සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහයා වන සෙනසුරුගේ වඩාත් ප්‍රසිද්ධ ලක්ෂණය වූ අයිස් හා දූවිලිවලින් සැදුණු එහි යෝධ වළලූවල මෙතෙක් නුදුටු විස්මිත දර්ශන පෙළක් ඒ අනුව ඔබට දැක ගන්න පුළුවන්.
කැසිනිගේ අලූත් ම පින්තූර මෙතෙක් ලද පැහැදිලිම ඒවා වන අතර ඒවායින් සෙනසුරුගේ යෝධ වළලූ අතරින් යන පුංචි චන්ද්‍රයන් දැක ගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව ලැබුණා. ඒ චන්ද්‍රයන් වළලූවල හිම කපා ගෙන රිංගා යනු දැක ගත හැකිවුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-eB_7c2WmIJX_ReDvWOUJvovQsqdpM-BxfPuHVA1axd0KXKOPkDZSY5uaGzY_6GLVCl4uK6IdRptyJgRHLT4ZoriIq9MURfICvEwN9n79swa-W89nLKZnnFFYVvpRJd0P8eggEFUE9Qg/s320/1.jpg)
කැසිනි නව කක්ෂයකට යමින් මෙතෙක් නුදුටු ආකාරයේ දර්ශන රැසක් අපට එවා තියෙනවා. සෙනසුරුගේ වළලූ, රී (Rhea), ටෙතිස් (Tethys), පැන්ඩෝරා (Pandora) යන චන්ද්‍රයන් මෙහි දිස් වෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbsg27a-9Jt-H30fRYtXsCUUKjQ1a6p2y5Xc9W5suhrogqyKevr59NIMyyuBbsEZ84vn8lMQ-LimM9W4BzK94dDDn07xZeWIx9NT3C90MyLBmR0SwKxevHnTQB7_nCxH_gqPqmV6RTn98/s320/2.jpg)
සෙනසුරුගේ වළලූ ඒ ග්‍රහයා මත සෙවණැලි සදන අයුරු. කැසිනි යානය මේ දර්ශන හසුකර ගෙන ඇත්තේ ඒ ග්‍රහයාගේ සිට සැ. 621,000ක් දුර කක්ෂයක සිටයි.
වසර දෙකකට පසුවයි, කැසිනි යානය මේ තරම් පැහැදිලි පින්තූර එව්වේ.
මේ යානය පසුපස සිටින නාසා විද්‍යාඥ කණ්ඩායම කියන්නේ, ”කැසිනි එහි සෙනසුරු වටා ගමන් කක්ෂය හා කෝණය වෙනස් කළ නිසා මේ ආකාරයට පින්තූර එවන්න හැකි වෙලා තියෙනවා. ඒ යානය වරින් වර සෙනසුරුගේ සමක තලයට ඉහළින් හා පහළින් කක්ෂගත ව ගමන් කරනවා.” කියලයි.
”මේ යානය විශේෂ කෝණයකින් කක්ෂගත ව යන නිසා සෙනසුරුගේ ධ්රුව හොඳින් දැක ගන්න විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා. ඒ වගේ ම එහි වායුගෝලයත්, සෙනසුරුගේ චන්ද්‍රයන් ගමන් කරන ආකාරයත් පැහැදිලි ව දැක ගන්න පුළුවන්.” ඔවුන් තවදුරටත් කියනවා.
කැසිනි විසින් මෑතදී එවන ලද දර්ශනවලින් අලූත් දේ දකින්නට, එහි වළලූවල රහසක් හෙළි කර ගන්නට, විද්‍යාඥයන් සමත් වුණා. මේ වළලූ අතර දක්නට ලැබෙන බමන හැඩයේ හිඩැස් ඇති වීමට හේතුව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒවා ඇති වී තියෙන්නේ සෙනසුරුගේ අප මෙතෙක් හඳුනා ගෙන සිටි කුඩා චන්ද්‍රයන්ට වඩා කුඩා ග්‍රහ වස්තූන් ඒ වළලූ තුළින් ගමන් කිරීම නිසා කියලයි විද්‍යාඥයන් සොයා ගෙන තියෙන්නෙ. ඒ වළලූවල ඇති කැබලිවලට වඩා ප්‍රමාණයෙන් ලොකු මේ ග්‍රහ වස්තූන් (ඉතා කුඩා චන්ද්‍රයන්) ඒ වළලූ තුළින් ගමන් කරනු මේ පින්තූවලින් විද්‍යාඥයන්ට දැක ගත හැකි වුණා.
