මේ වගේ ගමනක් හැබැහින් යන්න නම් ඔබ අතිශයෙන් ම ධනවත් අයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා මේ සංචාරය ඉතාමත් දුර්ලභ එකක් ලෙසයි සැලකිය හැක්කේ. හඳේ නොපෙනෙන පැත්තටත් ඔබව ගෙනියනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhhxRWZ44dg-PyGoV7BtxvQVeU6YvgC9epttJXd_7GDCJP_QZU3NJ5f44L6jLW6qU0KU9Gq7cG0rDrx3-pC3QxFpRJiTGAzbfhxlby2i0ceDr7t1YwJyj-FHa-M3j_UHyFApjhfycwF8w/s320/1.jpg)
මේ හඳ කිසිදාක නුදුටු ලෙසට ඔබට මේ නාසා ආයතනයේ වීඩියෝවෙන් දැක ගත හැකි වේවි.
මේ සමග ඇති සවිස්තරාත්මක වීඩියෝව ඇමරිකාවේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිපදවූවක්. මෙතෙක් කිසිදාක මේ විදියට සඳ දකින්නට ඔබට ලැබුණේ නෑ.
අපට සැතැපුම් 221,000ක් දුරින් පිහිටි හඳෙහි විශේෂයෙන් වැදගත් තැන් මේ වීඩියෝවට හසු කර ගෙන තියෙනවා.
ඒ තැන් කීපයක් මේ රාමුවලින් ඔබට මුලින් දැක ගත්තෑකි. ඊට පස්සේ වීඩියෝව බලන්න. එහි විස්තර කථනය ඇත්තේ ඉංගිරිසියෙන් නිසා මේ සිංහල විස්තරය ඔබට එය තේරුම් ගන්න පහසුවක් වේවි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKaTARjGiwplWnHJCiu48KzbACNdNuO0zmRawtr-DB3upH2C8XvOHt5lYIKl6j6pvtgb5Ijex_7ZldGoJ-4GfKGFPFN0goUNTxFKMo842nZHUNq6cJZCve3yKWeYi_rKjpQ6py6YaVaNA/s320/2.jpg)
ආරම්භයේ දී ම ඔබට හඳ මතුපිටෙහි හමුවන දැවැන්ත ආවාටයක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI0lugiTQkT3cgsyVkx7UgK4PPJElWXWIoBHAk7SwPNJ2o5tLhDGEQiyLpQglvqyaHnsItT7oum-7chR1kkVNM2ktTwX8-zEglGzdknk_QKl9OxmsPMEQnJauXIs79RTezg6zzSBt2XPI/s320/3.jpg)
මේ හඳේ දක්ෂිණ ධ්රුවයේ ඇති එයිට්කන් ද්‍රෝණියයි (Aitken basin) මේ. සෞරග‍්‍රහ මණ්ඩලයේ දැනට හමුවී ඇති විශාලතම ආවාටයයි. හඳේ ඇති විශාලතම හා ගැඹුරුතම ආවාටයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjS9hZwhde_kQJ98A__qDU8iMydJ-ai-rvUdH4xwURNfNdbM8BGqwTruwip0CRne580nm7SlhOryDyB2m9eGt9fdKwXuiSwj-ixPgYkfxpsqEJ0EOVVWTohyphenhyphenRpm3XQKbJuOvFD-plEBaN0/s320/4.jpg)
නාසා කියන්නේ අද ඇති නව මිනුම් ක‍්‍රම නිසා සඳ මතුපිට මෙතෙක් නොදුටු විස්තර මේ ආකාරයෙන් දැක ගත හැකි බවයි. මේ හඳේ කඳුකර ප‍්‍රදේශයක්.
නාසා ආයතනය කියන්නේ ඔවුන් විසින් ලබා ගෙන ඇති අලූත් ම දත්ත අනුව එහි අපට නොපෙනෙන අඳුරු පැත්ත පවා සවිස්තරාත්මක ව දැක ගත හැකියි, කියලයි.
ආරම්භයේ දී ම දැක ගන්න ලැබෙන්නේ සඳෙහි ඇති දැවැන්ත ම ආවාටයයි. ඒ වගේ ම දැක ගන්න පුළුවන්, හඳේ දක්ෂිණ ධ්රුවයේ පිහිටි ෂැකල්ටන් ආවාය. (Shackleton Crater) එයට ඒ නම දීලා තියෙන්නේ පෘථිවියේ දක්ෂිණ ධ්රුවය තරණය කළ ඉංගිරිසි ජාතික අර්නස්ට් ෂැකල්ටන් සිහිවීම පිණිසයි.
තවත් වැදගත් තැනක් තමයි, හඳේ දක්ෂිණ ධ්රුවයේ ඇති එයිට්කන් ද්‍රෝණිය (Aitken basin). ඒක තමයි, අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ මෙතෙක් හමු වී ඇති විශාලතම ආවාටය. හඳේ ඇති ගැඹුරුම හා විශාලතම ආවාටයත් එයයි.
