සැලැස්මට අනුව මෙම යෝධ බී-52 යානයට පැවරුණේ මේ නව ගුවන් යානය ඉහළ අහසට ගෙන ගොස් පැසිපික් සාගරය උඩ දී මුදා හරින්නයි. එවිට නව ගුවන් යානය තත්පර කීපයක් ඇතුළත පැයට සැතැපුම් 4,500ක් වේගයක් ලබා ගනිමින් ඉහළ අහසේ පියාසර කරන්න පටන් ගන්නවා. ඒ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක්.
ලන්ඩනයේ සිට නිව්යෝක් යන්න පැයකටත් අඩු කාලයක් යන්නෙ. මේ තමා එක්ස්-51ඒ වේව් රයිඩර් යානයට මැක් 6 ළං වූ වේගයකින් (ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වැඩි වේගයකින්) යතෑකි.
වේව් රයිඩර් යානයේ පිය සැරිය:
(1) බී-52 බෝම්බහාරක යානයකින් අඩි 50,000ක් ඉහළ අහසේ දී මුදා හැරේ.
(2) තත්පර හතරක් අහසේ නිදහසේ පාවී අවුත් ගමන් අරඹන්න පෙර බූස්ටර එන්ජින් තත්පර 30ක් පණ ගැන්වෙයි. ජෙට් ගමනට පෙර මැක් 4.5ක වේගයක් (පැ.සැ. 3,425ක්) ලබා ගනි.
(3) අඩි 70,000ක් ඉහළ අහසේ දී නව යානයේ රොකට්ටු දල්වා මැක් 6ක (පැ.සැ. 4,000කට වැඩි) වේගයක් ලබා ගනී.
(4) මිනිත්තු 4ක පියසැරියකට පසු ඇන්ජින් නිවා දමා යානය පැසිපික් සාගරයට ඉහළ අහසේ පහළට එයි. යානයේ තතු ගොනුව: කැලිෆෝනියාවේ ප‍්‍රැට් ඇන්ඞ් විටිනි රොකට්ඩයින් ආයතනයේ දී තනන ලද්දක්. චලනය වන කොටස් කිසිවක් නැහැ. බල සැපයුම ජේපී-7 ඉන්ධනවලින්.
වාතයේ ඇති ඔක්සිජන් දහනයට ගන්නා නිසා සාම්ප‍්‍රදායික රොකට්වල මෙන් ඔක්සිජන් ගෙන යාමට විශාල ටැංකි අවශ්‍ය නැහැ. කි‍්‍රයා කරන හැටි:
(ඒ) වාතය ඇන්ජිම තුළට ඇද ගෙන අධි පීඩනයට ලක් කෙරේ.
(බී) වායු ධාරාවට විදින හයිඩ‍්‍රජන් ඔක්සිජන් හා අධි පීඩනයට ලක් වෙද්දී දැල්වීම සිදුවේ.
(සී) අවසානයේ දී රත් වූ වාතය පසුපසින් පිට වීමෙන් අවශ්‍ය වේගය ලබා දෙයි. ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා ගමන: වේව් රයිඩර් යානයට පැය 1 (අඩි 70,000ක් ඉහළින්); කොන්කෝඞ් පැ.2 මි.52 (අඩි 58,000); බෝයිං 747 පැය 7-8 දක්වා (අඩි 31,000).
කැලිෆෝනියාවේ මෝයාවි කාන්තාරයේ පිහිටි එඞ්වඞ් ගුවන් කඳවුරේ සිට බෝම්බහාරක යානයක තටුවක එල්ලා ගෙන මෙම යානය ඉහළ අහසට ගෙන ගියා.
අඩි 50,000ක් ඉහළ අහසේ දී එය මුදා හරිනු ලැබුවා. රොකට් බූස්ටරයක් දල්වා එහි වේගය මැක් 4.5ක් දක්වා වැඩි කෙරුණා. ඉන්පසු එහි යානයේ ඇන්ජිම දල්වා ඒ වේගය මැක් 6ක් දක්වා වැඩි කර යානය අඩි 70,000ක් ඉහළට ගෙන ගියා.
මේ මෙහෙයුමට ගත වූයේ තත්පර 300ක් (මිනිත්තු 5ක්) විතරයි. මේ තරම් දිගු වේලාවක් මෙවැනි යානයක් මෙතෙක් ගමන් කර නැහැ. සැලසුම් කර තිබූ ආකාරයටම මේ ඓතිහාසික ගමනින් පසු යානය මුහුදට කඩා වැටුණා. එය ගොඩගැනීමක් සිදු වන්නේ නැහැ.
ගුවන් යානයක ඊළඟ පියවර වන්නේ හයිපර්සොනික් පියසැරියයි. පියසැරියක් මෙසේ හැඳින්වෙන්නේ එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වැඩි වේගයකින් පියාසර කරන විටයි.
”හයිපර්සොනික් පියසැරි වේගයක් ලබා ගැනීම හරියට බමන යෙදූ ගුවන් යානයක සිට ජෙට් යානයට මාරු වීම වැනි පෙරළියක්.”මේ අත්හදා බැලීම සාර්ථක වීම ගැන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට මෙසේ අදහස් දැක් වූවේ රොබට් මර්සියර්. ඔහු ඔහියෝ ගුවන් හමුදා පර්යේෂණාගාරයේ අධිවේගී පද්ධති අංශයේ නියෝජ්‍ය තාක්ෂණික ප‍්‍රධානියායි.
