විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ හෙම්බිරිස්සාවට නව වයිරස ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයා ගන්න මේ විස්මිත රූපවලින් මග පාදාගත හැකි වේවි කියලයි.
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව පර්යේෂණය කරන කණ්ඩායම ප‍්‍රතිශ්‍යාව සාදන වයිරස අතරින් සියයට පනහකට වග කියන මානව රයිනෝ වයිරසයේ ජිනෝමියක (genome of the human rhinovirus) පූර්ණ ආකෘතියක් සකස් කරන්න සමත් වෙලා තියෙනවා.
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් සුපිරි පරිගණකයක් භාවිත කරමින් සෙම්ප‍්‍රතිශ්‍යා වයිරසයේ විශාලනය කළ ති‍්‍රමාන ආකෘතියක් සකසන්න සමත් වෙලා තියෙනවා. මේ රූපයේ දක්වෙන්නේ එහි ඇතුළත පෙනෙන සේ කපා විවෘත කර ඇති ආකාරයයි.
විද්‍යාඥයන් විශ්වාස කරනවා ඔවුන්ගේ මේ ආකෘතිය උපකාර වේවි කියල මේ වයිරසය වඩා හොඳින් තේරුම් ගෙන එය පැතිරීම වැළැක්වීමට ඖෂධයක් නිපදවීමට යන ඕස්ටේ‍්‍රලියාවේ බයෝටා සමාගමට සිය කටයුතු සාර්ථක කර ගන්නට.
මේ ඖෂධය තවමත් ඇත්තේ සායනික අත්හදා බැලීම් කරන අවදියේයි. මේ ඖෂධය ඉලක්ක කර ගෙන ඇත්තේ ඇදුම වැනි නිදන්ගත පෙණහලූ රෝග, පෙණහලූ කි‍්‍රයාකාරිත්වයට බාධා ඇති කරන රෝග තත්වයන්, සම්බන්ධක පටක දැඩි වීම වැනි රෝග තත්වයන් ඇති අයයි. ඒ වගේ ම සාමාන්‍ය හෙම්බිරිස්සාව මාරක තත්වයකට පත් විය හැකි අවදානම ඇති අයටත් මෙයින් සහනයක් ලබා ගත හැකි වේවි.
මේ ති‍්‍රමාන රූපය අයිබීඑම් බ්ලූ ජීන් කිව් (IBM Blue Gene Q) නම් අලූත් ම සුපිරි පරිගණකය යොදා ගෙන මුලින් ම නිර්මාණය කළ එකක්. මේ අලූත් ම සුපිරි පරිගණකය ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයට ලැබුණේ මේ ජූලි මාසෙ මුලදියි.
පර්යේෂණ කණ්ඩායම මේ එච්පීවී (HPV) වයිරසයේ විශාලනය කළ ආකෘතිය නිර්මාණය කළේ ලෝකයේ ඇති වඩාත් ප‍්‍රබල සුපිරි පරිගණකයක් භාවිත කරමින්.
විද්‍යාඥයන් මේ වයිරස ආකෘතිය යොදා ගෙන ප‍්‍රතිකාර කිරීම පිළිබඳ විමර්ශන කරනවා. මේ රූපයේ කහ පැහැයෙන් දැක්වෙන්නේ සෛලය තුළ ඖෂධය තැන්පත් කිරිමට ඔවුන්ට අවශ්‍ය තැනයි.
සාන්ත වින්සන්ට් වෛද්‍ය පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය මයිකල් පාකර් තමයි, පර්යේෂණයට නායකත්වය දෙන්නේ. ඔහු පවසන්නේ රිනෝ වයිරසය මේ ඖෂධයට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි වඩා හොඳින් තේරුම් ගැනීම මත විශාල පරාසයක රෝගවලට ප‍්‍රතිකාර සඳහා මෙය භාවිත කළ හැකි වේවි කියායි.
ඔහු කියන විදියට මේ රයිනෝ වයිරසය අයත් වන්නේ ද පෝලියෝ හා මෙනින්ජිප‍්‍රදාහය වැනි රෝග ඇති කරන වයිරස කාණ්ඩයටමයි.
