HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කූඹි භූමි සිතියම් පොතක්! කුහුඹුවන් ගැන ඕනෑම දෙයක් ඉදිරියේ දී 'ඈන්ට්වෙබ්' වෙබ් අඩවියෙන්!


ඇට්ලස් (atlas) එකක් නොවෙයි, ඈන්ට්ලස් (antlas) එකක්! කූඹි භූමි සිතියම් පොතක්! විද්‍යාඥයෝ ලොව පුරා සරමින් සෑම කුහුඹුවකු ම සිතියම් ගත කරති. කුහුඹුවන්ගේ සෑම තොරතුරක් ම ඇතුළත් වන සේ ති‍්‍රමාන රූප ද සහිතව අන්තර් ජාලය හරහා ලොව ඕනෑම කෙනකුට දැක බලාගනු පිණිස දත්ත සමුදායක් සහිත වෙබ් අඩවියක් ඇති කිරිම ඔවුන්ගේ අරමුණයි.

දැනටමත් ඇමරිකන් විද්‍යාඥයන් ඔවුන්ගේ ‘ඈන්ට්වෙබ්’ (antweb) නම් වෙබ් අඩවියට දැනට ඔවුන් සතුව ඇති තොරතුරු බොහොමයක් ඇතුළත් කර අවසන්. ආරම්භයේ දී මේ වෙබ් අඩවියෙහි කුහුඹු විශේෂ 8000ක රූප සටහන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වුණා. ඒත් දැන් ඒ ඉලක්ක අබිබවා ගිහින්. ඔවුන්ගේ ඒ වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට මේ වන විට ඔවුන් විසින් සංරක්ෂණය කර ඇති කුහුඹු විශේෂ 3,24,941ක් වෙනවා.

 
ලොවපුරා ඕනෑම කෙනකුට කුහුඹුවන් ගෙන ඕනෑම තොරතුරක් ම ලබා ගත හැකි ‘ඈන්ට්වෙබ්’ මුල් පිටුව.

මේ වැඩ පිළිවෙළ අනුව මිනිසා මේ වන විට හඳුනා ගෙන ඇති සෑම කුහුඹු විශේෂයක් ම උච්ච වින්‍යාසයක් ඇති ති‍්‍රමාන රූප මගින් ජාල ගත කිරීමට පියවර ගනු ඇත.

දැනටමත් ඇමරිකන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලොව පුරා කෞතුකාගාරවලට යමින් ඔවුන් සතුව ඇති සෑම කුහුඹු විශේෂයකම සවිස්තර සටහන් හා රූප එක් රැස් කිරීමට පටන් ගෙන ඇත.

මේ අධ්‍යයනයට නායකත්වය දෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියානු විද්‍යා ඇකඩමියේ ආචාර්ය බ‍්‍රයන් ෆිෂර් ය. කුහුඹුවන් මේ තරම් සියුම් ලෙස රූප ගත කරන පළමු වතාව මෙය වෙයි.

 
ලොව පුරා කෞතුකාගාරවල ගොස් ඇමරිකන් විද්‍යාඥයන් එක් රැස්කරන මෙවැනි පින්තුර ඒ වෙබ් අඩවියෙන් ඔබටත් දැක ගන්න පුළුවන්.

 
මේ තරම් සියුම්ව, මේ තරම් සවිස්තරව, පැහැදිලිව, කුහුඹුවන්ගේ පින්තූර ගැනීමක් මීට පෙර සිදු වුණේ නැහැ.

මේ නව අන්වීක්ෂ ප‍්‍රතිබිම්බ තාක්ෂණය නිසා දැන් විද්‍යාඥයන්ට කුහුඹුවන්ගේ සිරුරු නිම වී ඇති අන්දම ගැන පෙර නොවූ විරූ දැක්මක් ලැබෙනවා සිකුරුයි.

විද්‍යාඥයන් ලොව පුරා කුහුඹුවන් සොයා යන මේ ගමනේ දී ඔවුන් අලූතින් සොයා ගන්නා දෑ ‘ඈන්ට්වෙබ්’ නම වෙබ් අඩවියට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙයින් කුහුඹුවන් ගැන පර්යේෂණ කරන්නන්ට අමිල සේවයක් වනු ඇති.

