HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මින් පෙර කිසිදා නුදුටු දසුනක් දැක ගන්න! කිසිදාක කැමරාවට නොනැඟූ මොංගෝලියානු හිම දිවියන්ගේ දුර්ලභ රූප පෙළක්!

හිම දිවියන් ලැගුම් ගන්නා තැන් හා පැටවුන් කැමරාවට නැඟු පළමු වතාවයි, මේ. මොවුන් හමු වුණේ මොංගෝලියාවේ ටොස් කඳුකරයේදියි. මේ වන හිම දිවි මව හා පැටවුන් ඇතුළත් වීඩියෝ දර්ශන කැමරාවට නගා ඇත්තේ පැන්තේරා බිළාල සංරක්ෂණ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් පිරිස හා හිම දිවි පදනමට අයත් කීපදෙනකු විසිනුයි.

මේ හිම දිවියන් වනාන්තරය තුළත් සැඟවී ජීවත්වන නිසාත් ඔවුන් ස්වභාවයෙන් ම කුලෑටි සතුන් වන නිසාත්, නිතර ම පලා යාමට බලන නිසාත් ඔවුන් කැමරාවට නැඟී ඉතාමත් අසීරු දෙයක්. ඔවුන් ලැගුම් ගන්නා තැන් සොයා ගැනීමත් ලේසිපාසු දෙයක් නෙවෙයි.

පැන්තේරා හිම දිවියන් සොයා වනයේ සැරිසරණ විද්‍යාඥ කණ්ඩායමේ ක්ෂේත‍්‍ර විද්‍යාඥයෙකු වූ ඕජාන් ජොන්සන් ඔවුන්ගේ ලෙනකදී මේ රූප පෙළ කැමරාවට නැඟුවේ ඔවුන්ට නොදැනෙන තරම් දුරක සිටයි. කැමරාව දිග රිටක ගැට ගහලා තමයි, පාවිච්චි කළේ. පැටවුන් ඉන්නා ලෙනෙහි මුව ගල්වලින් අඩක් ආවරණය කළේත් මේ විද්‍යාඥ කණ්ඩායමයි.

 
වනයේ දී හිම දිවි පැටවුන් අතට ගත් දුර්ලභ අවස්ථාවක්. මොංගෝලියාවේ සතුන් අධ්‍යයනය කළ යුත්තේ ඔවුන්ට බාධා නොවන පරිදි ඔවුන්ගේ පරිසරය තුළ සිටියදීමයි.

 
ඉතාලියේ සිට මෙහි ආ මාටියා කලම්බු එක් පරිස්සමෙන් ලෙන තුළ තබන අයුරු.

පැන්තේරා හිම දිවි වැඩසටහනේ එක් විධායකයකු වූ ආචාර්ය ටොම් මැකාති ඒ ගැන මෙසේ විස්තර කරනවා: ”අපි අවුරුදු ගාණක් ගත කළා හිම දිවියන් පැටවුන් බිහි කරන කාලය හා ඒ පැටවුන්ගේ ජීවිත අවදානම ගැන හදාරන්න. මේක සුවිශේෂ මොහොතක් අද ලෝකයේ වඩාත් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච සතෙකු ගැන තොරතුරු සොයා ගන්නට ලැබුණු. මෙයින් ලබා ගන්නා තොරතුරු අනාගතයේ මේ අති දුර්ලභ සතුන් සුරක්ෂිත කිරීමට යොදා ගැනීමට හැකි වේවි.

මේ පශූ විද්‍යාඥයකු ඇතුළු මේ පිරිස හිම දිවියන්ගේ ලෙන්වල ඉන්නා පැටවුන් බලන්න ගියේ ඔවුන්ගේ මවුවරුන් ඉන් පිටත දඩයමේ ගිය පසුවයි. එක ලෙනක පැටවුන් දෙදෙනකුත්, අනෙක් ලෙනෙහි එක් පැටියකුත් හිටියා.

මේ පැටවුන් තුන් දෙනාගේම පරිස්සමෙන් බර බලලා, දිග මැනලා, ඡායාරූප ගත කරලා, අනෙක් අවශ්‍ය තොරතුරු සියල්ලම වාර්තා කර ගෙන අම්මලා එන්න කලියෙන් ඔවුන් එතැනින් ඉවත් වුණා.

ඒ පැටවුන් දෙදෙනකුට හඳුනා ගැනීමේ මයික්‍රොචිප් සවි කළා. එය ප‍්‍රමාණයෙන් වී ඇටයකට වඩා ලොකු නැහැ. එය ඔවුන්ට නොදැනෙන්න සම යට තැන්පත් කළා, ඒ ඉදිරියේ දී ඔවුන් හඳුනා ගන්න පහසු වෙන්නයි.

ඔවුන්ගේ උපරිම උත්සාහය වන්නේ මේ හිම දිවියන් වඳ වී යාමේ තර්ජනයෙන් ගලවා ගැනීමයි. මේ කණ්ඩායම හැම විට ම කි‍්‍රයා කරන්නේ ඉහත කී කරුණ සිත්හි තබා ගෙනයි.

