HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොපෙනෙන ලොවට එබී බලා තෑගි දිනති! ඔබටත් ඒ විස්මිත ලොවට පිවිසෙන්න වරම්!

සීබ‍්‍රාමත්ස්‍ය කීටයන් සතුටින් ඉපිල යන්නේ ඔවුන්ගේ මේ සමීපරූපය මෙවර ලෝක විද්‍යා ඡායාරූප තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත් බව දැන ගෙන නොවෙයි. මෙහි දැක්වෙන්නේ දින දෙකක් වයසැති සීබ‍්‍රාමත්ස්‍ය කීටයන් දෙපළක්. මෙහෙම දැක ගන්න පුළුවන් වී තියෙන්නේ ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝපයකින් හෙවත් විද්යුත් අන්වික්ෂයකින් පරිලෝකනය කිරීමෙන් ගත් ඡායාරූපයකින්.

මේ ඡායාරූප හැඳින්වෙන්නේ මයික්‍රොග‍්‍රාෆ් (micrograph) හෙවත් ලූහුආලේඛ්‍ය ඡායාරූප ලෙසයි. මෙය ඡායාරූපයට නැගුවේ ජර්ගන් බර්ජර් හා මහේන්ද්‍ර සොනාවේන් යන විද්‍යාඳයන් දෙදෙනායි. ඔවුන් දෙදෙනා ජර්මනියේ පිහිටා ඇති සංවර්ධන ජීව විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ සේවකයන්. ඒ ආයතනය තමයි, පර්යේෂණවල දී ගන්නා ලද ඡායාරූප එක් රැස් කර පැවැත් වූ ඡායාරූප තරගය සංවිධානය කළේ.

 
මේ අමුතු සතුන් දින දෙකක් වයසැති සීබ‍්‍රාමත්ස්‍ය කීටයන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදා ගෙනයි ඡායාරූපයට නංවා ඇත්තේ. මේ කටට ඉහළින් ඇති සිදුරු දෙක ඇස් නෙවෙයි, ආඝ‍්‍රාණ පද්ධතියේ කොටසක්.

මේ මත්ස්‍ය කීටයන් ගැන මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ජර්මනියේ තුබින්ජන්හි පිහිටි පර්යේෂණාගාරයේ දී සංවේදක සෛල හා කලලයේ කොටස්වල වැඞීම ගැන කළ අධ්‍යයනයකදී තමයි, මේ ඡායාරූප ගත හැකි වූයේ. මේ සඳහා ඒ විද්‍යාඥයන් දෙදෙනාට යුරෝ 5000ක ත්‍යාගයක් හිමි වුණා.

මේ සීබ‍්‍රාමත්ස්‍යයන් නිවර්තන කලාපවල වෙසෙන මිරිදිය මසුන් විශේෂයක්. පොදු වහරේදී ‘ඩැනියෝ රියෝ’ යන නමින් හැඳින්වෙන පර්යේෂණාගාර මාළු ටැංකිවල විශේෂයෙන් දැක ගත හැකිය. මාස තුනක් ඇතුළත මේ සතුන් පරිණතව වැඩිහිටියන් බවට පත් වෙනවා.

මේ ඡායාරූපයේ ඔවුන්ගේ කටවලට ඉහළින් ඇති සිදුර ඇස් නෙවෙයි, නාසයයි. තවමත් වැඩෙමින් පවතින මේවා ඔවුන්ගේ ආඝ‍්‍රාණ පද්ධතියේ කොටසක්.

මේ සතුන්ගේ වරල්, සම, හෘදය හා මොළය සියල්ල වැඩෙන්නේ කීට අවදියේදිමයි.

දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ වර්ණවත් වන්දා (praying mantis) යි. ඡායාරූප ශිල්පියා ස්නායුජීව විද්‍යාඥ ඉගෝර් සිවනොවිස්.

 
වන්දකුගේ මේ වර්ණවත් ඡුායාරූපයටයි, දෙවැනි තැන හිමි වුණේ.

ඔහු පැහැදිලි කළා මේ වන්දා බියට පත් වූ පසු ඉදිරිපාද විදහාලා සතුරා අන්දමන්ද කරන ආකාරය ගැන. ඒ විතරක් නොවෙයි, මේ වන්දන්ට ඉදිරිපාදවල ඇති කටුවලින් ගොදුරු අල්ලා ගන්න දක්ෂයි.

මේ ත්‍යාග දිනූ අනෙක් පින්තූරය මානව ප‍්‍රතිශක්ති පද්ධතියේ කි‍්‍රයාවක් විස්මිත ලෙසින් කැමරාවට හසු කර ගත් අවස්ථාවක්. බැලූ බැල්මට මලක් කියලයි හිතෙන්නෙ.

ෆෝල්කර් බි‍්‍රන්ක්මාන් ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටි මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ආසාදන අධ්‍යයන අංශයේ පර්යේෂණවල නියුතු විද්‍යාඥයෙක්. ඔහු ගත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුදු රුධිරාණුවක් (රතු පැහැයෙන් ඇති) විසින් ක්ෂයරෝග බැක්ටීරියාවක් (කොළ පැහැයෙන්) ගිල ගන්නා අයුරුයි.

මේ තරගය සඳහා ඡායාරූප ශිල්පීන් 104 දෙනෙකු ඡායාරූප 1400ක් ඉදිරිපත් කර තිබුණා.

 
වෝල්කර් බි‍්‍රන්ක්මාන් ගත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුදු රුධිරාණුවක් (රතු පැහැයෙන් ඇති) විසින් ක්ෂයරෝග විෂ බිජයක් (කොළ පැහැයෙන්) ගිල ගන්නා අයුරුයි.



Post a Comment

0 Comments