හඳේ අඳුරු පැත්ත අපට පොළොවේ සිට දැක ගත නොහැකියි. එම අර්ධගෝලයේ ඇති විශාලතම ආවාටය වූ මෙහි විශ්කම්භය සැතැපුම් 1,600ක්, ගැඹුර සැතැපුම් 8.1ක්.
මේ අඳුරු පැත්තේ බිමෙහි කිසිම ගවේශනයක් මේ වන තෙක් සිදු කර නැහැ.
මේ තවත් වඩාත් වැදගත් තැනක්. ටයිකෝ ආවාටය අසල ප‍්‍රදේශය. ඇමරිකාව 11 වැනි වරට කළ මෙහෙයුම වූ ඇපලෝ 17 සඳ ගමනේ දී ගොඩ බට ස්ථානයයි, මේ. මිනිසුන් රැගෙන ගිය අවසන් සඳ ගමන එයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_QtzPxoBlox9XJrNFV3t9_PoZyPBADEiMmtuAK-uyypupaBEUE1sZXuW-BOWm5D1YJIAHjlYdrNQXumO90iAjF2tVXnlFwKLzaEHFrEi-7XeWZLmE5U9o5hX8sP5RecUplb_2Mupoo-g/s320/5.jpg)
මේ වීඩියෝවේ එන අපට වැදගත් තැනක්. අවසානයට හඳට ගොඩ බට ඇපලෝ 17 යානය බැස්ස තැනයි, මේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNAgku4Jw-TMJhyphenhyphenwFOe6t0VwjBMVfxznfMQqxWtL98sYUmlufQvyUQ9ErToB0UBTNkTIm5gIjykqKGaPcHjdGJSn-eMuFzCpC-q6yIMhN2ZcIfd55-4pYn0ycqUrAcKBZoDJK4dfDRHbc/s320/6.jpg)
ඇපලෝ 17 මෙහෙයුමේ චන්ද්‍ර යානය ගොඩ බට ටෝරස් ලිට්රෝ නිම්නයයි, මේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsmXkZukPvZlK8NdZf6FTufOCQIiL93D2yeFdq2A_QM1fCu1HH6R6IDywtnEvh4zY5Bu_uIf6dw6XBM95zvgW3brQaFoz_PSvmRaq3htAY4NjZTrWlmfbXh4hswxjqZWeGX9ncIMkgEeU/s320/7.jpg)
ඔරියන්ටල් ද්‍රෝණියේ පිහිටීම දැක්වෙන රූප රාමුවක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZGBWL1OJzFTkZ40GFvaS40MxSO1hK2Ll_f0EhO38wgkZJpx5SF_fapihYTqL2FsCFEbz1uIgn-nbRG_QkXudbH2IaQJ4Fj_g7Zd1Q_nEMjgkVTymXGyrT_Xv2YhFMrbAWgEujNSiihwk/s320/8.jpg)
හඳේ දක්ෂිණ ධ්රුවයේ පිහිටි ෂැකල්ටන් ආවාටය. (Shackleton Crater) එයට ඒ නම දීලා තියෙන්නේ පෘථිවියේ දක්ෂිණ ධ්රුවය තරණය කළ ඉංගිරිසි ජාතික අර්නස්ට් ෂැකල්ටන් සිහිවීම පිණිසයි.
නාසා ආයතනයේ වීඩියෝවෙන් ඔබට දැක ගන්න පුළුවන්, ඇපලෝ 17 හඳ ගමනේ දී මිනිසුන් ගොඩ බට ටෝරස් ලිට්රෝ නිම්නය (Taurus Littrow Valley) එහි චන්ද්‍ර යානය ගොඩ බට තැන සඳෙහි පැද වූ රෝවරය, සඳගාමීන් එහි ගමන් කරමින් තැබූ සලකුණු ආදිය දැක ගන්න පුළුවන්.
නාසා ආයතනය ‘යූ ටියුබ්’ එකට මේ වීඩියෝව නිකුත් කරමින් මෙහෙම කියනවා: ”මිනිස් ඉතිහාසය පුරා සඳ නොවෙනස්ව පැවතියත් පසුගිය කාලය තුළ අපට ඒ ගැන බොහෝ දේ තේරුම් ගන්න හැකි වුණා. අනාදිමත් කාලයකට පෙර එය බිහි වූ හැටි, පරිණාමය වූ හැටි තේරුම් ගන්න අපට හැකි වුණා.