ඊළඟ දිනවල පර්යේෂකයන් කළේ හිම දිවි අම්මලාගේ ගමන් බිමන් ගැන සුපරීක්ෂාකාරීව සිටීමයි. ඒ අම්මලා ආපසු පැටවුන් සොයා ඒම සහතික කර දැනගනු පිණිසයි. ඔවුන් සිතූ පරිදි ම අම්මලා පැටවුන් සොයා ආවා.

 
පර්යේෂකයන් වග බලා ගන්නවා, මයික්‍රොචිප් සවි කිරීමේ දී ඔවුන්ගේ ජීවන පරිසරය අවුල් නො වීම ගැන.

 
හිම දිවියන් ඔවුන්ගේ නිවස ලෙස තෝරා ගත්තේ කලින් පර්යේෂකයන් විසින් කට ගල් අවුරා සැකසූ මේ ලෙනයි.

පැන්තේරා විධායක අධ්‍යක්ෂ ආචාර්ය හොවාඞ් ක්විග්ලි මේ ව්‍යාපෘතිය ගැන පළ කරන්නේ මෙවන් අදහසක්:

”මේ යෝධ බිළාල ගහනය ගැන හොඳින් තේරුම් ගන්නට නම් මේ සතුන්ගේ ජීවිතවල මුල් දින හා සති කීපය ගත වන ආකාරය ගැන දැනුවත් වෙන්න ඕනෑ. අලූත උපන් පැටියකු ලොකු වී නිරෝගී පරපුරක් බිහි කිරීමට ඇති ඉඩ ප‍්‍රස්ථා කොපමණ ද යන්න ගැන තේරුම් ගන්න ඕනෑ.

”මෙවැනි තොරතුරු සංරක්ෂණ වැඩ සටහනකට ඉතාමත් වැදගත්. මේ හිම දිවි පර්යේෂණ වැඩසටහනෙන් එය හොඳින් ඉටු වෙනවා.”

‘ආසියානු කඳුකර අවතාරය’ යන අරුතින් ස්වදේශිකයන් හඳුන්වන මේ හිම දිවියන් පිළිබඳ සමාජ ගත දැනුම ඉතා සීමිතයි. ඊට හේතුව මේ සතා නිතරම සැඟවී ජීවත් වීමට පුරුදුව සිටීමයි. මෙතෙක් මේ සතුන් වනගතව පැටවුන් බිහි කරන අයුරු හා ඔවුන් හදා වඩා ගන්නා අයුරු ගැන දැනුමක් තිබුණේ නැත.

 
ලෙන තුළ ඉන්නා මේ කුඩා පැටවුන්ට වී ඇටයක් තරම් මයික්‍රොචිපයක් සවි කර තියෙනවා.

මේ වන තෙක් අධ්‍යයනය කිරීමට හැකි වූයේ අල්ලා ගෙන සත්වෝද්‍යානවල ජීවත් වන හිම දිවියන් ගැන තොරතුරු පමණයි. සතුන් වත්තකදී හිම දිවි දෙනක් වරකට පැටවුන් එකේ සිට තුන දක්වා ප‍්‍රමාණයක් දමන නමුදු වනගත ජීවත් වෙද්දී කොතරම් ගණනක් පැටවුන් දමතැයි දැනුමක් තිබුණේ නැත.

එසේ ම වනදිවියේ දී හිම දිවි පැටවුන් ස්වාභාවික විලෝපිකයන්ට ගොදුරු වීමේ අවදානමක් ද තියෙනවා. එසේ ම සතුන් අල්ලා විකුණන අයගේ ගොදුරු බවට පත් වෙනවා. මේ නිසා මෙතෙක් වැඩිහිටි බවට පත් වන හිම දිවි ප‍්‍රතිශතය පැවතියේ අනුමාන කිරීම් මතයි. මේ සමීක්ෂණයෙන් පසු මේ තත්වය වෙනස් වනු ඇති.

පරිගණක මයික්‍රො චිප සවි කිරීමෙන් හා ඔවුන්ගේ ගමන් බිමන් ගැන විමසිලිමත් වීමට ඔවුන්ගේ ජීවන කලාපය තුළ වීඩියෝ කැමරා සවි කිරීමෙන් ලබා ගන්නා දත්ත හා රූප විද්‍යාඥයන්ට ඔවුන් ගැන හැදෑරීමට බෙහෙවින් ම ප‍්‍රයෝජනවත් වෙනවා.

හිම දිවියන් පැටවුන් බිහි කිරීමට ආරක්ෂිත තැන් තෝරා ගන්නා හැටි, එවැනි ලෙනක පැටවුන් කොපමණ කලක් රැඳී සිටිනවාද, මව සමග වනයට යන්නේ කවදාද, මව ඔවුන්ට තනිවම දඩයම් කරන්නට ඉඩ හරින්නේ කවදාද, වනයේ දී වරකට කොපමණ පැටවුන් බිහි කරන්නේ ද, අවසානයේ දී කොපමණ ගණනක් දිවි රැක ගැනීමට සමත් වේද, ආදී වශයෙන් නැෙඟන සිය ගණනක් ප‍්‍රශ්නවලට පිළිතුරු මේ ව්‍යාපෘතිය මගින් ඒ විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙනවා.



Post a Comment

1 Comments