HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔලිම්පික් උළෙලට යන අයට ලන්ඩන් සිරි නරඹන්න කේබල් කාර් පද්ධතියක්!

මෙවර ඔලිම්පික් උළෙල බලන්න ලන්ඩන් යන අයට තේම්ස් නදිය ඉහළින් අහසින් යන්න පුළුවන්. ඒ සඳහා කේබල් කාර් පද්ධතියක් හදාගෙන යනවා. මේ කේබල් පද්ධතිය ඔලිම්පික් උළෙල පටන් ගන්න ජූලි 27 වැනිදාට කලින් තනා නිම වේවි කියල බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පවුම් මිලියන 50ක් වැය වෙනවා. මේ දිනවල එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනවා.

මේ කේබල් කාර් පද්ධතිය හැඳින්වෙන්නේ ‘එමිරේට්ස් එයා ලයින්’ කියලයි. ඒ එම පද්ධතිය ඉදිකර නඩත්තු කරවන්නේ එමිරේට්ස් ගුවන් සේවාව මගින් නිසයි.

මෙහි ඇති ගොන්ඩෝලා තේම්ස් නදියට අඩි 160ක් ඉහළින් යන නිසා ඔලිම්පික් උළෙල කාලයට පමණක් නොව ඉදිරියේදී ලන්ඩන් අහසේ සිත්කළු දසුනක් වනවා නොඅනුමානයි. මෙය තේම්ස් නදිය දෙ පස යා කරන ගමන් මාර්ගයක් ලෙසත් අනාගතයේ දී ලන්ඩන් සිරි නරඹන අයට නැතිවම බැරි අංගයක් වේවි.

 
ලන්ඩනයේ තේම්ස් නදිය හරහා ඉදි කෙරෙන කේබල් කාර් පද්ධතිය පරික්ෂා කිරීම සඳහා එහි සේවකයන් ගොන්ඩෝලාවල නැඟී ගිය අයුරු.

මේ තේම්ස් නදිය හරහා යන ගොන්ඩෝලා ගමනට ගත වෙන්නේ මිනිත්තු පහක කාලයක් විතරයි. ඔලිම්පික් කී‍්‍රඩාංගනවලට කී‍්‍රඩකයන් හා පේ‍්‍රක්ෂකයන් ගෙන යන්නත් මේ මාර්ගය යොදා ගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි ගොන්ඩෝලා 34ක් තියෙනවා. ඒවා යොදා ගෙන පැයක දී මගීන් 2,500ක් ගෙන යා හැකියි.



ලන්ඩනයේ නගරාධිපති බොරිස් ජොන්සන් කියන්නේ මෙය කාලයක් තිස්සේ ලන්ඩන් නගරයට තිබූ අඩුවක් පිරිමසන අවස්ථාවක් බවයි. ”තේම්ස් නදිය හරහා අහසින් යන මේ ගමන අලංකාර ලන්ඩන් නගරයේ සිරි නරඹන අයටත් විශාල ආස්වාදයක් ගෙන දෙන්නක් වේවි. මේ නවතම අහස් ගමන් මඟ ලන්ඩන් නගරයේ නැගෙනහිර කොටසට විශේෂ ආකර්ෂණයක් වෙනවා පමණක් නොව නදිය තරණය කරනු සඳහා ජනපි‍්‍රය මාර්ගයක් වෙනවා සිකුරුයි.” ඔහු පවසයි.

මේ කේබල් කාර් මාර්ගය ඉදිකිරීම් කටයුතු ආයතන කීපයක් එක්වයි සිදු කෙරුණේ. එයින් ප‍්‍රධාන තැනක් ගන්නා මේස් (Mace) සමාගම තමයි, ‘ලන්ඩන් අයි’ (London Eye) හා ‘ෂාඞ් ටවර්’ (Shard Tower) ආදියත් ඉදි කළේ.

 
ගී‍්‍රන්විච් අර්ධද්වීපය තෙක් විහිදෙන මේ කේබල් කාර් පද්ධතිය සඳහා ගොන්ඩෝලා විශාල ප‍්‍රමාණයක් යොදා තියෙනවා.

 
ලන්ඩනයේ ගර්කින් ප‍්‍රදේශය හරහා යනු දිස්වෙන්නේ මෙසේයි. මේ ප‍්‍රදේශයට ගර්කින් කියා කියන්නේ පසුබිමේ ඇති ‘පිපිඤ්ඤා’ ගෙඩියක හැඩයැති ගොඩනැගිල්ල නිසයි.

 
ඔලිම්පික් උළෙල පැවැත්වෙන කී‍්‍රඩාංගනවලට ඉහළින් ගොන්ඩෝලා යන අයුරු.

 
මේ ගොන්ඩෝලාවල ගමන ආරක්ෂා සහිත දැයි පරීක්ෂා කර බලන්න මගීන් වෙනුවට එහි සේවකයන් යොදවා කි‍්‍රයාත්මක කර බලන අයුරු.

 
මේ ගොන්ඩෝලා ලන්ඩනයේ කැනේරි වෝෆ් ගොඩනැගිල්ල වැනි අහස සූරන මැඳුරුවලට ඉහළින් යන නිසා නගරයේ විසිතුරු නරඹන්න හොඳම මග මෙය වෙනවා නිසැකයි.

 
දෑතට යන එන මේ කේබල් කාර් පද්ධතියට ගොන්ඩෝලා 34ක් අයත් වෙනවා. පැයක කාලයක දී මේවාට මගීන් 2,500ක් එහා මෙහා ගෙන යා හැකියි.


Post a Comment

3 Comments

  1. ලංකාවෙත් කේබල් කාර් පටන් ගන්නවා කිව්වට තාම සද්දයක් නෑ....

    ReplyDelete
  2. විනාඩි 5 නං හොඳටම මදි!:D

    ReplyDelete