HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ මිහිපිටින් වඳ වී යාමේ තර්ජනයට වඩාත් ළං වූ මැඩගස්කරයේ ලීමරයන්!

මේ මිහිපිටින් වඳ වී යාමේ තර්ජනයට වඩාත් ළං වූ සතුන් ලෙස මැඩගස්කරයේ ලීමරයන් නම් කර තියෙනවා. ඔවුන්ගේ අහේතුවට වාසස්ථාන අහිමි වීමේ අවදානමක් බිහි වෙලා! එයට හේතුව වී ඇත්තේ මැඩගස්කරයේ ඇති ඝර්ම කලාපීය වනාන්තර එළිපෙහෙළි කිරීමයි. මේ වන විනාශය අනවසරයෙන් සිදු වන්නක්. ඒ හැරෙන්නට දඩයක්කරුවන්ගෙන්ද ඔවුන්ට හානි පැමිණෙනවා.

 
වඳ වී යාමේ ඉමේ - නව සමීක්ෂණයකට අනුව ලීමරයන් ලෝකයෙන් තුරන් වීමේ වඩාත් ලොකුම තර්ජනය ඇති සතුන් ලෙස සැලකෙනවා.

මේ බව අනාවරණය වන්නේ මැඩගස්කරයේ ලීමරයන් පිළිබඳව කළ අලූත් ම අධ්‍යයනයකින්. මේ විනාශයේ තරම තක්සේරු කර ඇත්තේ සොබාදහම සුරැකීම පිළිබඳ අන්තර්ජාතික සංගමයේ (IUCN) සත්ව විශේෂ සංරක්ෂණ කොමිසම විසිනුයි. පසුගිය දා කෙරුණු මෙම හෙළිදරවුවට අනුව මිහිමතින් වඩාත් ඉක්මනින් තුරන් වී යා හැකි පෘෂ්ඨවංශික සතුන් කාණ්ඩය වශයෙන් මේ මැඩගස්කර ලීමරයන් හඳුන්වා තියෙනවා.

ලීමරයන් අපේ උණහපුළුවන්ට නෑකම් කියන සතුන් විශේෂයක්. ලොව වැඩිම ලීමර විශේෂ ඇත්තේ මැඩගස්කරය කියන දූපතේයි. එහි මෙතෙක් හඳුනා ගෙන ඇති වෙසෙන ලීමර විශේෂ 103 අතුරින් විශේෂ 10ක් එරට අගනුවර වූ ඇන්ටනාරිවෝ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ වෙසෙන අතර ඉන් විශේෂ නවයක් ම වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මොවුන්ගේ පින්තූර livescience.com වෙබ් අඩවියේ දකින්න පුළුවන්.

මේ සමීක්ෂණයෙන් හෙළි වුණේ අනෙක් සියලූ ම ක්ෂීරපායීන් විතරක් නෙවෙයි, උරගයන්, උභයජීවීන්, කුරුල්ලන් හා අස්ථි මසුන් අතරිනුත් වැඩියෙන් ම වඳ වී යාමේ අවදානමට ලක්ව ඇත්තේ ලීමරයන් බවයි.

මැඩගස්කරයේ පි‍්‍රමාටාවන් පිළිබඳ IUCN උපදේශක වශයෙන් කි‍්‍රයා කරන්නේ කි‍්‍රස්ටෝෆ් ෂ්විට්සර්ය. ඔහු එක්සත් රාජධානියේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේ පි‍්‍රමාටාවන් පිළිබඳ පර්යේෂණ ප‍්‍රධානියායි. ”අපේ සමීක්ෂණයෙන් හෙළි වූ දෙයින් අප ගල්ගැහී ගියා. ලෝකයේ කිසිම තැනක නැති තරම් පි‍්‍රමාටාවන් විශේෂ වැඩි ම ගණනක් මැඩගස්කරයේ වඳ වී යාමේ අවදානමට ලක් වී ඇති බව අපට පෙනී ගියා.” ඔහු ඒ ගැන කරුණු දක්වන්නේ එහෙමයි.

 
මේ ලීමරයන්ටත් අනවසර දැව කැපීම් හා දඩයම් කිරීම් නිසා වඳ වී යාමේ අවදානමක්.

