පසුගියදා චීනයේ ජාතික රූපවාහිනියෙන් ඔවුන්ගේ ‘ෂෙන්සෝ 9’ කැප්සියුලය හා ‘ටියන්ගොන් 1’ මොඩියුලය හසුරුවන ආකාරය සජීවීව පෙන්නුවා. ඒ එක්කම පසුගිය සතියේ චීනයේ බිම ස්ථානගත පාලක මැදිරියක සිට ස්වයංකී‍්‍රයව දුරස්ථ පාලකයක් මගින් අභ්‍යවකාශ යානා දෙක එක් කළ ආකාරයත් පෙන්නුවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7k64TuYnO8d7dNPYpfat_LOn1hyfSq_hnVNCdtyDyqCtwoC-4oGHzFOFS2KfCJ09DW-r1k84rFjVIHe3LROxGowK4lBo4ub7FpMIzL0sqHRXjlsY86G_XpuMN-AqF-yFNCa6UtNGaI2U/s320/7.jpg)
චීන අභ්‍යවකාශගාමීන් පසුගිය සතිය පුරා ජීවත් වූයේ හා වැඩ කළේ ඒ මොඩියුලය තුළයි. ඔවුන් මේ කටයුතු කළේ අභ්‍යවකාශගාමීන්ට නැවතිය හැකි ස්ථාවර අභ්‍යවකාශ නැවතුම්පොළක් සැකසීමේ කොටසක් හැටියටයි. ඔවුන් පසුගිය ඉරිදා උදෙන් ම ‘ෂෙන්සෝ 9’ (Shenzhou 9) කැප්සියුලයට ආපසු ආවා. ඊට යා කොට තිබූ ‘ටියන්ගොන් 1’ (Tiangong 1) අභ්‍යවකාශ නැවතුම්පොළ මොඩියුලය ‘ෂෙන්සෝ 9’ කැප්සියුලයෙන් වෙන් කළා. ඒ එම යානා දෙක නැවත එක් කිරීමේ අභ්‍යාසයක යෙදෙන්නයි. මෙවර යානා දෙක එක් කළේ අතින් මෙහෙයවමිනුයි.
චීනයේ මිනිසුත් රැගත් අභ්‍යවකාශ වැඩපිළිවෙළේ මාධ්‍ය ප‍්‍රකාශිකා වූ පින් බෙයිජිං වාර්තාකරුවන්ට කීවේ, අභ්‍යවකාශගාමීන් ‘ෂෙන්සෝ 9’ කැප්සියුලය නිවැරදි එල්ලයට මෙහෙයවා කක්ෂගතව ඇති මොඩියුලය හා යා කරන්නට අතින් කි‍්‍රයා කරන ලීවර භාවිත කළ බවයි. ඒ මෙහෙයුම ඉතා නිවැරදිව සිදු වූ බව ඇය කීවා. අභ්‍යවකාශගාමීන් තිදෙනා සන්සුන්ව දක්ෂ ලෙස ඒ කාර්යය ඉටු කළ බව ඇය වැඩි දුරටත් සඳහන් කළා.
”අතින් කළ යානා යා කිරීම සාර්ථක වීම අපේ අභ්‍යවකාශ මුණගැසීම් හා යානා යා කිරීම් තාක්ෂණයේ ප‍්‍රධාන ජයග‍්‍රහණයක්.” වූ කියනවා.
චීනයේ ඊළඟ ඉලක්ක අතරට මේ වසර අවසානයේ මොඩියුලය වෙතට තවත් මිනිසුන් රැගත් යානයක් යැවීමයි. ඒ පසුගිය වසරේ උඩුගුවනට යැවූ ‘ටියන්ගොන් 1’ වෙනුවටයි. මෙසේ කරන්නේ 2020 දී පමණ ස්ථාවර අභ්‍යවකාශ නැවතුම්පොළක් පිහිටුවීමේ අරමුණෙන්. අනාගත මෙහෙයුම් අතරට මිනිසකු හඳට යැවීමත් ඒ වගේ අඟහරු ග‍්‍රහයා මතට මිනිසකු යැවීමත් ඇතුළත් වෙනවා.
චීනයේ ස්ථාවර අභ්‍යවකාශ නැවතුම්පොළෙහි බර ටොන් 60ක්. 1970 දී නාසා ආයතනය යැවූ ‘ස්කයිලැබ්’ ප‍්‍රමාණයෙන් ටිකක් කුඩායි. යුරෝපයේ රටවල් 16ක් එක්ව පිහිටුවා ගත් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ මෙන් හයෙන් එකක් විතර ඇති.
‘ෂෙන්සෝ 9’ යානයට අයත් කණ්ඩායමට ගුවන් හමුදා නියමුවරියක වූ 33 හැවිරිදි ලියු යෑන් අයත් වෙනවා. ඇය ප‍්‍රථම චීන අභ්‍යවකාශගාමිනිය ද වෙනවා. මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස ප‍්‍රවීණ අභ්‍යවකාශගාමියකු වූ 45 හැවිරිදි ජින් හයිපෙන් මේ ගමනට එක්වී සිටිනවා. අනෙක් කණ්ඩායම් සගයා වන්නේ 43 හැවිරිදි ලියූ වැන්.
