‘ෆ්ලොරසන්ට් ආලෝක ධාරා සමග කරන කිමිදුමක්’ ලෙස හැඳින්වෙන මේ ක‍්‍රමයට අනුව කිමිදුම්කරුවන් පාරජම්බුල කිරණවලට ආසන්න ආලෝක ධාරා රැගෙන කිමිදීමෙහි යෙදෙනවා. එහිදී ඔවුන්ට දැක ගන්න පුළුවන් වුණා, ඒ ගැඹුරේ ජීවත්වන සතුන්ගේ සැඟවුණු පාට වර්ග. මොළයට සමාන හැඩයක් ඇති ගල්මල් වර්ගවල පටන් ඇල්ගේ හා බැක්ටීරියා වර්ග දක්වා සෑම දෙයක් ම ස්වාභාවික ජෛව සන්දීප්තයෙන් බැබලෙන බව හෙළිදරවු කෙරුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXeHbHw2R6kOOBLTb7bFitC1fMzmyoDsTPEBXioOY-438lkva_USg6pPlN5GslJQ_DNG1w-a4ko-xSyF1hCiGPQSnZ4SZVIlzkeEbVJol1Y5GwfRh977MOwiO1raXIf8rEghEH2qrLoeY/s320/1.jpg)
සිලින්ඩරාකාර දිය ලිලියක් (Cylinder water lily) සේ හැඳින්වෙන මෙය අඩි 49ක් ගැඹුරේ දී නියොන් එළියෙන් දිස් වූ හැටි.
කිමිදුම් කරුවන් ගෙන යන පාරජම්බුල කිරණ රැගත් ආලෝකධාරාවලින් නිකුත් වන කිරණ ඒ සතුන්ගේ සමෙහි ඇති වර්ණක ෙසෙලවල වැදී පරාවර්තනය වන විට වර්ණවත් දීප්තියෙන් ඒ සතුන් බැබලෙනු ඔවුන් දුටුවා. සාමාන්‍ය ආලෝකයේ දී ඔවුන් තුළ එතරම් ආකර්ෂණයක් තිබුණේ නැහැ.
මේ නව ක‍්‍රමය භාවිත කරනු ලැබුවේ ලොවපුරා කිමිදුම් නිකේතනවල අය අවට මුහුදු පත්ලේ වෙසෙන අලූත් සතුන් සොයන්නයි. රතු මුහුදේ කිමිදුම්කරුවන් ආලෝකය පාවිච්චි කළේ ස්පන්ජියන්, ගෝනුසු මසුන් හා ඇල්ගී වර්ග සොයා ගොඩට ගේන්නයි.
මේ තාක්ෂණය විශේෂයෙන් උපකාර වුණේ කෙරල් පරවල සැඟවුණු වර්ණ හෙළිදරවු කර ගන්නයි. රතු මුහුදු පත්ල මුළුමනින් ම විවිධ වර්ණවලින් පිරුණා. ගෝනුසු මාළුවා රඹ පැහැයෙන් දිළිසුණා. දිය ලිලී ලෙස හැඳින්වුණු සතා ප‍්‍රතිදීප්ත හරිත පැහැයෙන් බැබළුණා. ගල්මල් සතුන් විවිධ වර්ණ පෙන්නුම් කළා.
මේ ඡායාරූප කැමරාවට නැඟුවේ රාති‍්‍ර කාලයේදී ආලෝධාරා රැගෙන කළ කිමිදීම්වලදියි. මුහුදු ජීවින්ගේ ජෛවසන්දීප්ත ලක්ෂණ මතු කර ගන්නට කිමිදුම්කරුවන් රැගෙන ගියේ පාරජම්බුල කිරණ විහිදුවන විදුලි පන්දම් විශේෂයක්. සමහර තැනක දී ඡායාරූප ශිල්පියාට අඩි 49ක් තරම් ගැඹුරට කිමිදීමටත් සිදු වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU0zORWsTz6-DfD5-u-f-yiaa3DxA6qgzpMJxc0Y0sRiQo7Z1sJelU4o3z2q3Oba-X1P-jtMpzQPi6UsVA8pA5NacUkTjV6mBYv9BWRUlfILltYtrcBrFSAvlKH8-6rLALi9N3naPM8mI/s320/2.jpg)
රතු මුහුදු පතුළේ සිටින සීඇනිමොනයාවන් සිවු දෙනකු කිමිදෙන්නන් ගෙන ගිය නියොන් ආලෝකයෙන් දීප්තිමත්ව පෙනුනු අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAEd-SH3tqRO1HYVQvOKA5z5BMDGF22N-k4MKMg_Gqrv-wplZ9idif13OKR1a6i61-EaorxxJWfc6qd-f7HNqpVi8hJ0ipnYIqTnZr91s9GOpnmq3avO_cwg33QQ8K57YvWWdh2WR1HU4/s320/3.jpg)
ගෝණුසු මාළුවා හා ඒ අවට කොරල් (ගල්මල්) හා ඇල්ගී ආදිය ආලෝකමත්ව පෙනුනු හැටි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKwy-KRbLJSeGqwUP06BhDS0LoVYqskwlofcmmsMOxPiVA-RQeOSqEQdZrNzxti0QNy9yCWsTMiMpOjprUSQm81-_ecGRjZHwcN4zDjDWXe29rh4EVidrdUE6uAUnE0HuLagGJK1Bm9qw/s320/4.jpg)
