HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතය පියාසර කරයි! හයිපර්සොනික් එක්ස්-51 වේව්රයිඩර් ජෙට් යානයේ මංගල ගමන අරඹා මොහොතකින් කඩා වැටෙයි! මිනිත්තු පහෙන් සියල්ල වතුරේ!


බෝම්බහාරක බී-52 යෝධ ගුවන් යානය අහසට නැංගා. ඒත් යුද්ධයකට අවතීර්ණ වෙන්න නොවෙයි. එක්ස්-51ඒ නම් නව ගුවන් යානයක් අත්හදා බලන්නයි.

සැලැස්මට අනුව මෙම යෝධ බී-52 යානයට පැවරුණේ මේ නව ගුවන් යානය ඉහළ අහසට ගෙන ගොස් පැසිපික් සාගරය උඩ දී මුදා හරින්නයි.


කැලිෆෝනියාවේ මෝයාවි කාන්තාරයේ පිහිටි එඞ්වඞ් ගුවන් කඳවුරේ සිට මෙම යානය ඉහළ අහසට ගෙන ගියේ බෝම්බහාරක යානයක තටුවක එල්ලා ගෙනයි.

සැලසුමට අනුව අඩි 50,000ක් ඉහළ අහසේ දී එය මුදා හරිනු ලැබුවා. රොකට් බූස්ටරයක් දල්වා එහි වේගය මැක් 4.5ක් දක්වා වැඩි කෙරුණා. ඉන්පසු එහි යානයේ ඇන්ජිම දල්වා ඒ වේගය මැක් 6ක් දක්වා වැඩි කර යානය අඩි 70,000ක් ඉහළට ගෙන යන්නයි, සැලසුම් කර තිබුණේ. ඒත් යානය අතරමගදී පුපුරා ගියා. මෙවරත් ඒ සඳහා වැය ඩොලර් මිලියන 300ක් වතුරේ ගියා.

මේ මෙහෙයුම සැලසුම් කර තිබුණේ තත්පර 300ක් (මිනිත්තු 50ක්) පියාසර කරන්නයි. මේ තරම් දිගු වේලාවක් මෙවැනි යානයක් මෙතෙක් පියාසර කර නැහැ. ඒත් සැලසුම් කර තිබූ ආකාරයට එය සිදු වූයේ නෑ. බී 52 යානයෙන් වෙන් වූ පසු යානයේ පාලන කෙටි පියාපතක හදිසියේ ඇති දෝෂයක් නිසා සමබරතාව නැති වී ගියා. ප‍්‍රධාන රොකට් ඇන්ජිම දල්වන්නත් පෙර එකපාරටම පුපුරා මුහුදට කඩා වැටුණා.

ග්ලෝබල් සෙකියුරිටි (Globalsecurity.org) වෙබ් අඩවියට අනුව මෙම වේව්රයිඩර් යානා ව්‍යාපෘතියට ඩොලර් මිලියන 250-300ත් අතර ගණනක් වැය වී තියෙනවා. ඒ වෙබ් අඩවිය කියන විදියට කලින් මේ අත්හදා බැලීමේ අවස්ථා කීපයක් ම ඇන්ජින් සවි කළාටත් පසුව නවතා දමා තිබිලයි, දැන් මේ වතාවේ සිදු කර ඇත්තේ.





Post a Comment

0 Comments