HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ ලෝකයේ අවසාන දිනය ද? ඒ ගැන සඳහන් තවත් සෙල්ලිපියක් හමුවෙයි!

පුරාවිද්‍යාඥයන්ට හමුවුණා, ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙන් ගල් පඩි පෙළක කොටස් වගයක්. මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ යැයි කියවෙන බව එහි කොටා ඇති රූපාක්ෂරවලින් (hieroglyphics) හෙළිවෙනවා කියල ඔවුන් කියනවා. ‘අවසාන දිනය’ ගැන සඳහන් වූ දෙ වන ශිලා ලේඛනය එයයි.

අන්තර්ජාලය හරහා පැතුරුණු විවිධ මත හා මිත්‍යා ඇදහිලි අනුව යමින් ‘ලෝකාවසානය’ ගැන විශ්වාස කරන්නට පෙලඹුණු ඇතැම් උදවිය ඇමරිකා එක්සත් ජනපදයේත් වෙනත් රටවලත් පොළොව යට තැනෙන විශේෂ ආරක්ෂක කුටි සඳහා ඇනවුම් කරන්නට පටන් ගෙන තියෙනවා. ඒ වගේ ම ප‍්‍රංශයේ බුකාරාක් (Bugarach) නම් විශේෂ ගම්මානයක රැකවරණ පතන්නටත් පටන් අරන්.

 
තුලේන්හී මිඞ්ල් ඇමරිකන් රිසර්ච් ඉන්ස්ටිටිටුට් අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝ ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙහි මතුකර ගෙන ඇති ශිලාලේඛන පරීක්ෂා කරන අයුරු.

වසර 1,300ක් පැරණි ඒ සෙල්ලිපි දසක ගණනාවකින් හමු වූ වඩාත් ම වැදගත් රූපාක්ෂර ලෙස සැලකෙනවා.
මේ බිමෙහි පුරාවස්තු කොල්ලයට ආ අය විසින් අතහැර දමා ගිය මේ සෙල්ලිපි පුවරුවලින් ඓතිහාසික තොරතුරු පවා හෙළි වෙනවා. අවසාන දිනය ගැන සඳහන් කොටසේ රජුගේ නැවත පැමිණීමක් ගැනත් සඳහන් වෙනවා.

”ඒ කාලයේ මායා කලාපයේ විශාල දේශපාලන කැලඹිල්ලක් පැවතුණා. රජතුමාට සිදුවුණා, ඉඟි කරන්නට විශාල කාල චක‍්‍රයක් අවසානයේ 2012 දී ලෝකය අවසන් වීම සිදු වන ආකාරයෙහිලා දක්වන්නට.” යයි ඔස්ටින් නගරයේ පිහිටි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ් ස්ටුවර්ට් කියනවා. ඔහු තමා මේ ස්ථානයේ කැණීම් මෙහෙයෙව්වේ.

මායා ගෝති‍්‍රකයන් බොහෝ දෙනෙකු නම් කියන්නෙ මේ ලෝක විනාශය පිළිබඳ අනාවැකිය බටහිර අයගේ අර්ථ දැක්වීමක් විතරයි කියලයි. ඒක කාලයේ අවසානයක් නොව නව යුගයක ආරම්භයක් කියලයි ඔවුන් විශ්වාස කරන්නෙ.

මේ ආකාරයට ලෝකාවසානයක් යොමු කර ඇත්තේ අවුරුදු 5,125ක චක‍්‍රයකට පසුවයි. මායාවරුන්ගේ දීර්ඝ ගණන් කිරීමක් ඇතුළත් ඒ කැලැන්ඩරයේ ආරම්භ වුණේ කි‍්‍රස්තු පූර්ව 3113දීයි.

