HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගොඩනැගිලි ඉදිකිරීමේ පෙරළියක්! ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් පැය 24කින් නිවසක්!

ගොඩනැගිලි ඉදිකිරීම නව මඟකට යොමු කරන්නට ති‍්‍රමාන පි‍්‍රන්ටරය සමත් වෙයි. පෙදරේරුවන්, ගොඩනැගිලි ඉදිකරන්නන් අනාගතයට අවශ්‍ය වෙන එකක් නැති වේවිද?

ඇමරිකාවේ උතුරු කැලිෆෝනියානු විශ්ව විද්‍යාල ඉන්ජිනේරුවන් කියන විදියට ඔවුන්ට වර්ග 2500ක නිවසක් මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරය මගින් දවසක් ඇතුළත තනා නිම කළ හැකියි.

කලින් අප ඔබට ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් පිළිමයක් අඹන හැටි, අත් පණ නැති දරුවකුට උපාංග තනන හැටි පෙන්නුවා ඔබට මතක ඇති. ඒ වගේ තවත් ආශ්චර්යමත් දෙයක් තමයි, මේ. ඒ තාක්ෂණයම යොදා ගෙන නිවාස තනන්නයි, දැන් විද්‍යාඥයන් හදන්නෙ.

ගෘහ නිර්මාණ තාක්ෂණයට අනුව මට්ටම් පිහිටුවීමේ ක‍්‍රමය යොදා ගෙන යෝධ දොඹකරයක් වැනි ගැන්ටි‍්‍රයක් භාවිත කරමින් ප්ලාස්ටික් යොදා ගෙන ති‍්‍රමාණ පි‍්‍රන්ටරයෙන් ගෙයක් නිර්මාණය කළ හැකියි.

 
මේ විශේෂ දොඹකරයක් වැනි ගැන්ටි‍්‍රයක් යොදා ගෙන බිම ඉදි කරන ස්ථානයේ එහා මෙහා යමින් නොසලයක් මගින් අවශ්‍ය ආකාරයට කොන්කී‍්‍රට් දැමීම කළ හැකියි.

 
මේ මට්ටම් බිහිටුවීමේ ක‍්‍රමයට අසල්වැසි නිවාස පේළියක් වුනත් එකම රටාවකට එක විට තනන්න පුළුවන්.

මහාචාර්ය බෙරෝක් කොෂ්නෙවිස් (Behrokh Khoshnevis) කියන විදියට ඔහුගේ මේ මට්ටම් පිහිටුවීමේ ක‍්‍රමවේදය යොදා ගෙන පිරිද්දීම් හා වැද්දීම් සියල්ල සමග මුළු ගෙයම තනන්න පුළුවන්.

සවිමත් බිත්ති ඉදිකිරීම පියවරෙන් පියවර ස්වයංකී‍්‍රයව වෙරගැන්වීම් කරමින් කොන්කී‍්‍රට් දැමීමත් බිත්ති මැදින් ජල නළ හා විදුලි බට සමග රැහැන් යෙදීමත් එකවර කරන්න පුළුවන්. මෙය හරිම විස්මිතයි!

කොෂ්නෙවිස් කියන විදියට මෙම තාක්ෂණයේ ස්වභාවය අනුව කවාකාර බිත්ති තැනීම හා වාස්තු විද්‍යාවේ නොයෙකුත් රටා ඉතා නිවරදිව භාවිත කරන්න පුළුවන්. ”මෙයින් තැනෙන ඉදිකිරීම් විස්තර කළ නොහැකි තරම් නිවැරදියි; ඉතාමත් විසිතුරුයි.” කොෂ්නෙවිස් කියනවා.

”දැනට ලොව පුරා භාවිත කෙරෙන ඉදි කිරීම් ක‍්‍රමවේදයන් ඉතාමත් මන්දගාමීයි. විශාල ශ‍්‍රමයක් හා වියදමක් දරන්න සිදු වෙනවා. මේ නව ක‍්‍රමය එසේ නොවෙයි. මෙය ඇත්තෙන් ම කාලය, ශ‍්‍රමය හා මුදල් ඉතුරු කරන ක‍්‍රමයක්.” කොෂ්නෙවිස් වැඩිදුරටත් කියනවා.

ඔහු විශ්වාස කරන විදියට මේ නව ක‍්‍රමයට වැය වන්නේ කලින් වැය මුදලින් ඉතා සුළු කොටසක් විතරයි. කොෂ්නෙවිස් කියන්නේ මේ ක‍්‍රමයෙන් වර්ග අඩි 2500ක නිවසක් ඉදිකිරීමට ගත වන්නේ දළ වශයෙන් පැය 20ක් පමණයි කියලයි.

 
මට්ටම් පිහිටුවීමේ ක‍්‍රමවේදය අනුව ඊට සුදුසු පි‍්‍රන්ටරය මෙහි ඇති අනුරුව මෙන් නොව ගොඩනැගිලි ඉදිකිරීම පිණිස දැවැන්ත ආකාරයට තැනිය යුතු වෙයි. ඉහළ දැක්වෙන මේකර්බොට් ති‍්‍රමාන පි‍්‍රන්ටරයක් පවුම් 600ක් තරම් මිල වන අතර එහිදී භාවිත කෙරෙන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍යයි.

 
මෙම තාක්ෂණය වානිජ කටයුතුවලට යොදා ගැනීමත් සමග මෙවැනි ති‍්‍රමාන පිළිරූ වෙළඳ පොළට එන්නට පටන් ගෙන තියෙනවා.

මෙම නව ක‍්‍රමය වඩාත් සුදුසු වන්නේ හදිසි ඉදිකිරීම්, වානිජ ගොඩනැගිලි හා අඩු අදායම් ලබන්නන්ගේ නිවාස ආදිය ඉදිකිරීමටයි.

එහෙත් කොෂ්නෙවිස් කියන්නේ නිවැසියන්ගේ විශේෂ සැලසුම් මත ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාසවලටත් මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන් බවයි.

ඒ විතරක් නොවෙයි, පෘථිවියෙන් එපිට ග‍්‍රහ ලෝකවල නිවාස ඉදිකිරීමේ දී මේ ක‍්‍රමය යොදා ගන්න පුළුවන්.

”මට්ටම් පිහිටුවීමේ තාක්ෂණය යොදා ගෙන අනාගතයේ දී හඳේ හෝ අඟහරු මත මෙවැනි නිවාස ඉදි වේවි. ඒ විතරක් නෙවෙයි, මිනිසුන් එහි යන්න පෙර අවශ්‍ය ගොඩනැගිලි, රසායනාගාර, වෙනත් අවශ්‍ය ඉදිකිරීම් නිම කරන්නට මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරය යොදා ගෙන ස්වයංකී‍්‍රයව කළ හැකියි.” කොෂ්නෙවිස් කියනවා. ඔහුගේ වෙබ් අඩවියේ මේ ගැන දැනටමත් විස්තරයක් පළ වී තියෙනවා.




Post a Comment

3 Comments

  1. එල නියමයි ස්තුතිය

    ReplyDelete
  2. හෑ ඒක මරු නේ...අපිට ඕක යොදාගෙන නිවාස සංකීර්ණ ගහන්න පුලුවං..වෙනස් ඩ්‍රෝවින් එකක් දෙන එක විතරයි නේ කරන්න තියෙන්නෙ...ලෝකෙ වෙනස් වෙන ඉක්මන....

    ReplyDelete
  3. මේකෙන් කියවෙන්නේ ලඟදීම මේසන්බාස්ටත් වෙනත් අතක් බලාගන්න වෙනවා කියන එකයි එහෙනම්....

    ReplyDelete