFKWtjMuwcLO1AujVbqs0z-2jn4MzDl90wSSuqwy4P9JxsbsiiH9ac2E0UG8VXz37ISzwwCJ39T3qrh0mcCjPYgWgERl_RosIYmDkatxSwKXCx2eAU-fCU8nwPH9o32k/s320/5.jpg)
බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙහි ඇති මමියක් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් වූ අබීර් හෙල්මි විසින් මැන්චෙස්ටර් රෝහලේ දී ස්කැන් පරීක්ෂණයට ලක් කළ අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiV5AcJ6x4pWrug5-wxe80JAjzCvh-VIQlkC_MJgfwGoG0KGFXcCdjMo5M1-RSN9-nVRZ2j3oNNlUfyeYFMVg1YwS_GEAOzh7RNPl_I2bo8XtaFjgNwl_DIi_v_f1Xa0QFG2iKT0JikPFE/s320/6.jpg)
ඒ බහාලූවක පිටත රූපය මෙසේ කැමරාවට නැඟුවේ පරීක්ෂණයේ අවශ්‍යතාවක් සඳහායි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOpQM5qY6wtbg40Sgh6_mTzLi4ytX5RFLUUA1r2eC9qFrCQv-kSaIKnCIL_HWK9S8iO45BMtG5NCYmPR1uOLc45EeVQ1z2Hc7npCJPy0t-ItJlT33lU-2jRRj3V9d7OuwJ-Twt42F7jrE/s640/7.jpg)
බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය සතුව ඇති මමියක පූර්ණ ස්කෑනයක් කළ අවස්ථාවක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8__71gdCSz7No5-Yt4rOsdLHAELIeC6-ylOsZTnSsWxCoYb5B0dTd2TYFpYVPbf2VKThrkojcUlR5tqAz-1NeGX3SE7fc-wFeuy6V6zhHkEEA9EOTdZ_sMfMB5LyPoTpPIAZ-mFXTw9E/s320/8.jpg)
බහාලූව තුළ ලෝහ පලඳනා තිබූ බව දැක ගත හැකි වුණා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEa0sBTn4F1Wokqlb0Nit0tZo6s8_dkYZSpD4eP7CKgGCyKg9_pRse3ux6SwGyTcQLtOz-cLBfxbUMYJP73cIDZU16Qmzveaxe_bFetm3BjRjUL0qTLDE4JnJL0chfTJfjqqmWQ7JqiGI/s320/9.jpg)
ස්කැනරය මගින් ගන්නා සේයාරූවලින් ඒ බහුලූව තුළ අස්ථි පිහිටා ඇති ආකාරය තෙරුම් ගත හැකියි.
1 Comments
WoW
ReplyDelete