6

සියවසක් පැරණි කතාවක්! පවුම් දහයේ අත්සන!

ජෝර්ජ් නියම මුදල් නාස්තිකාරයෙක් නොවීය. එහෙත් දොළොස් හැවිරිදි ඔහු ගෙදරින් පිට නැවතී සිටින්නට ගිය පළමු වැනි වතාව මෙය විය. ගෙදරදී නොයෙකුත් අන්දමේ සැපවිහරණයන්ට පුරුදුව සිටි ඔහුට වියදම් සීමා කිරීම පහසු වැඩක් නොවීය. ඒ හැරත් නාවික හමුදාවේ නිලධාරීන් පුහුණු කරන ආයතනයෙහි සිටියේ ධනවත් කුලීනයන්ගේ දරුවෝය. ඔවුන්ගේ වියහියදම් ඒ අනුව විය.

ජෝර්ජ්ගේ මිත්තනිය අතිශයින් ධනවත් කාන්තාවක් වූ නමුත් ඈ සකසුරුවම පුරුදු කළ තැනැත්තියකි. ඕ වියදම්කාර කම පි‍්‍රය නොකළාය. ස්පිට් හෙඞ් ආයතනයෙහි සිටි අනෙක් ශිෂ්‍යයන් මෙන් ජෝර්ජ් ද මාස්පතා සුළු වියදම් සඳහා සෑහෙන පමණ මුදලක් නොකඩවා ලැබුවේය. අනෙක් ශිෂ්‍යයන් මෙන් ජෝර්ජ් ද එසේ ලද පවුම් පහ ටික දවසක දී වියදම් කර ගෙන මාසයේ ඉතිරි කාලය සුළු මුදලක් අතමාරුවට ගෙන හෝ නිකම්ම හෝ ගත කළේය. වරක් ඔහුට වැඩි මුදලක් තදින්ම උවමනා වී ඊළඟ මාසයේ මුදලින් අඩු කර ගැනීමට කියා මිත්තනියගෙන් මුදල් ඉල්ලූවේය.


එවැනි ඉල්ලීමකට මිත්තනිය තුටු නොවන බව ජෝර්ජ් දනී. ඈ ඒ ගැන උරණ වෙනවා ඇතැයි ද හෙතෙම කල්පනා කළේය. එහෙත් උවමනාව තද නිසා ඔහුගේ ලියමන ඉතා ශූර ලෙස සකස් කරන ලදී. මාසික මුදල කලින් වියදම් වීමට හේතුද, තව මුදල් උවමනා වීමට හේතුද, එකින් එකට සඳහන් කොට මේ කාලයේ බඩු මිල වැඩි නිසා පවුම් පහ ඉක්මනින් ඉවර වෙන බවද පෙන්වා දෙන ලදී. නාවික හමුදාවේ නිලවලට පුහුණුව ලබන ශිෂ්‍යයන්ගේ වියදමද සුළු නොවන බව එහි සඳහන් විය. ජෝර්ජ් මේ සියල්ල ඉතා පැහැදිලි ලෙස සඳහන් කරමින් තමන්ගේ හොඳම ලියුම් කඩදාසියක හොඳම අත් අකුරින් ලියා යැවීය.

හැරෙන තැපෑලෙන් පිළිතුර ලැබිණ. එහි මුදල් තිබුණේ නැත. ඒ වෙනුවට මිත්තනියන්ගේ අත් අකුරින්ම ලියන ලද ලිපියෙහි සකසුරුවම පුරුදු කිරීමේ අවශ්‍යතාව දක්වමින් කරුණු රාශියක් සඳහන් කර තිබුණේය.

ජෝර්ජ් මිත්තනියගේ අවවාද තදින් හිතට ගත්තේය. ටික දවසකදී ඊට පිළිතුරක් යැවී. ”ඔබතුමියගේ අවවාද වචනවලට ස්තුති කරමි. මුදල්වල වටිනාකම මට දැන් හොඳින් වැටහී තිබේ. ඔබේ ලියමන ලැබුණු දින පටන් මම මුදල් අපතේ නොයවා වියපැහැදම් කරන්නෙමි. අපේ පන්තියේ ශිෂ්‍යයෙක් අත්සන් එකතු කරන්නෙකි. ඔබ තුමියගේ ලක්ෂණ අත්සන මම ඔහුට පෙන්වූ විට ඔහු ලියමන පවුම් දහයකට මිලට ගත්තේය.

1897 දී පවුම් දහයකට අලෙවි කළ හැකි අත්සනක් ඇති මිත්තනිය වික්ටෝරියා අග රැජිනය. ඈ සකසුරුවම පුහුණු කිරීමට ඔවා දුන් කුමරා පසුව එංගලන්තයේ අවුරුදු 25ක් පමණ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුය.

(ඇස්. පී. පෙරේරාගේ ‘පාඨකයා’ සඟරාවේ 1954 සැප්තැම්බර් කලාපයෙනි.)

Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


6 අදහස්:

Collision said...

Nice Story!

amila chathuranga said...

බොහොම ලස්සන කතාවකි...මා මෙය කලින් දැන සිටියේ නැත...

තරියා අබේ said...

අම්මටසිරි...

Hasitha said...

නියමම මුණුපුරා :D

nadee said...

ඔබ දක්වා ඇති සේයාරුවේ ඇති අත්සනේ හිමිකාරිය පලමු වන එලිසබෙත් රැජිණයි. වික්ටෝරියා රැජිණගේ නමේ Elizabeth යනුවෙන් කොටසක් නැහැ. ඇයගේ අත්සන ඉහත ඡායාරූපයේ ඇති අත්සන නොවේ. මෙන්න ඇගේ අත්සන http://en.wikipedia.org/wiki/File:Queen_Victoria_Signature.svg

කෝරලේ මහත්තය said...

අයි දැනගත්තේ දැනුමට වටිනා දෙයක්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top