ආචාර්ය ෆිෂර් පසුගියදා බීබීසීයට කීවේ, ”අපේ ඉලක්කය වසරකට කුහුඹු විශේෂ 10,000ක් බැගින් මෙයට එක් කරන්නයි.” කියායි.

 
මේ මහඟු කාර්යයට උර දුන් විද්‍යාඥයා තමයි, ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය බ‍්‍රයන් ෆිෂර්.

මේ පර්යේෂක පිරිස දැනටමත් කුහුඹු විශේෂ 8,000ක් ඡායාරූප ගත කරල ඉවරයි. ඇමරිකාවේ කෞතුකාගාරවලින් විතරක් කුහුඹු විශේෂ 30,000ක් එක් රැස් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල ඔවුන් ලන්ඩන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයෙන් තොරතුරු ලබා ගන්නවා. එහි තැන්පත් කර ඇති කුහුඹු විශේෂ 6,000ක් ඔවුන්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා.

මේ සෑම තැනකදීම, එකම සත්ව විශේෂයකට අයත් කුහුඹුවන් කීප දෙනකුගේ තෝරා ගත් රූප එක් රැස් කර ගන්නවා. වෙනස් ලිංගිකයන්, වෙනත් ප‍්‍රභේදයන් විතරක් නෙවෙයි, කුහුඹු රැජන, සොල්දාදුවන් හා සේවකයන් ආදි හැම වෙනසක් ම මේ ඡායාරූපවලට ඇතුළත් වෙනවා.

 
කුහුඹුවන්ගේ කොටස් පවා අධි විශාලනය කර පැහැදිලි ව බලා ගන්න පුළුවන්. අන්වීක්ෂකයකින් වුවත් මෙවැනි සමීපරූප ඔබට පෙනෙන්නේ බොඳවෙලයි.

 
මෙම ‘ඈන්ට්වෙබ්’ අඩවියෙහි තොරතුරු යවත්කාලීන කරනවා, විද්‍යාඥයන්ට ඔවුන්ගේ ලෝක කුහුඹු සවාරියේ දී හමුවන අලූත් ම තොරතුරු අනුව.

මෙහි සංරක්ෂණය කෙරෙන සෑම කුහුඹුවකුගේම විවිධ අංශ ඉස්මතු වන සේ අතිශය විශාලනය කළ ඡායාරූප මේ වෙබ් අඩවියට එක් කෙරෙනවා.

මේ සතුන් ගැන දත්ත සියල්ල පරිගණක ගත කරල ඊට අදාළ ති‍්‍රමාන රූප එක් කරනවා. මෙතෙක් නුදුටු ආකාරයේ රූප හා තොරතුරු මේ මගින් දැක ගන්න පුළුවන්.

”ඔබට අවශ්‍ය නම් මේ ඕනෑම කුහුඹුවකුගේ රූප විශාලනය කර පියවි ඇසට නොපෙනෙන කෙඳි ආදිය බලා ගන්න පුළුවන්. මේ සියල්ල ඔබට අන්වීක්ෂයකින් වුනත් මෙතරම් පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ.” ආචාර්ය ෆිෂර් කියනවා.

”විද්‍යාඥයකු හැටියට මා වුනත් කුහුඹුවකුගේ ති‍්‍රමාන පිළිබිඹුවක් දැක්කේ මේ කාර්යෙදියි. මේ වෙබ් අඩවිය විද්‍යාඥයන්ට විතරක් ලොව පුරා සිටින ඕනෑම කෙනකුට මෙයින් ප‍්‍රයෝජනය ගන්න පුළුවන්” ඔහු තවදුරටත් කියනවා.

Post a Comment

3 Comments

  1. ඒ රටවල අයට වෙන වැඩ නැද්ද මන්දා අප්පා...

    ReplyDelete
  2. මට නම් කුබි පෙන්නන්න බෑ... හැම තැනම රිංගනවා.....

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි .තොරතුරු සැපයූ ඔබ තුමාට.ලංකාවෙ වෙසෙන කූඹි ගැන තොරතුරු හොයන අපි ඉගෙන ගන්නෙ පහ සහ හත වසරවල.

    ReplyDelete