”මේ සොයා ගැනීම මේ විද්‍යා මෙහෙයුමේ එක් කොටසක්. මේ රූප චිත්රශිල්පියකු ඇන්ද ඒවා නෙවෙයි. සෙනසුරු වටා ක්ක්ෂයක යන අභ්‍යවකාශ යානයකින් හසු කර ගත් ඒවායි.” ඔවුන් කියනවා.
සෙනසුරුට චන්ද්‍රයන් 60ක් ඉන්නවා. එයින් එකක් තමයි ටයිටන්. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාල චන්ද්‍රයා. එහි වායුගෝලයක් පවා තියෙනවා. එහි වැඩිපුර ම ඇත්තේ නයිට්රජන් වායුවයි.
සෙනසුරු ඇත්තෙන් ම ප්‍රචණ්ඩකාරී කුණාටු සහිත ග්‍රහයෙක්. එහි සමකයෙහි පැ.හැ. 1000ක වේගයෙන් හමන සුළං තියෙනව.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjFgWgx5enyuJ6oqqEqvmf1drgoaUK_mx3fyDeiUULSNVrzScPrBWIcA4dZj66TUsWuZfH8dsIYdLJ3QztpbWZn4Xc-R4sEf6FatF-DMogI37GBiysRAYESpVCgMy4X3HmLmn_sE4r2s8/s320/3.jpg)
සෙනසුරුගේ ටෙතිස් චන්ද්‍රයා වළලූ අතරින් පායා එන අයුරු. සෙනසුරුගේ සෙවණැල්ල වළලූ මත වැටීමෙන් එහි කොටසක් වැසී තිබෙනු පෙනේ. කැසිනි මේ දර්ශන හසුකර ගත්තේ සැ. මිලියන 1.1ක් තරම් දුරක සිටයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrWaORt_EFPTGWazszQ5ib6SZsPunIXXVtaTXGejWPZKkJaa6_N2aowch86GIl27bXcYVNmtKeYPLKY56Az9JhRFdVNO-3GpkEvwR_p9q9_zeTideI5fdQzOowiIF0lUM3B6xq3q9wgjs/s320/4.jpg)
මේ දර්ශනයේ ඉහළින් පෙනෙන්නේ ආවාට සහිත රී චන්ද්‍රයායි. පහළ සෙනසුරු වළලූවලට ඉහළින් ඇත්තේ දියෝන් චන්ද්‍රයායි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPeGKcGdrmyNuRgo9iVnn-EbTZSMNRFhmxyFHKSUN_9QMsdegQzc7HNygy_qmcCku22ZplN5PWQHaScKr6hlDcHf3AFXwgyVrXWWKcWgXdXrYSmfy4A9HG3oA_SrnPUL7AYB3aNguFCik/s320/5.jpg)
සෙනසුරු වළලූවල සිත්කළු දසුනක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRSJsyQehBmbb_OH0-HryDTYZviS3ybRc53Ynkue5u9-J7ABu4B_G-YhawVeVxiwV5nHjVWqIcdwr_XAQ4EmO-B0bhrl9EX-vpODxIDa7OY-6EWYmCtA4NoaNV0lwlTkTbSVJ548-ojFU/s320/6.jpg)
කැසිනි යානය එවූ සෙනසුරුගේ විසිතුරු වළලූ හා ඒ අතරින් රිංගා කුඩා චන්ද්‍රයන්ගේ දර්ශන
මේ කැසිනි අභ්‍යවකාශ යානය මුලින් ම දියත් කළේ 1997දියි. එය 2006 දී එහි කක්ෂයකට ළඟා වී මේ වන තෙක් ඒ කක්ෂයක ගමන් කරමින් තියෙනවා.