”කතාව පටන් ගන්නේ සුමේරියන්වරුන් සොයා ගත් නිබිරු (Nibiru) නම් ග‍්‍රහයා පෘථිවිය දෙසට හඹා ඒමෙනුයි. ඒ ප‍්‍රවාදය පුරාණ මායා කැලැන්ඩරයේ එක් කාල චක‍්‍රයක අගට, එනම් 2012 ශිශිර සූර්ය නිවෘත්තිය හා සම්බන්ධ කරල තියෙනවා.”

”මේ ලේඛනයෙ තියෙන්නෙ අනාවැකියකට වැඩිය පුරාණ දේශපාලන ඉතිහාසයයි” එහෙම කියන්නේ ලා කොරෝනාවල කැණීම් බාර සහකාර අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝයි.

2008 සිට කැනුටෝ හා ගෝතමාලා විශ්ව විද්‍යාලයේ තෝමස් බැරියන්ටොස් යන දෙදෙනා කලින් කොල්ලකරුවන් විසින් හාරා දමා ගිය ලා කොරෝනා නම් ස්ථානයේ කැණීම් මෙහෙයෙව්වා.

”ගිය අවුරුද්දේ අපට හමු වුණා, කැටයම් කළ ගල් පුවරු වගයක්, මෙහි පුරාවස්තු කොල්ලකරුවන් ගේ අවධානයට ලක් නොවුණු. ඔවුන් කැඞී බිඳී ගිය මේවා කෞතුක වස්තු ලෙස සොරා ගෙන ගොස් විකිණීමට තරම් වටිනාකමක් නැතැයි සිතා දමා ගිය ඒවායි.” කියන බැරියන්ටෝස්, ”ඔවුනට මෙහි තිබී වටිනා දේ හමුවන්නට ඇති. ඒත් මේවායේ වැදගත්කම වැටහී නැහැ.” කියනවා.

 
අලූත සොයා ගන්නා ලද මායා කැලැන්ඩරයේ අවසාන දිනය සඳහන් වුණු ශිලා පුවරුව.

 
අවසන් දිනය සඳහන් මේ දෙවන පුවරුව හමු වූයේ ගෝතමාලාවේ මේ කැණීම් බිමෙහිදියි.

 
කොල්ලකරුවන් විසින් අතහැර දමා ගිය ගල් පුවරුවක ඇති රූපාක්ෂර.

 
මෙය දසක ගණනාවකින් ලද වඩාත් වැදගත් ම රූපාක්ෂර ගල් පුවරුව කියලයි කියන්නෙ.

 
තුලාන්හි ඇමරිකානු පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝ ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම්වලදී හමුවූ රූපාක්ෂර පුවරු පිරික්සමින්.

 
ගෝතමාලාවේ මායා දෙවොලක්. මායා කැලැන්ඩරයට අයත් ගණනය කිරීම් රැසක් මෙහි බිත්තිවල තියෙනවා. එසේ කළු නිල ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ රූපවලින් ද ඒවා සරසා තියෙනවා.

 
ගෞතමාලාවේ ලා කොරෝනාවෙන් හමු වී ඇති වසර 1300ක් පැරණි ශිලා රූපාක්ෂර පුවරුවක්.

ගෝතමාලාවේ ටෝටුගුවේරෝ දෙවොල මෙන් දෙවොලවල මේ ‘අවසන් දිනය’ දැක්වෙන කැටයම් කළ පුවරු තියෙනවා. මේ මායා රූපාක්ෂරවලින් කියවෙන ලෝකාවසානය පිළිබඳව හැත්තෑ ගණන්වල සිට මේ දක්වා පොත් සිය ගණනක් ලියැවී තියෙනවා. ඒවායින් බොහොමයකින් කියැවුණේ නිබිරු නම් ගුප්ත ග‍්‍රහ ලෝකය ඇවිත් පෘථිවියේ හැපීමෙන් හෝ කළු කුහරයක් විසින් ගිල ගැනීමෙන් හෝ පෘථිවිය විනාශ වන බවයි.

