HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ දී ඔබට ජනේලයෙන් විදුලියත් ලබා ගන්න පුළුවන්!

මෙච්චර කලක් සූර්යකෝෂ ගැන කීවේ ඒවායේ දිස්නය ඇහැට වදයක් හැටියටයි. ඒත් දැන් ඒකට විසඳුමක් ඇවිල්ලා! ඇහැට වදයක් නැති වීදුරුවක් වගේ විනිවිද පෙනෙන සූර්යකෝෂ පැනල තනන්නට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.

අනාගතයේ දී ඔබට ජනේලයෙන් පිටත බලන ගමන් ඒ ජනේලයෙන් ම විදුලියත් ලබා ගත්තෑකි. මේ පිළිබඳව සාර්ථක පර්යේෂණයක් කරන්න ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් යොමු වෙලා! ඒ අනුව ඔවුන් නව ආරක පොලිමර් සූර්යකෝෂ විශේෂයක් නිපදවල තියෙනවා.

මේ පොලිමර් සූර්යකෝෂවලින් විදුලි බලය නිපදවන්නේ ප‍්‍රධාන වශයෙන් අධෝරක්ත ආලෝකය උරා ගනිමින්. මේ පොලිමර් සූර්යකෝෂ නිපදවා ඇත්තේ මිනිස් ඇසට සියයට 70ක් විනිවිද පෙනිය හැකි අයුරිනි. ඒවා තැනෙන්නේ ප‍්‍රකාශ-සකි‍්‍රය (photo-active) ප්ලාස්ටික් වර්ගයකින් වන නිසා අධෝරක්ත ආලෝකය විදුලි දහරක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් එයට තියෙනවා.

 
ජනේලවලට යොදන, හිරු රැසින් විදුලිය නිපදවිය හැකි, ප්ලාස්ටික් වර්ගය විනිවිද පෙනෙනසුලූ ය.

මෙම අධ්‍යයනයේ නායකයා වූ කැලිෆෝනියා විශ්විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු අංශයේ මහාචාර්ය යැං යැං කියන්නේ, ”විනිවිද පෙනෙන පොලිමර් සුර්යකෝෂ තැනීම ගැන ලත් මේ ප‍්‍රතිඵලවලින් තවත් නොයෙක් භාවිතයන් මතු වෙනවා. මේවා ජංගම ඉලෙක්ට්‍රොනික උපාංගවලට, ජනේලවලට, ගොඩනැගිලිවලට එක්කළ හැකි ප‍්‍රකාශ වෝල්ටීය සම්බන්ධතාවලට හා වෙනත් නෙයෙක් භාවිතයන්ට යොදා ගත හැකි බව”යි.

යැං තවදුරටත් කීවේ මේ පොලිමර් ප්ලාස්ටික් ද්‍රව්‍යය කෙරෙහි මුළු ලෝකය පුරා ම විශාල උනන්දුවක් ඇති වී තිබෙන බවයි.

”අපේ අලූත් පොලිමර් සූර්යකෝෂ තනා ඇත්තේ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින්. එය සැහැල්ලූයි. නැමෙනසුලූයි. ඒ විතරක් නොවෙයි, වඩාත් වැදගත් වන්නේ ඒවා ඉතා අඩු වියදමෙන් විශාල පරිමාණයෙන් නිපදවන්න පුළුවන් වීමයි.” යැං කියනවා.

පොලිමර් සූර්යකෝෂ විශාල අවධානයක් දිනා ගෙන ඇත්තේ සූර්යකෝෂ තාක්ෂණයට වඩා මේවායේ ඇති වාසිදායක තත්වයන් නිසයි.

විද්‍යාඥයන් පවා පරීක්ෂණ පවත්වනවා පොලිමර් සූර්යකෝෂවලට භාවිත කරන නව ද්‍රව්‍යය ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා භාවිත කළ හැකිද යන්න පිළිබඳව. එවැනි භාවිතයන් අතර උසස් ප‍්‍රතිඵල ලබා දිය හැකි විනිවිද පෙනෙන ප‍්‍රකාශවෝල්ටීය මෙවලම්, ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණවලට සවිකළ හැකි ප‍්‍රකාශවෝල්ටීය ආරෝපණ මෙවලම් ආදිය දැක්විය හැකියි.

 
දැනට භාවිත කරන මේ සූර්යකෝෂ පැනල අනාගතයේ දී යල්පැන ගිය එකක් වේවි.

මෙයට කලින් උත්සාහයන් ගණනාවක්ම ගනු ලැබුවා මේ සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන හෝ අර්ධ වශයෙන් විනිවිද පෙනෙන සූර්යකෝෂ තනන්නට. ඒත් ඒවා හරි ගියේ නැහැ. ඒ ආලෝකය හරිහැටි ඒවා තුළින් ගමන් නොකිරීමයි, එහෙමත් නැත්නම් ඒවා යොදා ගැනීමෙන් උපකරණවල කාර්යක්ෂමතාව අඩු වීමයි.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට අනුබද්ධ කැලිෆෝනියා නැනෝ සිස්ටම්ස් ආයතනයේත්, හෙන්රි සැමුවෙල් ඉංජිනේරු හා ප‍්‍රායෝගික විද්‍යා පාසලේත්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා හා ජෛවරසායන විද්‍යා අංශයේත් පර්යේෂකයන් පිරිසක් මේ කාර්යය සඳහා දායක වෙලා තියෙනවා.

අධෝරක්ත කිරණවලට ආසන්න ආලෝක ධාරාවලට සංවේදී පොලිමර් විශේෂයක් භාවිත කරමින් රිදී නැනෝ කම්බියකින් යුත් පටලයක් යෙදූ විනිවිද පෙනෙන ඉලෙක්ට්‍රෝඩයක් එකතු කර මේ විනිවිද පෙනෙන පොලිමර් සුර්යකෝෂ තනා තියෙනවා. ඔවුන් එය ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි බව නිදර්ශන සහිතව පැහැදිලි කළා.

මේවා සවිකළ විට හිරුගෙන් ලැබෙන ආලෝක කිරණවලින් අපට පෙනෙන ආලෝක කිරණ බොහෝ දුරට මේ පොලිමර් වීදුරුව තුළින් ගමන් කරන අතර විදුලිය නිපදවීමට භාවිත කෙරෙන්නේ අධෝරක්ත කිරණවලට ආසන්න කිරණ පමණයි. එයිනුදු උපරිම බලශක්තියක් ලබාගත හැකි වන පරිදි මෙය සකසා තියෙනවා.

”අපට ඉතාමත් සතුටට පත් වුණා, මේ නව නිපැයුම ගැන. මෑතදී මේ පිළිබඳව ලබා ඇති විද්‍යාත්මක දියුණුව මේ විනිවිද පෙනෙන සූර්යකෝෂවලට එක් කිරීමෙන් ජනේලයට විදුලිය සන්නයනය කරන උපාංග සවි කිරීමට හැකිවීම ඇත්තෙන් ම විස්මයට කරණක්.” කැලිෆෝනියාවේ නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ පෝල් එස්. වීස් කියනවා.


Post a Comment

0 Comments