”අලූත් මිනුම් ක‍්‍රම හා ලැබුණු දත්ත අනුව අපට දැන් එහි මතුපිට මෙතෙක් නොදුටු ආකරයට ස්විස්තරාත්මක ව දැක ගන්න පුළුවන්. මේ අලූත් දැනුමත් සමග හඳත් ඒ වගේ ම අපේ සෞග‍්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් පාෂාණමය ග‍්‍රහයනුත් දැන් අප දකින ආකාරයට පත් වූ හැටි තේරුම් ගන්න අපට හැකි වුණා. හඳේ මෙතෙක් නොදුටු සිත්කළු තැන් නරඹා හඳ ගැන තවදුරටත් ඉගෙන ගන්න.”
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisByqrtyTgsO6sf3J3TeC6h0em1OBzis-tDshJV2Xr6i72xX_a8Df3CsnRPjoWDFKfLNcz0_Y4DAdOqoQm-ogcBShZKizJ1pEdV4AutVW3swwtOFlWoUfxGtOPx7J2JB9TBKDe0gPWpkI/s320/9.jpg)
ටයිකෝ ආවාටය (Tycho Crater) අසල ප‍්‍රදේශය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX5XxFIDEHWajGCrI7uefFCDc6DvFO5ePuSo7mN1eOCuH8zW4ox4bPXMAC_UMBTsMJuC9z_2rIR8sRjyiDNqoYsSOEErK6y3E3fHMkJWBHoqlYKF-h9eCZ2A65yREZUiriALu9RolALV4/s320/10.jpg)
හඳේ අඳුරු පැත්තේ ඇති ජැක්සන් ආවාටය (Jackson Crater) පොළොවේ සිට බලන විට මේ පැත්ත පෙනෙන්නේ නැත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqP2LgbG4VhEu4xOLx864iIUGMrnrBS7FPy81Y4t3SHFTJQzdLcNhKnHlr3lWL8XuFp_QQWW4gFWrZiTeuEOafOWYAKbUErILYPvlqh_CH4cA_Ffk219DRVsSOzYC-fymL0M89gGfpj84/s320/11.jpg)
මේ තවත් ගැඹුරු හා අඳුරු ආවාටයක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHAVCEYiOneXf8IAYDzJU-nBCaRz1WgYmeefPVlaIW_J-2gC-CP2n27d_ChgyNUhRB1ABFfPRDH-XBVQ6LJ1zdfF52xHk9MVR6g2UHfZ4MpUki-pLRmwhbXmpA927sM4S45gYqj_2v_7o/s320/12.jpg)
ඇරිස්ටාකුස් සානුව (Aristarchus Plateau)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdvsChD3ZRTbe7i6kxNCoPjPQQD4qRzdeqsTNEbOsBJ4QCEIYaghcJeNHZKTIBPaEL2obIeALCJvP6I0g6TwUDHiRdak6ZP-wxgVTDsHdSJ79rn_HyEwZwy4F_ZvMEHzcgIwVoDPRuOZ0/s320/13.jpg)
නාසා ආයතනය කියන්නේ මේ වීඩියෝවෙන් හඳ ගැන බොහෝ දේ ඉගෙන ගත හැකි බවයි. මේ රූප රමුව කොම්ප්ටන් බෙල්කොවිච් (Compton-Belkovich) ආවාටයේයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsEQthyLpJjHtMIlkH7KimiLrS3NOlCL0SWedcVFf5O0iuGhADaN2VHZNUrVjg4Jx-pG38GfpO1TO338qT_iQG5ksb5jDPJ0YU8eqSiqfbguKQyu_SwEAfmnb6pbAldOlyzre-qWnIAHo/s320/14.jpg)
මේ අලූත් ම රූප රාමුවෙන් දැක්වෙන්නේ හඳේ අඳුරු පැත්තේ පිහිටි සියල්කොවුස්කි (Tsiolkovsky) ආවාටයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfIvHv3fcRCkZ5NiIem5NieUJQDLsobefcAAfQ_trly2UvMGKvx4GbJULrZ7Ls9LZPDINwIUbcK9no8VeAEf5pakVrIYnZZDwGPM52lRN5zFBdXFpYPFudIg_mrEW6wy1E-LnZT1SqH1U/s320/15.jpg)
මේ තරම් පැහැදිලි රූප මීට කලින් දැක ගන්න ලැබුණේ නැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEis3QFEWrJEdernTVMV1jSpf9pvSEzu-ud1V0661nzA3Ve2AgzqRdgD1STIqmL0nmb2wKT19YhbYOMZU_RQznV6x4W8rSZ4dnMiGvULAhKieF9bOI-TrgHdIosVeyKApF_UWvm39AcIxpk/s320/16.jpg)
නාසා ආයතනය කියන්නේ, ”මිනිස් ඉතිහාසය පුරා සඳ නොවෙනස්ව පැවතියත් පසුගිය කාලය තුළ අපට ඒ ගැන බොහෝ දේ තේරුම් ගන්න හැකි වුණා.’ කියලයි.
1 Comments
ඉතා අගනා ලිපියක්!
ReplyDelete