HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කරේ එල්ලා ගෙන යන සෝපාවක්! විනෝද ගමන්වල කදිම භාණ්ඩයක්!

 
යන යන ගෙන යන්න මේ විදියකට පැක් කර ගත්තාම හරිම ලේසියි.

සමහර වෙලාවකට ඔබට අවශ්‍ය වන එකම දේ වාඩි වෙන්න තැනක්. දැන් ඒකටත් විසඳුමක් තියෙනවා. වාඩි වෙන සුවපහසු පුටුව ඔබට ම අරගෙන යන්න පුළුවන්. ලැප්ටොප් පරිගණකය වගේ උරේ දමා ගෙන යන්න පුළුවන්. වැඩි බරකුත් නැහැ. අවශ්‍ය තැනදි දිග ඇරලා සෝපාවක් බවට පත් කර ගන්න ඒ තරම් දෙයක් නෙවෙයි.

 
දිග ඇරලා පාවිච්චියට ගත්තාම මේ තමා රිෆ්ලෙක්ස් ගමන් සෝපාවෙ හැටි.

රිෆ්ලෙක්ස් නමින් හැඳින්වෙන අතේ ගෙන යා හැකි මේ සුවපහසු පුටුව දෙදෙනකුට වාඩිවෙන්න හොඳට ම සෑහෙනවා.

ඒත් බස් එකේ කෝච්චියෙ යන කොට සීට් නැතිවෙලාවට මේක දිග ඇර ගන්න හෙම හදන්න එපා! ඔබ විහිලූවකට ලක්වෙන්නත් පුළුවන්. සමහර විට ගැරහුමට ලක්වෙන්නත් පුළුවන්. ඒත් විනෝද ගමනක යෙදෙන විට නම් මේ සුවපහසු පුටුව ඔබට ඉතාමත් ප‍්‍රයෝජනවත් එකක් වේවි.

මේ සුවපහසු පුටුවේ දිග අඟල් 39ක්. ඒ කියන්නෙ මීටරයක්. කුෂන් එක අඟල් තුනක් ඝනකම්. මේවා කළු, රතු හා නිල් යන පාටවලින් ලබා ගන්න පුළුවන්.






Post a Comment

5 Comments

  1. koheada meka tiyenne?

    ReplyDelete
  2. කොහෙද තියෙන්නෙ කියල නේද ඇහුවෙ? පහත වෙබ් අඩවියෙන් බලන්න.
    http://www.kohls.com/reflex sofa

    ReplyDelete
  3. http://www.kohls.com/upgrade/webstore/product_page.jsp?PRODUCT%3C%3Eprd_id=845524892938557&pfx=pfx_shopcompare&cid=shopping3&mr:trackingCode=6A1EC8BB-33B3-E111-9D2A-001517B188A2&mr:referralID=NA

    This link work now.

    ReplyDelete
  4. එල කිරියෝ .......නියම බාන්ඩයක්....

    ReplyDelete
  5. මොකාද මේකට හුලං ගහලා දෙන්නේ

    ReplyDelete