HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න චීනයෙන් රොබොට් රෙස්ටොරන්ට්! උයන්නෙ, පිහින්නෙ, කෑම මේසයට ගේන්නෙ ඔක්කොම රොබෝලා!

කතාවට කියන්නෙ අනාගත මිනිසාට සේවය කරන්නට අතට පයට රොබොට්ටන් ඉඳීවි කියලයි. ඒ කතාව දැන් චීනයෙන් හැබෑවෙලා!

කෑමට මේ හෝටලයට යන ඔබ ඉදිරියට මුලින්ම එන්නෙ පිළිගැනීමේ රොබොට්ටා. ඔහු දෑත් විදහලා, ”පෘථිවිවාසීනි, රොබොට් රෙස්ටොරන්ට් ඔබව සාදරයෙන් පිළිගන්නවා!” යන අරුත් දෙන චීන වදනකින් ඔබට ආශිර්වාද කරනවා. හරියට විද්‍යා ප‍්‍රබන්ධයක වාගෙයි.

චිනයේ හාබින් නගරයේ තමයි, මේ අපූරු හෝටලය තියෙන්නෙ. දැනට රොබොට්ටන් 18 දෙනෙක් මෙහි සේවයට යොදවා ගෙන ඉන්නවා. වේටර්ලා, නූඞ්ල්ස් කෑම පිළියෙල කරන්නන්, වෙනත් ආහාර පිසින්නන්, අරක්කැමියන් හා වෙනත් සේවකයන් විදියට.

 
අනාගතය ඇවිත්! චීනයේ හාබින් නගරයේ විවිධ වර්ගයේ රොබොට්ටන් 18ක් මේ හෝටලයේ විවිධ කටයුතු කරනවා.

 
මේසයට කෑම ගෙන යන රොබොට් වේටරයෙක්. කුස්සියේ සිට කෑම මේසය තෙක් විශේෂ මගක් ඔවුන් වෙනුවෙන් සකසා තියෙනවා.

 
ආහාර බන්දේසියක් රැගෙන යන තවත් රොබොට්ටෙක්. මේ මං සලකුණු ඔස්සේ ඔහුට නියමිත මේසය ළඟට යන්න පුළුවන්.

රාති‍්‍ර කෑම ඇනවුම් කළාට පස්සෙ කුස්සියෙ ඉන්න රොබොට්ලා කෑම උයන්න පටන් ගන්නවා. කෑම ලෑස්ති වුණු වහාම රොබොට් වේටර බිම් සලකුණු ඔස්සේ නියමිත මේසයට ඒවා රැගෙන යනවා.

කෑම කන අතරේ ගායක රොබොට්ටා ආහාර ගන්නා අය සතුටු කරන්න සින්දු කියනවා.

මේ රොබොට්ටන් සියලූ දෙනා ම හදල තියෙන්නෙ චීනයේ හාබින් හෝහයි රොබට් සමාගමයි. එහි ප‍්‍රධාන ඉංජිනේරු ලියු හශෙන් කීවේ, මේ රොබොට්ටන් ඇතුළු භෝජනාගාරය තැනීමට ඔවුන් යුවාන් මිලියන 5ක් (රුපියල් කෝටි 10ක් විතර වැය කළා කියලයි. එක රොබොට්ටකු වැය වූ මුදල යුවාන් ලක්ෂ 2ත් 3ත් අතර ගණනක්. (රුපියල් වලින් දළ වශයෙන් ලක්ෂ 40ත් 60ත් අතර ගණනක්.)

 
බීම ගේන රොබොට්ටෙක්. සිසිල් බීම ජාති ගේනවා. මෙතැනදි නම් එයාගෙ සහයට මිනිස් සේවකයෙක් ඉන්නවා.

 
මේත් එහි සේවය කරන බලූ රොබොට්ටෙක්. එයාටත් අවශ්‍ය දේ රැගෙන ඒ වෙනුවෙන් සකස් කළ පාර දිගේ නියමිත තැනට ගියෑකි.

”මෙහි පරිගණක පාලක මැදිරියක් තියෙනවා. සියලූ ම රොබොට්ටන් පාලනය කරන්න එහි සේවක පිරිසක් යොදවලා තියෙනවා. දවසේ වැඩ අධික වෙලාව මඟ ඇරුනට පස්සෙ රොබොට්ටන් ‘කෑමට’ යනවා. ඒ බැටරි ‘චාජ්’ කරන්නයි. පැය දෙකක් ‘චාජ්’ කළාට පස්සේ මේ රොබොට්ටකුට පැය 5ක් එක දිගට සේවය කළ හැකියි.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ භෝජනාගාරයෙ මෙනු (වට්ටෝරු) පතෙහි විවිධ කෑම වර්ග 30ක් විතර සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මෙහි රාති‍්‍ර කෑම වේලක් සඳහා එන අයෙකුට රුපියල් 800ත් 1000ත් අතර ගණනක් වැය කරන්න සිද්ධ වෙනවා.

රොබොට්ටන් සේවයට යොදා ගත් මුල් ම චීන හෝටලය මෙය නොවෙයි. චීනයේ ෂැන්ඩොන් පළාතේ උතුරු ප‍්‍රදේශයේ ජිනෑන්හි හෝටලයක් පටන් ගත්තා, 2010දි. ඒ සඳහා යොදා ගත්තේ ‘ස්ටාර් වෝස්’ චිත‍්‍රපටියේ ආ රොබොට්ටන්ට සමාන පිරිසක්. ඔවුන් වාහක පටියක් දිගේ යනවා වාගේ කෑම බන්දේසි රැගෙන කාමරයේ යද්දී එහි එන අය ඔවුන්ගෙන් කෑම අරන් මේසයක වාඩි වී කෑම කෑමයි, ඒ හෝටලයේ දී සිදු වුණේ.



Post a Comment

0 Comments