ඔවුන්ගේ මෙම මෙහෙයුම දින 10ක එකක්. මෙය චීනයේ සිවුවැනි මිනිසුන් රැගත් මෙහෙයුමයි. ‘ෂෙන්සෝ 9’ යානය දියත් කළේ පසුගිය ජූනි 16 වැනිදායි. එය සිදු වූයේ උතුරු චීනයේ ගෝබි කාන්තාරය අද්දර පිහිටුවා ඇති ජියුකුවාන් මධ්‍යස්ථානයේදියි.
දින 10ක් උඩුගුවනේ ගත කරන මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනා ‘ටියන්ගොන් 1’ මොඩියුලයෙන් ඔවුන්ගේ ‘ෂෙන්සෝ 9’ කැප්සියුලයට මාරු වී අතින් මෙහෙයවා එය වෙන් කර ගෙන ආපසු පෘථිවියට එනු ඇති.
වූ කියන්නේ චීනය දැනටමත් මෙම අභ්‍යවකාශ වැඩපිළිවෙළට යුවාන් බිලියන 20ක් (ඇමරිකන් ඩොලර් බිලියන 3.1ක්) වැය කොට ඇති බවයි. එසේ ම ඊළඟ ෂෙන්සෝ මෙහෙයුම වන විට තවත් අතිරේක යුවාන් බිලියන 19ක් වැය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjS02ky0wceLvjNh_s6x1e6e7Q9MaSCWLDYSawJ72JKGUWOzE-QRrav9g1CzEB3Q1nnP8EqYe0bUU_FDP_6_3wg3kD-umhPnZrcntxDfuTLipu52K5U6Gs-SVPqck-La7jP_uf-HfTS8X8/s320/1.jpg)
චීනයේ අභ්‍යවකාශගාමීන් රැගත් ‘ෂෙන්සෝ 9’ යානය ‘ටියන්ගොන් 1’ අභ්‍යවකාශ රසායනාගාර මොඩියුලය හා එක් වූ ඒ ඓතිහාසික අවස්ථාව (2012 ජූනි 18 වැනිදා)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyX9LrXkVjGxA4vsRVaVkS5c9qIx0sjBnEMsVPxobuM8szTi4yQd2FpGzsUQaheyOPvanR8JlWYUIEAQ0QikhxToI1TEPX1HYk437ORwM13l78_Gkl5gHVoTflbjqQ2c50ufrKFQigCJc/s320/3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX73b8W2hll3GGetQzBzEgwmBVxTCXuUR2czrjrscjm8KwSOFtStakvl0FRtvrnqYnQsFafv9_95qy_keA8NXS1vImYI4y-_vF_arHMt_TkyFfyhi6xUYSq-WWeTkuoij_wdgE5TlKqKU/s320/4.jpg)
ගෝබි කාන්තාරයේ සිට ‘ෂෙන්සෝ 9’ යානය රැගත් ලෝන් මාච් රොකට්ටුව දියත් කළ මොහොත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxs8tgyNPy971XiblvZCWE0TU44N03PSGtF6UyX6nqVacLQ_qAG-uuJ6Y-4ikQ6AFpZKrXCIE3H_PNnae7OwIWi-mh-iP2fReE63kosuembRvXf94fnzAfMvYMr2ze1lqnOFJRiqW0BzU/s320/2.jpg)
ප‍්‍රථම චීන අභ්‍යවකාශගාමිනිය වූ ලියු යැන් (වමේ), යානයේ නියමු ජින් හයිපෙන් හා ලියු වැන් යන ගගනගාමීන් ගමනට පෙර.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZVUKNDITFDYK10sCP580lLPqGy9DLq0OXzckuzdn6q_cyrYB6Fn8T4H-FQoZmzrqbYPpR9mhlQ8i-63xR3t0vHmm1G2Ds20JlDyCrutiSLUxiPng6zknre1eGrLm6jXJkNcn3d1YoDTI/s320/5.jpg)
‘ටියන්ගොන් 1’ අභ්‍යවකාශ නැවතුම්පොළ බලා යද්දී.... (18 වැනි සඳුදා ඊට ළඟා වුණා.)
මෙහෙයුම් මැදිරිය: ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටින චීන අභ්‍යවකාශ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් මෙහෙයුම බිම් මට්ටමේ සිට කි‍්‍රයාත්මක කළා. මුලින් ම අභ්‍යවකාශගාමීන් රැගත් ‘ෂෙන්සෝ 9’ යානය හා ‘ටියන්ගොන් 1’ අභ්‍යවකාශ නැවතුම්පොළ ස්වයංකී‍්‍රයව යා කළේ ඔවුන් විසිනුයි.
1 Comments
වටින ලිපියක්.... නියමයි, චීනය ලෝකයේ අංක 1
ReplyDelete