කොරල් සතකුගෙන් ආලෝකය විසිතුරු ලෙස පරාවර්තනය වූ හැටි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyWvc2lA-2pRJ8_pkPqvUz_mBLTYaj_IAdg8UurZCOtb5O60RrUSvTvb26gSkV774lqzzc5QH1ORGTMGV4YZ6sA2fh273ZN4izgtC07BexpcO6ns3QFKxC8A2c5bo2U7mRHg-7eTcYPFA/s320/5.jpg)
මොළයක හැඩතල ගෙනෙන කොරල් සතෙක්. පාරාජම්බුල ආලෝක ධාරාවන් එල්ල වූ පසු දීප්තිමත්ව පෙනුනු අයුරු. කොරල් වඩාත් විසිතුරුව පෙනෙන්නේ ඒ අවට ඒවා මත වැඩෙන ඇල්ගී නිසයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO8-9HNas7QyQdkbkr8HAKGrs0EPWqVVHFqxy6QS3VtFkuV9xoGQMpv1IWETBp9eZVJ13hDzQmF-eeg9XpHlqWvejR0JvDoReC8gxDIoRpI5Ns14BScTvXA0zmQoDeuthdmJ2EbDzwfys/s320/6.jpg)
මේ තවත් කොරල් සතෙක්. සමුදුරු ජීවීනේගේ ජෛවප‍්‍රතිදීප්ත ලක්ෂණ මෙසේ දැක ගත හැකි වූයේ පාරාජම්බුල ආලෝක ධාරා එල්ල කිරීමෙන් පසුවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWZRCuCQ0C24mQyUf6MNqrE_aSYz8oHi0-EVhtMb56QZasDfWABybxOlogY6h5eHN_YKf1d1KwdJzNzByd3TUdJ7x1CQ3m8-nTR05q5dQlIFZvq3LGl9vgOir7Bf60MXbMwHp2BW_dNig/s320/7.jpg)
ජෛවප‍්‍රතිදීප්ත ආලෝකයන් සොයා ගිය ගමනේ දී බැක්ටීරියා හා ඇල්ගී දිස් වූ අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaXXZ1X5hex1VIdkx2gsxkq6wBhvI2WL8hOk_XwK9C7ae1bTmL9xctny47mrSc_6u-yFHQ5_ekKRdClI6rqqEE4WXNk_n8fyOLeLACLb0W8JYdIx8SypptnKOEGp2P5kfwH0pr90p1gf4/s320/8.jpg)
රතු මුහුදු පත්ලෙන් හමුවූ මේ ගල්මල් වර්ගයෙන් නිකුත් වුණේ කොළ හා කහ මුසු පැහැයක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyvQgjqDp8I2zi7Ru6pumDTZv3W6Ohpe9ICp2UIO0CgFAZij_eCasH0Hwy0RFf1Xg9POhtcOWQE0FXrDUFJdvc_KuhDmGMTq_uBN7iVsHTmpCuOzuHnb5OQccwUxI_wAEunwDHWo-FWf0/s320/9.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQbQeajkTldnRJH477YyDm-m45Fyg0UqrPWWwgb4n5nu8CelHcYn-qUvR-oOr5c2-grxoRVmTtIHOkwQMvraIklLTtuD1xGpEHix94vnvmX7KdQ300JvZVbmWNuCIkTeYtUWHA1cnqjm8/s320/10.jpg)
රැළිබෙල්ලන් හා ගල්මල් ෆ්ලොරසන්ට් ආලෝක ධාරාව වැටුණු පසු විවිධ වර්ණයෙන් බැබළුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgX3SCMN69TFwSbjyRQtM5N9mUMjWu2fSYq6cuODvv1iXnwkRAPqC4CafkSbsptnpohXvceRLL7dLG4GBankeysQ-f0PhC-rpeObHb0fe01u84pbFyaYuQ_PuWqYX-uDcIcDkPASuiGwHo/s320/11.jpg)
ෆ්ලොරසන්ට් ආලෝක ධාරාව වැටුණු පසු මේ ගල්මල් විශේෂය වරින්වර වර්ණ ගණනාවක් නිකුත් කළා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLJK70V5mNstK9rW4ekXu7Xk7bGkUAT46SU-MNEuy4pFxTW8XDomF8tcQILf0oT2Gvs-8qBzXXBfkuOuVmYt7N1tTHbmt-ISgDmTSL-aQvTBsiGDy0sWn_zYje1KFUU-nJTQkfY7JQTps/s320/12.jpg)
පාරජම්බුල කිරණ නිකුත් කරන විදුලි පන්දම් යොදා ගත්තා සාගර ජීවීන්ගේ ජෛවසන්දීප්ත ලක්ෂණ මතු කර ගන්න.
3 Comments
very beautiful pictures. valuable information
ReplyDeleteනියමයි
ReplyDeleteසමහක් විට අපිට නොපෙනුනාට ඒ සත්තූ දකිනවා ඇත්තේ ඔය විදිහට
ReplyDelete