”රයිට් සහෝදරයන්ගෙන් පස්සෙ කළ වැදගත්ම අත්හදා බැලීම මෙයයි. ගුවන්යානයක් වඩාත් හොඳින් හා වඩාත් වේගවත් යන ආකාරයයි, මේ අත්හදා බැලීමෙන් කෙරුණේ. මේ හයිපර්සොනික් පියසැරිය ගුවන්යානා විද්‍යාවේ දියුණු කළ හැකි අංගයක්. මං හිතන්නේ අප දැන් ඉන්නේ ඒ ලෝකයේ එළිපත්තෙයි.” ඔහු තවදුරටත් කියනවා.
මෙම ව්‍යාපෘතියට මුදල් යෙදවූයේ නාසා ආයතනයත් පෙන්ටගනයත් එක්වයි. පෙන්ටගනය මෙහි සාර්ථකත්වය අනාගත හමුදා ගුවන්යානවලටත් නව අවි සඳහාත් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ග්ලෝබල් සෙකියුරිටි (Globalsecurity.org) වෙබ් අඩවියට අනුව මෙම වේව්රයිඩර් යානා ව්‍යාපෘතියට ඩොලර් මිලියන 140ක් වැය වී තියෙනවා. ඒ වෙබ් අඩවිය කියන විදියට කලින් මේ අත්හදා බැලීමේ අවස්ථා කීපයක් ම ඇන්ජින් සවි කළාටත් පසුව නවතා දමා තිබිලයි දැන් මේ වතාවේ සිදු කර ඇත්තේ.
මේ අත්හදා බැලීමේ යානය ඉහළට ගෙන ගියේ බී-52 බෝම්බහාරක යානයක තටුවක එල්ලා ගෙනයි. මුදා හළ පසු එහි ඇන්ජින් මැක් 6ක වේගයකට, එනම් තත්පරයට මීටර 2000ක වේගයකට පණ ගැන්වෙනවා.
දැනට ලෝකයේ ඇති වේගවත් ම මගී ගුවන් යානය වූ සෙස්නා සයිටේශන් එක්ස් යානයට යා හැකි උපරිම වේගය මැක් 0.9ක්, එනම් පැ.සැ. 700ක්. එහි යා හැක්කේ මගීන් 7 දෙනකුට පමණයි.
ඊළඟට උපරිම වේගය ඇත්තේ පැ.සැ. 685ක වේගයෙන් යා හැකි ෆෝල්කන් 7එක්ස් හා පැ.සැ. 675ක වේගයෙන් යා හැකි ගල්ෆ්ස්ටී‍්‍රම් ජී550 යන යානාවලටයි.
මැක් ඒකකය යොදා ගන්නේ ශබ්දයේ වේගයට සාපේක්ෂව වස්තුවක්, මෙහි දී ගුවන් යානයක්, ගමන් කරන වේගය මනින්නයි. ශබ්දයේ වේගය මැක් 1 යනු පැයට සැ. 761.2ක වේගයට සමානයි.
ඕනෑම අහස් යානයක් ශබ්දයේ වේගය ඉක්මවා ගියොත් අධි තරංග ශබ්දයක් (sonic boom)නිකුත් වෙනවා. එවිට ඒ අවට ප‍්‍රදේශය එම අධි තරංග ශබ්දය නිසා ඇති වන කම්පනයෙන් ගිගුම් දෙනවා. එය මිනිස් කනටත් දරන්න බැරි දෙයක්. ජනෙල් වීදුරු වැනි දේ බිඳී යා හැකියි. 2003 දී නවතා දමන තෙක් කොන්කෝඞ් යානය යානය තමා පැය තුනහමාරකින් අත්ලාන්තික් හරහා අධි වේගයකින් මගීන් ගෙන ගියේ.
පසුගිය වසරේ අගෝස්තුවේ මේ හයිපර්සොනික් පියසැරිය අත්හදා බැලීම අතරමගදී අත්හැර දමන්නට සිදු වූයේ එහි දී ඇති වූ අධික රත්වීමට යානයේ මතුපිට ඔරොත්තු නොදීම නිසයි.
පෙන්ටගන් පර්යේෂක කණ්ඩායම හඳුන්වන්නේ මේ හයිපර්සොනික් පියසැරිය ඔවුන්ගේ ගුප්ත ගුවන් යානා ගමන්වලට සතුරාගේ මිසයිල ප‍්‍රහාර මග හැර යාමට යොදා ගත හැකි ක‍්‍රමයක් බවයි. සාම්ප‍්‍රදායික ටර්බයින බලය යෙදූ ජෙට් ඇන්ජින්වලින් මේ වේගය ලබා ගත නොහැකි නිසා මේ හයිපර්සොනික් ඇන්ජින් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි ඔවුන් දකින්නේ.
විශේෂඥයන් විශ්වාස කරන විදියට පැයකට අඩු කාලයක් තුළ ඉලක්කයකට යැවිය හැකි එකම ප‍්‍රහාරක අවිය මේ හයිපර්සොනික් මිසයිලය පමණයි. මෙයට න්‍යෂ්ටික අවියක් සවි කිරීමෙන් ඉතා දුර ඇති සතුරු ඉලක්කයක් වෙත මෙතෙක් කල් නොවූ විරූ ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බවයි, ඔවුන් කියන්නේ.
5 Comments
වටිනා ලිපියක් ස්තූතියි
ReplyDeleteAre you sure
ReplyDeletehttp://security.blogs.cnn.com/category/x-51a-waverider/
නියමයි. මමත් බ්ලොගයක් හැදුවා ලොව වටා සංචාරක තොරතුරු
ReplyDeleteඇතුළත්. ඒ පැත්තටත් ගිහින් පොඩි හෙල්ප් පාරක් දෙන්න ම්තුරනේ.
http://samakayawate.blogspot.com/
හොද ලිපියක්, එල.
ReplyDeleteබොහොම ස්තුති සහෝදරයා හැමදාම වගේ වටිනා ලිපියක්
ReplyDelete