කොවුල්ස්ටාර්
කපුටු කූඩුවේ වුව
මම මගේ බිජු දමමි
කපුටු උණුසුමේ වුව
මම මගේ දරු තබමි
කාක් යන හඬින් ඔහු
අනුකරණ නද නොදී
කොවුල් හඬ වෙනස් බව
කියා දෙන බව දනිමි
කොවුල් හඬ වන් සැණින්
කපුටු රැළ කලබලව
කොටන්නේ ඇයි මෙසේ
තුටු නොවී පුතු හිසට
පරපුටුයි කියා ලොව
අවමාන කළත් මට
මගේ දරු කිසි දිනෙක
පර හඬින් ගී ගැයිද?
බඩට නිතරම අඬන
කුණක සමගිව වෙසෙන
කපුටු ගති ගුණ ඇඳින
පුතුනි කට හරිනු මැන
සොඳුරු හිරු මඟුල දැන
හෙටත් ගී කියනු මැන
නැවුම් එරබදු පිපෙන
අලූත් ලොව පතනු මැන
- සුමින්ද කිත්සිරි ගුණරත්න
ඔහු මෙතෙක් පළ කර ඇති කවි පොත්:
නාරජ හා වේරජ (2010), ඇහැලී (2000), චක්කරං කොටුව (1996).
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.















0 අදහස්:
Post a Comment