HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොවුල්ස්ටාර් : නව කවිසරණිය

සුමින්ද කිත්සිරි ගුණරත්න නව පරපුරේ කවියෙකි. අමුතු ඇසකින් ලොව දෙස බලන්නට නිතරම උත්සාහ කරන ඔහු පසුගිය කාලයේ තරුණ පරපුරට බලපෑ මහත් ආන්දෝලනයක් ඇති කළ එක් සිද්ධියක් දෙස උපහාසයෙන් බලන්නට මේ නිර්මාණය යොදා ගනියි. ඔහු යෙදූ මැයෙන් ම එය ප‍්‍රකට වෙයි. සොබාදහමේ එන පුංචි සිදු වීමක් ඔහු සිය අදහස් පළ කරන්නට යොදා ගත් අපූරුව බලන්න.

කොවුල්ස්ටාර්

කපුටු කූඩුවේ වුව
මම මගේ බිජු දමමි
කපුටු උණුසුමේ වුව
මම මගේ දරු තබමි

කාක් යන හඬින් ඔහු
අනුකරණ නද නොදී
කොවුල් හඬ වෙනස් බව
කියා දෙන බව දනිමි

කොවුල් හඬ වන් සැණින්
කපුටු රැළ කලබලව
කොටන්නේ ඇයි මෙසේ
තුටු නොවී පුතු හිසට

පරපුටුයි කියා ලොව
අවමාන කළත් මට
මගේ දරු කිසි දිනෙක
පර හඬින් ගී ගැයිද?

බඩට නිතරම අඬන
කුණක සමගිව වෙසෙන
කපුටු ගති ගුණ ඇඳින
පුතුනි කට හරිනු මැන

සොඳුරු හිරු මඟුල දැන
හෙටත් ගී කියනු මැන
නැවුම් එරබදු පිපෙන
අලූත් ලොව පතනු මැන

- සුමින්ද කිත්සිරි ගුණරත්න

ඔහු මෙතෙක් පළ කර ඇති කවි පොත්:
නාරජ හා වේරජ (2010), ඇහැලී (2000), චක්කරං කොටුව (1996).
 

Post a Comment

0 Comments