HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ති‍්‍රමාන (3D) පි‍්‍රන්ටරයකින් සිඟිති එමාට ‘මැජික් අත් දෙකක්’! පරිගණකයේ ආශ්චර්යයක්!


ති‍්‍රමාන (3D) මුද්‍රණ යන්ත‍්‍රයකින් (පි‍්‍රන්ටරයකින්) කළ හැකි විස්මය ගැන කලින් ඔබට පෙන්නුවා මතක ඇති. මේ එවැන්නක් මගින් රොබෝ මෙවලමක් තනා අත් සෙලවිය නොහැකි දරුවකුට උපකාර වූ ආශ්චර්යමත් අවස්ථාවක්!

මේ සිඟිති දැරියගේ නම එමා. වයස යම්තම් අවුරුදු දෙකක් වුණා පමණයි. ජීවිතයේ පළමු වතාවට දැන් මේ සිඟිත්තියට ඇගේ අත් එහා මෙහා කළ හැකි වී තියෙනවා.

එමා උපදිනකොටම අත්වල මාංශ පේශී හැසිරවීමේ සංකූලතාවකින් පෙළුණා. එය සන්ධිචාලක විභ‍්‍රමේක්ෂ බහුවිධ සංකූලතාවක් (arthrogryposis multiplex congenita) ලෙසයි, හැඳින්වුයේ.

ඇයට ති‍්‍රමාන බාහිර සැකිලි මුද්‍රණ යන්ත‍්‍රයක් (3D exoskeleton printer) මගින් තනා ගත් ‘මැජික් අත්’ ආධාරක නිසා දැන් ඇයට චිත‍්‍ර අඳින්නත් යම් යම් දේ අල්ලා ඔසවා ගන්නත් හැකියාව ලැබී තියෙනවා.

 
එමාට ලැබී ඇති මැජික් අත්වලින් වැඩ කරන හැටි!

”එයා උපදිනකොට එයාගෙ කකුල් ඇඹරිලා කන් ළඟට වෙන්නයි පිහිටලා තිබුණේ. උරෙස් ඇතුළට කැරකිලයි තිබුණෙ.” එමාගේ මව වූ මෙගන් ලැවෙල් කියනවා.

ඊට පස්සේ එමා ටිකෙන් ටික හෙමින් හෙමින් වැඩෙන්න පටන් ගත්තා. ඇයගේ වැඞීම ඒ විදියට සිදු වනත් අත් සොලවන්න ශක්තියක් ඇයට තිබුණේ නෑ. ඒකට හේතුව මාංශ පේශීවල දුර්වලකමක් කියල දැන ගත්තට කරන්න විසඳුමක් තිබුණේ නෑ.

මේ අතර තමයි, ඇගේ දෙමාපියන්ට ‘රෙක්ස්’ (WREX) කියන ආධාරක මෙවලම ගැන දැන ගන්න ලැබුණේ. එය එකටෙක යා කළ ලෝහ පොලූ හා ආධාරක පටිවලින් තැනුනු මෙවලමක්.

 
විස්මිත අත් ආධාරක නිසා ඇයට දැන් ඇගේ අම්මා වූ මෙගන් ලැවෙලීව වැළඳ ගන්නත් පුළුවන්.

මේ උපකරණයෙන් අත්පා නිසි ලෙස කි‍්‍රයා කිරීමට අපහසු ළමයින්ට සෙල්ලම් කරන්න, කාගෙවත් උදවු නැතිව කෑම කන්න, අම්මලා තාත්තලාව වැළඳ ගන්න එහෙමත් හැකියාව ලැබෙනවා.

ස්ට්රැටසිස් (Stratasys) කියන ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර නිපදවන සමාගමක් තමයි, එමා වෙනුවෙන් තැනූ මේ ‘රෙක්ස්’ උපකරණ කට්ටලය තනන්න උදවු කළේ.

ඇය රාත්තල් 25ක් වැනි බර අඩු දැරියක් නිසා සැහැල්ලූ කට්ටලයක් ඇය වෙනුවෙන් තැනීමට සිදු වුණා. පරිගණකයෙන් තමයි මේ ආධාරක කට්ටලය සැලසුම් කළේ. ඇය කෙමෙන් වැඩෙත් ම ඇගේ වර්ධනයට ගැළපෙන්න මේ කට්ටලයේ ‘අලූත් ති‍්‍රමාන පි‍්‍රන්ට්’ එකක් ගන්න පුළුවන්.

දෙමාපියන්ට තියෙන්නේ මේ කට්ටලය දරුවාට අන්දන්න විතරයි. ඊළඟට සිදු වන දේ විස්මයජනකයි!

 
දැන් අම්මාගේ උදවු නැතිව එමාට චිත‍්‍ර අඳින්නත්, යම් යම් දේ ඔසවන්නත් පුළුවන්.

 
සැහැල්ලූ විසඳුමක්! එමාට මේ මෙවලම් නිර්මාණ කළ පර්යේෂක කණ්ඩායමේ සැලසුම්කරුවකු වූ විටනි සාම්පල් ඔහුගේ වැඩ කාමරයේ දී

”එයා ඒවා ඇගේ මැජික් අත් කියලා සතුටින් ඉපිලෙමින් කියන කොට ඒ අහගෙන හිටි හැමෝටම ඇඬුණා.” ඇගේ අම්මා කියනවා.

සිඟිති එමා මේ පාවිච්චි කරන්නේ ඇගේ දෙවැනි රෙක්ස් කට්ටලයයි. එයා වැඩෙත් ම කලින් එක එයා පුංචි වැඩි වුණා. දැන් එයාගෙ ප‍්‍රමාණයටයි, මේක හදලා තියෙන්නෙ.

”මේක එයාගේ වැඞීමත් එක්ක වෙනස් කරන්න වෙනවා.” ඇගේ මව කියනවා.

ඇත්තෙන් ම මේක හරිම පුදුම උපකරණයක්! මේ සිඟිත්තියට ඇගේ දුබල අත් මෙහෙයවන්න උදවු වෙන මේ ආශ්චර්යමත් උපකරණය නිර්මාණය කරන්න පරිගණකයටත් ඊට සම්බන්ධ ති‍්‍රමාන පි‍්‍රන්ටරයටත් හැකි වීම ඇත්නේ ම පි‍්‍රයජනක ආරංචියක් නේද?



Post a Comment

2 Comments

  1. තාක්ෂනය මිනිසාගේ විනාශයට යොදාගන් නැතුව මේවගේ දේවල් කරනවානම් කොච්චර හොඳද?

    ReplyDelete
  2. මාරයි... වෙන කියන්න දෙයක් නෑ..

    ස්තූතියි වැදගත් ලිපි වලට

    ReplyDelete