මෑත දී එය ගමන් කරමින් තිබූ කක්ෂයෙන් වෙනත් කක්ෂයකට මාරු වුණා. ඒ වෙනුවෙන් තමයි වසර දෙකකට පසු මේ පින්තූර එවන්න පටන් ගත්තේ.
”අපි මේ පිවිසෙන්නේ කැසිනිගේ සෙනෙසුරු අභ්‍යවකාශ ගවේශන චාරිකාවේ අලූත් අදියරකටයි.” කොලරාඩෝවේ බෝල්ඩර්හී අභ්‍යවකාශ විද්‍යායතනයේ කැරොලින් පෝකෝ කියනවා.
”වළලූ ගැන එවූ අලූත් ම හා වෙනස් දර්ශනවලින් අපට පෙනෙනවා ඉදිරියේ දී තවත් ලොකු ලොකු දේ දැක ගන්න ලැබෙන බව.” ඇය තවදුරටත් කියනවා.
පොළොවේ සිටින අපටත් මේ ඉන්නා තැන්වල සිට සෙනසුරු නරඹන්න පුළුවන්. ඒත් මේ දර්ශනවල පෙනෙන තරම් එය චිත්තාකර්ෂණීය නැහැ.
මේ සෙනසුරු ග්‍රහයා මේ දිනවල පැහැදිලි රාති‍්‍ර අහසේ ඉතා දීප්තිමත් ව බැබලෙනු පියවි ඇසින් දැක ගත හැකියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDuY7DtAl4pIQ-6l6OcP491QhfTItTPrxBuB722awwlSiDE3hZgiAUTknZzGjPqyN3_f7uK8ZvftSwP4OvjDg_6WTAN6MwcrRpbHWMESWnJt_8WwFicch1iMPINZnCBjUl9MWh9s8L_gc/s320/7.jpg)
විද්‍යාවේ පිහිටෙන් අපට අද දැක ගත හැකි සෙනසුරුගේ සිත්කළු වළලූ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU4mmnCtkBcv7jUMJ2dEr5zX_kN2BwIWCw40NCMJ9AzYAGwqt94lenavulWomoLKXFBSSNbM37akrkiKngMx7ix7KmupOt3EzF6iOzfZHeDoqtwAeeMNbKDAFqPPI1otT2JdpvknoUGhI/s320/8.jpg)
මේ සෙනසුරු වළලූවල අලූත් ම දර්ශන එවනු ලැබුවේ කැසිනි යානය වෙනත් කක්ෂයකට මාරු වීමෙන් පසුවයි. ඒ මාරුවීම සනිටුහන් කරන්නට එවූ දර්ශන ලෙසයි, කැලිෆෝනියාවේ පසදේනාහී පිහිටි ජෙට් ප්රචාලන රසායනාගාරයේ නාසා නිලධාරින් දකින්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNIbNM8CHt3h16rjy0k9qxccSFAaNidO2J2O9u5sIgE7BX7Kl1cddmHkcMBcBtO6rZuftUgvmemQykXubw5CksfuFmCGlaxmhtzuyP0popX4MGQN17BK4OfRU4CkjTEoqXfKw-wxloJc0/s320/9.jpg)
කැසිනි අභ්‍යවකාශ යානය වසර අටක් තිස්සේ සෙනසුරු වටා කක්ෂයක යනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoXE1QPwSmlGuaPm-OWCwixwUZEa-s1yMI44IHW7IFE_SJgbC2eZPfaLBqNCRaFHPQvMX1iqmA47h3_xWipCu1KUkJYPXoa-L2B0leTkLPzZySw7Z0cA9N62eJKt27luU-Jl-XjHRtsdo/s320/10.jpg)
බැලූ බැල්මට සෙනසුරු සාමකාමී ග්‍රහයකු ලෙස පෙනුනත් එහි වළලූ නිතර ම වෙනස් ඒවායේ ස්වරූපය වෙනස් කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpT2yu_kzS-aEPHupsKorc-e2qbsukqvgnLTc0uger2bJOIiGdwUqMcatM77SbF4jwhqHbweB55COxKYbPyVBk4H6fXDYjAemJ1fOnze7tvwunSH5N5EzE5436KpYI8A2ePF3xMtqDOWU/s320/11.jpg)