කැනුටෝ හා බැරියන්ටෝස් යන දෙදෙනා විසින් මෙහිදී සොයා ගෙන ඇත්තේ ගෝතමාලවේ දී මෙතෙක් හමුවූ දිගම ශිලාලේඛනයයි. ඒවා කොටා ඇත්තේ ගල් පඩිපෙළකයි. එහි ලා කොරොනා ඉතිහාසයේ වසර 200ක් තිස්සේ වූ සිදුවීම් කොටා තියෙනවා. මෙහෙම කියන්නේ 1997 සිට එහි ගවේෂණ කටයුතුවලට සම්බන්ධව සිටින ඬේවිඞ් ස්ටුවර්ට්. ඔහු ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මීසෝ ඇමරිකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයායි.

මේ ගලේ කොටා ඇති රූපාක්ෂර කියවීම ඔහු පසුගිය මැයි මාසයේ දී ආරම්භ කළා. මේ පඩිපෙළෙහි ඉතා ඉවසීමෙන් විචිත‍්‍ර ලෙස නෙලා ඇති රූපාක්ෂර පුවරු 56ක් තියෙනවා.

කි‍්‍ර.ව. 696 දී එකල ජීවත් වූ බලවත්ම මායා අධිරාජයා ලා කොරෝනාවට සැපත් වීම ගැන සිහිපත් කරනු සඳහායි, එහි සටහන් තබා ඇත්තේ. එහි සඳහන් වන්නේ ඒ රජුගේ නම ‘කලක්මුල් හී යුක්නූම් යිච්ආක් කහාක්’ කියායි. කි‍්‍ර.ව. 695 දී ඔහුගේ දිගුකල් සතුරකු වූ ටිකල් විසින් ඔහුව පරාජය කරනු ලැබූ පසු මාස කීපයකට පසුවයි, ඔහු මෙසේ පැමිණෙන්නේ.

මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයන් කියන්නේ ඒ සටනෙන් පසු ඔහු මියගිය බවයි. ඔහුගේ පරාජයෙන් පසු ඔහු මිතුරන් තුළ ඇති වූ බිය පහ කරනු සඳහා යළි ආ බවයි එහි දැක්වෙන්නේ.

Post a Comment

6 Comments

  1. කවදා ඔය කෙහෙල්මල උනත් කමක්නෑ. අද අද එයි මරු පින් කර ගන්නේ කියලා පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි හොද.

    ReplyDelete
  2. antima tika nam pahadili madi, eth wenada wagema hoda lipiyak

    ReplyDelete
  3. අද හෙට මැරැනත් තමන්ගේ හිත දන්නව තමන් කරලා තියෙන දේවල්. ඉතින් සතුටු වෙන විදිහට ඩීවත් වුනා නම් අද මැරැනත් කම් නැත.

    ReplyDelete
  4. ඇනොනිමස්ට, එතැන පැහැදිලි මදි වගේ දැනුනෙ මැරුණු රජතුමා ආපහු ආ කතාවක් කී නිසාද? යුද්දෙදි රජතුමා මළා කියල හිතන්නෙ දැන් ඉන්න අයයි. රජතුමා යුද්දෙ දිනලා ඇවිත් අලුත් ලෝකයක් පටන් ගත්තා වෙන්නත් පුළුවන්. මැරුණු ආත්මය ඇවිත් සටහන් තැබුවා වෙන්නත් පුළුවන්. වර්මානයේ නොවුනත් පැරණි ලෝකයේ ඒවා වෙන්නත් පුළුවන්. අනික් අතට පරණවිතාන මහත්තයා සෙල්ලිපි කියවනව වැඩක් ඔය ගල්වල කෙටූ රූපාක්ෂර කියවන එකත්. ඉදිරියේ දී වෙනත් අර්ථකථන එන්නත් පුළුවන්. අගමුල ගළපපු කතාන්දර නෙමෙයි නෙ. ඒ නිසා ඒවා ගැන එච්චර වද වෙන්න එපා තේරුම් ගන්න

    ReplyDelete