”එක වයිරසයක් කෙරෙහි දැනට පවතින ඖෂධ කි‍්‍රයා කරන ආකාරය තේරුම් ගැනීම වැඩි වූ විට මේ වයිරසවලට නෑකම් කියන තවත් වයිරස ගණනාවකට ප‍්‍රතිකාර කළ හැකි නව ප‍්‍රති වයිරසීය ඖෂධ නිපදවිය හැකි වේවි. ඒ මගින් ලෝකය පුරා ජීවිත බේරා ගැනීමට මග පෑදේවි” මහාචාර්ය පාකර් කියනවා.
මහාචාර්ය පාකර් මේ ති‍්‍රමාන ආකෘතිය නිර්මාණය කිරීමට අයිබීඑම් (IBM) ආයතනයෙන් ආ පරිගණක විශේෂඥයන් පිරිසක් හා වික්ටෝරියානු ජීවන විද්‍යා පරිගණක මූලික අංශයේත් උදවු ලබා ගෙන තියෙනවා.
”සුපිරි පරිගණක තාක්ෂණය නිසා, මානව සෛලයක් තුළ සිදු වන යාන්ත‍්‍රණය දෙස වඩාත් ගැඹුරෙන් බලන්නත් විශේෂයෙන් ම ඖෂධය අණුක මට්ටමෙන් කි‍්‍රයා කරන ආකාරය විමසන්නත් අපට හැකි වුණා.”
”මේ කටයුත්ත නිසා, නව ප‍්‍රතිවයිරසීය ඖෂධ ප‍්‍රතිකාර සොයා ගැනීම කඩිනම් කරන්නත් ඒවා වැඩි දියුණු කරන්නත් ඉඩ සැලසෙනවා. එසේ ම එමගින් ලොව පුරා රෝගීන් රැසකගේ ජීවිත බේරා ගන්නත් හැකි වේවි.” මහාචාර්ය පාකර් වැඩිදුරටත් කියනවා.
”මේ සඳහා යොදා ගත් සුපිරි පරිගණකය දකුණු අර්ධගෝලයේ ඇති වේගවත් ම පරිගණකයයි. එයට හිමි වන්නේ වේගය අතින් ලෝකයේ 31 වැනි තැනයි.” ආචාර්ය ජෝන් වැග්නර් කියනවා. ඔහු වික්ටෝරියානු ජීවන විද්‍යා පර්යේෂණායතනයේ සම්බන්ධීකාරක අයිබීඑම් කළමනාකරුයි.
ඔහු පවසන ආකාරයට මේ පරිගණකයට එක් තත්පරයක දී ති‍්‍රලියන 836ක සංඛ්‍යා ගණනය කිරීම් කළ හැකියි. එසේ ම එය බල ශක්තිය පාවිච්චිය අතින් ලොව වඩාත් ම කාර්යක්ෂම පරිගණකයක් ද වෙනවා.
සියලූම උග‍්‍ර ඇදුම රෝග තත්වයන්ගෙන් සියයට 70කට රයිනෝ වයිරස ආසාදනය බලපානවා. ඒ අතරින් සියයට 50ක රෝගීනට රෝහල් ගත වීමට සිදු වෙනවා.
උග‍්‍ර හා තීව‍්‍ර පෙණහලූ ආශි‍්‍රත රෝග වැළඳුණු අය අතරින් සියයට 35ක් ම වසරක් පාසා රෝහල් ගත කෙරන්නේ රයිනෝ වයිරසය ඇතුළු ශ්වසන රෝග කාරක වයිරස හේතුවෙන්.
සෙම්ප‍්‍රතිශ්‍යාව ඇති කරන විවිධ වයිරස මාදිළි 200ක් අතරින් රයිනෝ වයිරසය, එනම් නාසය ආශ‍්‍රිත රෝග ඇති කරන වයිරසය, තමා වඩාත් බහුලව සමාජය තුළ ව්‍යාප්තව ඇත්තේ.
මේ වයිරසය ඇසට නොපෙනෙන ඉතා කුඩා එකක්. කොයි තරම් කුඩාද කීවොත් මේ වයිරස එකටෙක හේත්තු කළොත් මිලිමීටරයක් පුරවන්න රයිනෝ වයිරස 50,000ක් අවශ්‍ය වෙනවා.
2 Comments
තවත් හයේ පාරක්! :)
ReplyDeleteනියමයි හචිං :)
ReplyDeleteජය !!