නාසාහී පාලක මැදිරියේ සිට එය මෙහෙයවූ පිරිස දුරේක්ෂය පෘථිවියට සැතැපුම් 350කට ඉහළින් කක්ෂයකට පිවිසි බවට සංඥා ලැබුණු විගස අත්පොළසන් දුන්නා.
”අද අපට හරිම සතුටු දවසක්!” දුරේක්ෂය දියත් කිරීම භාරව සිටි සහකාර අධ්‍යක්ෂ ටිම් ඩන් කීවා.
‘නූස්ටාර්’ - න්‍යෂ්ටික වර්ණවලීක්ෂ දුරේක්ෂය
ඩොලර් මිලියන 170ක වියදමින් සැකසූ නාසා ආයතනයේ අලූත් මෙහෙයුම යටතේ මේ දුරේක්ෂය දියත් කළේ වෙනදා වාගේ දියත් කිරීමේ වේදිකාවක සිට යැවූ රොකට්ටුවකින් නෙවෙයි. ගුවනට ගෙන ගුවනේ සිටයි රොකට්ටුව දැල්වීම සිදු වුණේ. එය වියදම් අවු ක‍්‍රමයක්. දුරේක්ෂය කක්ෂයට ගෙන ගියේ පෙගසස් රොකට්ටුවකින්. පෙගසස් රොකට්ටුව උඩුගුවනට විදින ලද්දේ ගුවන් යානා හාරක ගුවන් යානයක සිටයි. මේ යානය පිටත් වූයේ ඇමරිකාවට බොහෝ දුරින් පිහිටි ක්වාජාලේන් නම් අතොලෙහි සිටයි. එය හවායි දූපතත් ඕස්ටේ‍්‍රලියාවත් අතර පිහිටි අශ්වලාඩමක හැඩයක් ඇති කුඩා දූපතක්.
ගුවන් යානය අහසේ ඉහළට බොහෝ දුරක් ගොස් රොකට්ටුව මුදා හැරියා. තත්පර කීපයක් නිදැල්ලේ පහතට වැටුණු රොකට්ටුව එහි එන්ජින් ඉබේම දැල්වුණේ තත්පර කීපයකට පසුවයි. මිනිත්තු කීපයකට පසු දුරේක්ෂය රොකට්ටුවෙන් වෙන් වී එහි සූර්ය පැනල ස්වයංකි‍්‍රයව දිග හැර ගත්තා. ඒ වන විට එය පෘථිවියේ සිට සැතැපුම් 350ක් ඉහළ කක්ෂයක යමින් තිබුණා.
න්‍යෂ්ටික වර්ණවලීක්ෂ දුරේක්ෂ අරාව (Nuclear Spectroscopic Telescope Array) හෙවත් ලූහුඬින් නූස්ටාර් (NuStar) යනුවෙන් හැඳින්වෙන මෙම අධිබලැති එක්ස්රේ දුරේක්ෂය, වායු හා ධූලිවලා අතරින් එබී බලා ගැලැක්සීවල මැද පිහිටා ඇති අති දැවැන්ත කළුකුහර මෙන් ම පිපුරුණු තරු හා අවකාශයෙහි ඇති සුවිශේෂ වස්තූන් ගැන අපට තොරතුරු එවාවි.
කළුකුහර අපට පෙනෙන්නේ නැහැ. ඒත් එවැනි කළුකුහරයක් අවටින් නිකුත් වන එක්ස් කිරණ වෙනවා. නූස්ටාර් කලින් දැන සිටින කළුකුහර නිරීක්ෂණය කොට ඒවා අවට සැඟවී ඇති කළුකුහර සිතියම් රැත කරනවා ඇති. විශ්වයේ කිසිදාක නුදුටු දේ මුල සිට ම අධ්‍යයනය කිරීමෙන් ගැලැක්සි හැදෙන හැටි හා ඒවා ක‍්‍රමක‍්‍රමයෙන් විකසනය වන හැටි ගැන හොඳින් තේරුම් ගත හැකි වේවි කියලයි විද්‍යාඥන් විශ්වාස කරන්නේ.
මහාචාර්ය ෆියෝනා ඒ. හැරිසන් අත ඇත්තේ නූස්ටාර් ආකෘතියකි.
”අපට මේ අධිතාප එක්ස් කිරණ ‘ඇස්’වලින් දැක ගන්න පුළුවන්, කළුකුහර හා ගැලැක්සි ආදිය ඒවා ධූලිවලාවලින් හා ගෑස්වලින් වැසී තිබුණත්. මේ දුරේක්ෂයෙන් බලන විට ගැලැක්සිවලින් බාහිරව අපට පෙනෙන්නේ සියලූම දැවැන්ත කළුකුහරවලින් අවට අවකාශයට විදින ආලෝකය හා තාපය රහිත කිරණයි. ඒ නිසා මේ දුරේක්ෂයෙන් අපට ඈත විශ්වයේ රහස් හුඟක් දැන ගත හැකි වේවි.” ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙහි ප‍්‍රධාන විද්‍යාඥ කාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆියෝනා ඒ. හැරිසන් කියනවා.
1 Comments
මටත් ආසයි මේවගේ ප්‍රොජෙක්ට් එකක කා.කා.ස විදියට හරි වැඩ කරන්න.. :)
ReplyDelete