වසර දෙකකට පසු ප්‍රථම වතාවට කක්ෂය මාරු කළ නිසයි, කැසිනි යානයට මේ දර්ශන එවන්නට හැකියාව ලැබුණේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRg52B2aQGFa_2T7PrRKohn3nCSDIyCYb7hWA3BJ7PJr8vxBsnLnFAVR_uU7SYmdE9ZSGcABr7VEfF8bHXL8MSx2wv2W342y8KpBCIQV-PC8rXBHHis-7ArqD8bLNVGTm0JureGc0mlWc/s320/12.jpg)
විද්‍යාඥයන් මේ දර්ශන පාවිච්චි කර මෑත දී ඒ වළලූවල මතු වූ ගුප්ත බමන හැඩ ගැන විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5tQzWKSStB6lD9EbyXkc9fYuB1DOWY4LlBneOGv8SvZNPeVMjHpsTwtfnokf8Q8r1I-HLwb9PJicj-VM25rMv591dV3SZv9yMHNXf1RgABhdD7ArevTp-8moGj-kW1fi06SPxrnKm9YI/s320/13.jpg)
අපට පොළොවේ සිට බලන විට සෙනසුරු මේ විදියට දැක ගන්න බැහැ. ඒත් මේ කාලයේ වඩාත් දීප්තිමත්ව පෙනෙන නිසා අහස පැහැදිලි නම් ඔබට පියවි ඇසට සිකුරු මෙන් බබලනු දැක ගත හැකියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU1_LLKmmTdnk8zwsK8rg0U-OWv7EAM8iBUbluelYHrZ9h99nlkwx2Zq4XXi3LEon4izRtlmDxgp73306t_e5pipOJJlYWeHZWeGc1Te4ds4B_Td8tuJqAigS1Ln9bYi8j7cN9z1ABkTI/s320/14.jpg)
සෙනසුරු වටා ඇති වළලූවල අලූත්ම රූප ඒවා නැවත අධ්‍යයනයට මඟ පාදා තියෙනවා.
සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහයා වූ සෙනසුරුගේ තොරතුරු
- සෙනසුරු පිහිටා ඇත්තේ සූර්යයාගේ සිට දළ වශයෙන් සැතැපුම් මිලියන 890ක් ඈතිනි.
- එහි විශ්කම්භය සැතැපුම් 74,897කි.
- එය ඉතා අධික ශීතලෙන් යුත් ග්‍රහයෙකි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් -140 (ෆැරන්හයිට් -220)
- එය තැනී ඇත්තේ දියර හා ඝන හයිඩ්රජන් හා හීලියම් යන වායු දෙකින්. එහ කෙතරම් සැහැල්ලූ ද යත් ජලයේ පාවෙන තරම්ය.
- එය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ එහි ඇති වළලූ නිසයි. මේ වළලූ මුලින් ම හඳුනා ගත්තේ 17 වන සියවසේදියි. ඒවා සෙනසුරුගේ සිට සැතැපුම් 46,000ක් පිටතට විහිදී තියෙනවා. ඒවායේ සම්පූර්ණ විශ්කම්භය සැතැපුම් 170,000ක්.
3 Comments
තව පාරක් නිදහසේ කියවන්න ඕන... :)
ReplyDeleteස්තූතියි.. හොඳ ලිපියක්
ඉතාම වටිනා ඡායාරූප සහ වටිනා තොරතුරු....... ඔබට ජය
ReplyDeletetanks a lot
ReplyDelete