නොවිසඳුණු ජල ප‍්‍රශ්නයක්! විසඳුවොත් විද්‍යාඥයන්ගෙන් පවුම් 1000ක් තෑගි! මෙන්න ප‍්‍රශ්නය! උණු ජලය සිසිල් ජලයට වඩා ඉක්මනින් මිදෙන්නේ ඇයි?

මේ ප‍්‍රශ්නය සියවස් ගණනක් තිස්සේ විද්‍යාඥයන්ට හා දාර්ශනිකයන්ට විසඳිය නොහැකි වූ එකක්. මේ සංසිද්ධියට පිළිගත හැකි නිර්වචනයක් හෝ පැහැදිලි කිරීමක් දුන්නොත් රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය සමස්ත ලෝකවාසීන් අතරින් කෙනකුට මේ ත්‍යාගය පිරිනමන්නට සූදානම්.

මේ අසීරු ගැටලූව ලෝකයේ විසූ විද්‍යාත්මක චින්තකයන් රැුසකට විසඳිය නොහැකි ව තියෙනවා. ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයාත් ඉන් එක් කෙනෙක්. විසඳිය නොහැකි වූ මේ ගැටලූව එදා විද්‍යාඥයන් අතහැර දැමුවත් අද අයට අවශ්‍ය වෙලා තියෙනවා, උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන්නේ ඇයි කියල දැන ගන්න කොහොම හරි. ඒක නිසා ඔවුන් එය ලෝකයාට ඉදිරිපත් කරනවා.

මුළු මිනිස් වර්ගයාට ම සදාකාලික ගැටලූවක් වූ මෙය විසඳන්න ඔබට පුළුවන් නම් එක්සත් රාජධානියේ රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය (The Royal Society of Chemistry) මේ ත්‍යාගය පිරිනමන්න සූදානම්.

 
උණු වතුර සීතල වතුරට වඩා ඉක්මනින් මිදෙන්නේ ඇයි යන සංසිද්ධිය හැඳින්වෙන්නේ මෙම්බා (Mpemba Effect) ආචරණය කියලයි.

මෙම්බා (Mpemba Effect) ආචරණය කියා හැඳින්වෙන මේ විද්‍යාත්මක ගැටලූව විසඳන්න ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්, විද්‍යාඥයන් විවිධ කාලවල උත්සහ ගත්තත් පලක් වුණේ නැහැ. ඒ අතර ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල් මෙන් ම එංගලන්තයේ සර් ෆ‍්‍රැන්සිස් බේකන්, ප‍්‍රංශයේ රෙනෙ ඩෙකාටස් වැනි විද්‍යාඥයන් පවා උත්සහ ගත්තා ඒත් හරි ගියේ නැහැ.

මේ ප‍්‍රශ්නයට මේ නම ලැබුණේ 1968දියි. ඒ ටැන්සානියාවේ ශිෂ්‍යයකු වූ එරාස්ටෝ මෙම්බා විසින් මේ ප‍්‍රශ්නය ඔහු ඉගෙන ගත් පාසලට දේශනයක් සඳහා පැමිණි භෞතික විද්‍යාඥයකුගෙන් මේ ඇසීමෙන් පසුවයි.

 
මහා ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල්ටත් උත්තර නැති ප‍්‍රශ්නයක්!

මෙම්බාගේ සිතට වසර බහක් තිස්සේ වද දුන් මේ ප‍්‍රශ්නය ඔහු ඔහුගේ පාසලට දේශනයක් සඳහා ටැන්සානියාවේ දර් එස් සලාම් සරසවියේ මහාචාර්ය ඩෙනිස් ඔස්බෝන්ගෙන් ඇසුවා.

”මහාචාර්යතුමනි, එක සමාන පරිමාවකින් යුත් ජලය බඳුන් දෙකකින් එකකට සෙල්සියස් 35 උෂ්ණත්වයෙන් යුත් ජලයත් අනෙකට සෙල්සියස් 100ක උෂ්ණත්වයෙන් යුත් ජලයත් දමා ශීතකරණයකට තැබුවොත් සෙල්සියස් 100 උෂ්ණත්වයෙන් යුත් ජලය පළමුව මිදෙන්නේ ඇයි?” ඔහුගේ ප‍්‍රශ්නය වුණා.

මහාචාර්යවරයාට ඊට උත්තරයක් දීමට බැරි වුණා. ඊළඟ වසරේ එතුමා, ගැටලූව ඉදිරිපත් කළ ළමයාගේ නම ඊට යොදා, ඒ සංසිද්ධිය මෙම්බා (Mpemba Effect) ආචරණය කියා සඳහන් කොට ඒ ගැන නිබන්ධනයක් ඉදිරිපත් කළා. තවමත් විසඳීමට නොහැකිව ඇති මේ ගැටලූව කරළියට ආවේ එහෙමයි.

දැන් එංගලන්තයේ රසායන විද්‍යා රාජකීය විද්‍යා සංගමයේ මාධ්‍ය කළමනාකරු බ‍්‍රයන් එම්ස්ලි ගාඩියන් පුවත්පතට ලිපියක් යවමින් මේ ගැටලූව ලෝක ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ ජූලි 31 වැනිදාට පෙර මේ පිළිබඳව එවන නිබන්ධන අතරින් විශේෂඥයන් විසින් තෝරා ගන්නා නිවැරදි විසඳුමට පවුම් 1000ක් පිරිනමන බව එම ලිපියෙන් කියා තිබෙනවා.

මේ සංසිද්ධියට තුඩු දෙතැයි සලකෙන භෞතික ලක්ෂණ ගණනාවක් තිබෙනවා. එහෙත් තවමත් නියතයක් හඳුනා ගෙන නැහැ. වාෂ්පීකරණය (evaporation), සංවහනය (convection), සුපිරිසිසිලනය (supercooling) ආදී නියමයන් දැනටමත් ඉදිරිපත් කර තියෙනවා. ඒත් ගැටලූවට සරිලන පිළිතුරක් තවමත් ඉදිරිපත් වී නැහැ. ඔබටත් පුළුවන් මේ ගැන හිතන්න.

නිවැරදි පිළිතුර මේ මාසයේ අවසන් දාට හෝ ඊට පෙර මේ ලිපිනයට යවන්න.

www.hermes2012.org/ice


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. බටහිර විද්‍යාවට සියල්ල විසඳන්න බැ කියන්නේ නිකංයැ

    ReplyDelete
  2. ෆිජ් එකේ තියලා බලන්ඩ ඕනි........

    ReplyDelete
  3. නියමම ප්‍රශ්නයක් නේ මේක

    ReplyDelete
  4. කිව්වත් වගේ කවදාවත් හිතල නෑනෙ ඕක. දැන්නං අයිස් ඕන වුණාම උණු වතුරමයි ෆ්‍රිජ් එකේ දාන්නෙ..

    කාටවත් අහු නොවුණ දෙයක් ඔතන ඇති. උවමනා තරම් ඒ ගැන කවුරුත් තවම හිතලත් නැතිව ඇති. ඉක්මනටම උත්තරයක් ලැබෙයි. නැත්තං පරක්කු වෙලා හරි ලැබෙයි :-)

    ReplyDelete
  5. ෆ්‍රිජ් එක ගන්න කොට දෙන කොල වලයි, ෆ්‍රිජ් එකෙයි අලවලා තියෙනවා නේද හරේෂ්, උණු දේවල් දාන්න එපා කියලා... ඒක ෆ්‍රිජ් එකේ කල්පැවැත්මට හොඳ නැහැ කියලා......... :)

    ReplyDelete