”අපේ ප‍්‍රතිඵලවලින් පසු අපි විශ්වාස කරනවා පෘෂ්ඨවංශික සත්ව කාණ්ඩ අතරින් වැඩිම තර්ජනයක් ඇත්තේත් ඒ සතුන්ට බව.” ඔහු වැඩිදුරටත් කියනවා.

ලයිව්සයන්ස් වෙබ් අඩවිය සඳහන් කරන විදියට ලීමර විශේෂ වඳ වී යාමේ තර්ජනය මට්ටම් තුනකින් සිදු වෙනවා. ‘වඳ වී යාමට ඉතා ආසන්න තත්වයක් ඇති’ 23ක්, ‘වඳ වී යාමේ තර්ජනයට ලක් වූ’ 52ක්, ‘අවදානමට ලක්විය හැකි’ 19 ක් ආදී වශයෙන් ඒවා දක්වා තියෙනවා. 2005 දී IUCN රතු දත්ත පොතට එක් කරන ලද ඇස්මේන්තුවලට වඩා මෙය පිළිවෙළින් සියයට 10, 21 හා 17 වශයෙන් වැඩිවීමක් පෙන්වනවා.

අතීතයේ මෙන් නොව දැන් සතුන්ට වැඩිම තර්ජනය එල්ල වී තියෙන්නේ අනවසර දඩයක්කාරයන් ගෙන්.
සතුන්ගේ ස්වාභාවික වාසභූමි විනාශ වීම ගැන චෝදනා එල්ල වන්නේ එරට පවතින දිළිඳු කම හා දේශපාලන අස්ථාවරත්වය නිසා ඇති වන තත්වයන්ටයි.

මැඩගස්කරයේ ආර්ථිකය රැදී පවතින්නේ ඒ දිවයිනේ ජෛවවිවිධත්වය ගැන උනන්දුවෙන් එහි ඇදී එන සංචාරකයන් මතයි. ලීමරයන් දරුණු ලෙස අඩු වී ගියොත් එයින් රටේ ආර්ථිකයට බලවත් පහරක් වදිනවා මෙන් ම ඉන් මතුවන තත්වයන් නිසා ලීමරයන්ගේ විනාශයටද මග පෑදෙනවා.

ඉතාමත් භයානක ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වූ යන ලේබලය අලූතින් ම අලවා ඇත්තේ ‘ඉන්ද්‍රි’ (indri) නමින් හැඳින්වෙන විශාලතම ලීමර විශේෂයයි. ජීවිත කාලයට එකම සහකාරියක සමග පමණක් වෙසෙන මේ ලීමර විශේෂය මැඩගස්කර වාසීන් සලකන්නේ ‘ශුද්ධ සත්ව විශේෂයක්’ ලෙසයි. ඔවුන් ඒ සත්වයා හඳුන්වන්නේ මානවයාගේ ‘ආදී සහෝදරයා’ ලෙසයි. මැඩම් බර්ත්ගේ මී ලීමරයා (Madame Berthe's mouse lemur) යනුවෙන් හැඳින්වෙන ලොව කුඩාම පි‍්‍රමාටාවා බරින් ග්රෑම් 30ක් පමණයි. අනික් විශේෂය ‘නිල් ඇස් ඇති කළු ලීමරයා (blue-eyed black lemur) තමයි, මිනිසා හැරුණු විට නිල් ඇස් ඇති එකම පි‍්‍රමාටාවා වන්නේ. උතුරේ නිජබිම කර ගත් කී‍්‍රඩාශීලී ලීමරයන් දැනට ඉතිරිව ඇත්තේ 18 දෙනකු පමණයි.

ලීමරයන්ට මේ නම ලැබුණේ රෝම දේවකතාවල එන භූතාත්මවලට කියන නම අනුව යමිනුයි. ඒ ඔවුන්ගේ නිශාචර හැසිරීම් හා ලැසි චලන ගති ලක්ෂණ නිසයි.

Post a Comment

1 Comments

  1. ලිමරයත් කලවැද්දා වගේ සතෙක්නේ තොරතුරු වලට ස්තුති

    ReplyDelete