HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබට කෝපි කෝප්පයක් සාදා දෙන්නත් පුළුවන් කාරෙකක්!!

මෝටර් රථයකින් දිගු ගමනක් යන විට ඔබට විඩාව දැනුනොත් අතරමග නතර කරලා කෝපි එකක් බොන්න හිතුනොත් ඒ සඳහා හොඳ කඩයක් හොය හොයා යන්න අවශ්‍ය නෑ. ඔබට උණු උණු කෝපි කොප්පයක් හදල දෙන්න පුළුවන් කාරෙකක් ළඟදීම වෙළෙඳපොළට එනවා.

ඔබට තියෙන්නෙ දෙපා දිග ඇරලා සුව පහසුව ඉඳගෙන කෝපි කෝප්පයකට ඇනවුම් කරන එකයි. ඔබ පදවන්නේ නව ෆියට් 500එල් කාරෙකක් නම් ටක් ගාලා කෝපි එකක් වක්කරලා දේවි.

 
අලූත් ම ෆියට් 500එල් රථය ඔබට අවශ්‍ය විට කෝපි හදා දේවි.

මේ අලූත්ම ෆියට් කාරයේ ගියර් එක ළඟ කෝපි තනන උපකරණයකුත් සවි කරල තියෙනවා. ලැවැසා වෙළෙඳ නාමයෙන් යුත් මේ කෝපි කට්ටලයට සීනි දැමූ භාජනයකුත්, හැන්දකුත් තියෙනවා.

ඒත් ඔබ කෝපිවලට වඩා කාර්වලට කැමති අයෙක් නම් මේ නව ෆියට් 500එල් රථය දොර තුනෙන් හා පහෙන් කැමති විදියට ලබා ගන්න පුළුවන්. එයට ඇත්තේ කපාට 16 එන්ජිමක්.

ෆියට් 500එල් කාරය නිල වශයෙන් පසුගිය සතියේ අයර්ලන්තයේ ටියුරින් නගරයේ දී දොරට වැඩියා. මේ වසර අවසානයේ දී විතර එය අයර්ලන්ත වෙළෙඳ පොළට ඒවි.

 
ඔබට තියෙන්නෙ කෙළින් ම අරන් බොන එක විතරයි.

 
එස්ප්‍රෙසෝ කෝපි සාදන යන්ත‍්‍රය සවි කළ එකම කාරය මේ ෆියට් 500එල් විතරයි.

ෆියට් මෝටර් රථ නිෂ්පාදන ආයතනය ලෝකයට මේ කෝපි හදන යන්ත‍්‍රයක් උපාංගයක් හැටියට සවිකළ ලොව පළමු කාරය ඉදිරිපත් කරන්නේ හරිම ආඩම්බරයෙන්.

මේ කාරයෙන් ‘කෝපි ඉහිරෙන’ වේගයකින් යන්නත් පුළුවන්. ඒ කියන්නේ පැයට හැතැප්ම 100 ඉක්මවා යන්න පුළුවන්. මේ කාරය අලෙවියට එන විට එකක මිල පවුම් 15,500ක් ඒ කියන්නේ රුපියල් වලින් නම් රුපියල් 31,00,000ක් විතර වේවි.

මේ කෝපි යන්ත‍්‍රය නිසා මගතොට දී කෝපිවලට යන අධික වියදම නතර වෙනවා. තමන්ට හිතූ ගමන් ම කෝපි වක්කර ගෙන බොන්නත් පුළුවන්.



Post a Comment

4 Comments

  1. නියමයි!

    ReplyDelete
  2. ඒ වුනාට මඟ නතර කරලා කෝපි එකක් බොද්දි එන විවේකය නැති වෙනවා!

    ReplyDelete
  3. අයර්ලන්ත්යේද ඉතාලියේද ටිඋරින් (torino) නගරය තිබෙන්නේ. FIAT මුලස්ථානය තිබෙන්නේ ඉතාලියේ ටොරිනෝ (torino) නගරයේ .

    ReplyDelete
  4. රොහාන් ඔබ හරි ටියුරින් නගරය තියෙන්නෙ ඉතාලියෙ තමයි. මේ ෆියට් කාරෙක දියත් කළේ ඒ නගරයෙයි. ලබන මාසෙ ඒ වාහන ඇනවුමක් යනව අයර්ලන්තයට. ඒ ගැන කියන්න ගිහිල්ලයි මේ පැටලැවිල්ල වෙලා තියෙන්නේ. ඒ ප‍්‍රමාදය ගැන කනගාටුයි. - පර්සි.

    ReplyDelete