HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මය දනවන ඇස්! ඔබේ ඇස් හඳුනා ගන්න!

අපේ ඇස් සෙලවෙන විට ඒවා සම්පූර්ණයෙන් ම අන්ධය. එහෙත් යම් ද්‍රව්‍යයකට ඇස් තුඩු දුන් පසු එම ද්‍රව්‍යය සෙලවෙන විට ඇස් ද ඒ සමග ම සෙලවෙන කල අන්ධ කමක් නැත. මෙහි ඇත්ත නැත්ත අපට පහසුවෙන් අත්හදා බැලිය හැකිය.

කන්නාඩියක් ඉදිරියේ සිට ඔබේ එක් ඇසක් දෙස බලන්න. පළමුව ඒ ඇසේ දකුණු කෙළවර දෙස බලන්න. ඊ ළඟට ඒ ඇසේ ම වම් කෙළවර දෙස බලන්න. ඔබට ඇස ගමන් කරනවා පෙනුනේ නැත. එයට හේතුව ඇස සෙලවෙන්නට පටන් ගත් මොහොතේ එය අන්ධ වීමය. මේ අන්ධ මොහොත අපට නො දැනේ. එයට හේතුව ඇසට අන්තිමට පෙනුන රූපය අන්ධ වූ ස්වල්ප වේලාව තුළ මොළයේ රදා පැවතීම ය.


මෙසේ ඇස අන්ධ වීමෙන් මොහොතින් මොහොත දර්ශන පටලයට විවේකය ලැබේ. එය ඇසට මහත් පහසුවකි. ඒ හැරත් ඇස සෙලවෙන විට පෙනෙන්නේ සෙලවෙන චිත‍්‍රයක් නිසා එය පැහැදිලි නැත. මෙම ව්‍යාකූල චිත‍්‍රය වැළැක්වීම පිණිස ඇස සෙලවෙන විට එය අන්ධ වෙයි.

අපේ ඇස් ගැන තව කිව යුතු පුදුම රහසක් නම් ඇස් ඇති කාගේත් එක් ඇසක් ස්වාමි ඇසත්, අනෙක ඇස් වහල් ඇසත් බව ය. සතුන්ගේ ඇස් දෙක ඡායාරූප ගන්නා කැමරා දෙකක් වැනි ය. එක එක ඇසින් වෙන වෙන චිත‍්‍රයක් ලබයි. මිනිසාගේ මොළයේ දී පමණක් මේ චිත‍්‍ර දෙක එක් චිත‍්‍රයක් වෙයි. එසේ වුව ද ඇස් දෙකෙන් ම එක සමාන චිත‍්‍ර දෙකක් මොළයට ලැබෙන්නේ නැත. දකුණත්කරුවකුගේ දකුණු ඇස ද, වමත්කරුවකුගේ වම් ඇස ද මොළයට වැටෙන චිත‍්‍රයෙන් වැඩි කොටසක් ලබා දෙයි.

ඉතිරි ඇස එම චිත‍්‍රයෙහි අඩු ලූහුඬු යමක් සැපයීම කරයි. එම නිසා ප‍්‍රධාන චිත‍්‍රය සපයන ඇසට ස්වාමි ඇස ය, අනෙක් ඇසට වහල් ඇස ය කියා, කියනු ලැබේ. එසේ හෙයින් අප සියලූ දෙනාම පාහේ දකුණැස්කාරයෝ ය. වම් ඇස දකුණැසහෙි උදව්ව පිණිස සේවය කරයි. එහෙත් දකුණු ඇස වැහුවොත් එකෙණෙහිම වම් ඇස දකුණු ඇසේ වැඩ ද බාර ගනියි. මේ කරුණ ද අපට අත්හදා බැලිය හැකි ය.

ඔබ ඉදිරියේ යාර දෙකක් පමණ ඈත තිතක් දෙස බලන්න. ඊළඟට තිත දෙස බලා සිටිද්දී ම ඇඟිලිවල පලඳින මුද්දක් ගෙන අත සම්පූර්ණයෙන් ම දිග හැර ඒ මුද්ද මැදින් තිත පෙනෙන සේ මුද්ද අල්ලන්න. ඊළඟට අත හෝ හිස හෝ නොසොල්වා ම වම් ඇස පියා ගන්න. ඔබ දකුණත්කාරයකු නම් ඒ තිත තවමත් මුද්ද මැදින් පෙනිය යුතු ය. දැන් දකුණු ඇස පියා වම් ඇසෙන් බලන්න. මුද්ද මැදින් පෙනෙන්නේ තිත නොව වෙන තැනකි. ඔබ වමත් කාරයෙක් නම් ඔබේ ස්වාමි ඇස වම් ඇස බව මේ අයුරින් ඔප්පු කළ හැකි ය.

(‘සයන්ස් ජර්නල්’ සඟරාවේ ලිපියක් ඇසුරෙන් ‘දැනුම’ සඟරාවේ පළ වූ පරිවර්තනයක් ඇසුරෙනි.)

Post a Comment

5 Comments

  1. හරිම තමයි. මම වමත හුරු කෙනෙක්. මගේ වම් ඇස වැසූ විට මුද්ද තිබුනේ වෙන තැනකයි. දකුණු ඇස වැසූ විට මුද්ද තුලින් තිත පෙනෙනවා. සර්වේ ක්‍රියාකාරකම් වලදී උපකරණ ස්ථාන ගත කරද්දිත් මං ඒ ගැන ටිකක් දැකලා තියෙනවා. අනිත් බොහොම ළමයින් වම් ඇස වසා දකුණු ඇසින් උපකරණ නාභිගත කරද්දි මම ඒ දේ කරන්නේ වම් ඇසින්.

    ReplyDelete
  2. මට අදහගන්නත් බෑ අපේ ගෙදර හැමෝටම මේක හරිගියා

    ReplyDelete
  3. බොහෝම වැදගත් විස්තරයක්

    ReplyDelete
  4. කලින් මේව දැකල තියෙනව දැන් තමයි තේරුනේ වෙන දේ :p

    ReplyDelete
  5. හ්ම්ම්ම්...

    ReplyDelete