මනුෂ්‍ය ජීවිතයක හැටි!
මිනිස් ජීවිතය කම්කටොලූගොඩකි. මෙලොවට ආවේ කැමැත්තක් ඇතිව නොවේ. මෙලොවින් යන්නේද අකැමැත්තෙනි. මේ ගමන් දෙකට මැදි වී ජීවිත ගමන ද ගල්මුල් සහිත පාරක් දිගේ ය. පරස්පර දෙගිඩියාවන් මේ ගමනෙහි විශේෂාංගයකි.
මිනිසා කුඩා කල වැඩුණු කාන්තාවෝ ඔහුගේ මුහුණ සිඹිති. ඔහු වැඩුණු පසු හාදු ලබන්නේ ළපැටික්කියන්ගෙන් පමණ ය.
ඔහු දුප්පත් නම් ඔහු නිවට කළමනාකාරයෙකි. පොහොසත් නම් වංක ශූරයෙකි.
ඔහුට ණයක් ඕනෑ වූ විට කිසිවෙක් ඔහු විශ්වාස කර ණය නොදෙති. ධනවතෙක් නම් සෑම දෙනා ම ඔහුට පිහිටක් දීමට උදවුවක් කිරීමට සූදානම් වෙති.
ඔහු දේශපාලන වැඩට බැස්සොත් ඔහු අල්ලස් හා පගා ගන්නෙකැයි කියති. නොබැස සිටියොත් රටට ආදරය නොකරන ජාතිභ‍්‍රෂ්ටයෙකැයි කියති.
ඔහු පිනට දෙතොත් ඒ ලෝකයට පෙනෙන්ටයැයි කියති. නොදෙතොත් කුණු ලෝභයෙකි.
ආගමට දැඩි භක්තියක් දක්වතොත් ඔහු හොර උපාසකයෙකි. පන්සලට පල්ලියට නොයතොත් ඔහු පව්කාර කාලකණ්ණි යෙකි.
කරුණාව දක්වන කල ඔහු දුර්වලයෙකි. කිසිවකුට සිනා මුහුණක් නොපෙන්වා ඔහු යුතුකම් කළොත් ඔහු දරුණු යක්ෂයෙකි.
බාල වයසෙහි මිය ගියොත් ඔහුට දීප්තිමත් අනාගතයක් හිමිව තිබුණේ යැයි කියති. මහළු වී නැසුණොත් ලැබුණු අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන නෙගෙක ජීවිතය අපතේ හැරිය කෙනකැයි කියති.
මුදල් එකතු කළොත් ඔහු මසුරෙකි. වියදම් කළොත් නාස්තිකාරයෙකි. බොහෝ උනන්දුවෙන් වැඩ කරන්නෙක් නම් ඔහු පිස්සෙකි. නොකළොත් අලසයෙකි. .... කෝ මිනිසාට නිවනක්!
(1953 මැයි - ජූනි ‘පාඨකයා’ සඟරාවෙනි.)
1 Comments
ඇත්ත ම ඇත්ත. දුක කෙලවර වෙන්න නිවනටම යන්න ඕන...
ReplyDelete