‘බිග් බ‍්‍රදර්’ (ලොකු අයියා) යනුවෙන් හැඳින්වෙන මේ උපකරණ කට්ටලය දුම්රියපොළවල හෝ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි තුළ හෝ මහජනයා ගැවසෙන ස්ථානවල හෝ සවි කළ හැකියි. එවිට මේ පරිගණක පද්ධති කැමරා පසු කර යන අයකු සැක කටයුතු නම් මේ උපකරණවලට එසැණ එය වැටහෙන අතර ඒ මොහොතේ සිට ම ඒ ගැන සෝදිසියෙන් ඉන්නවා.
මේ උපකරණ තුළ ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ඇතුළත් කරල තියෙනවා.
නව චර්යා හඳුනා ගැනීමේ පද්ධතිය නිපදවූ BRS ආයතනය මේ සඳහා යොදා ගන්නේ ‘අල්සයිට්’ නම් මෘදුකාංගයක්. මේ පරිගණක කැමරා පද්ධතියට හැම පැත්තකින් ම බලා සැක කටයුතු අය කල්තියා හඳුනා ගත හැකියි.
නව චර්යා හඳුනා ගැනීමේ පද්ධතිය නිපදවූ BRS ආයතනය කියන්නේ දැනටමත් ඔවුන් මේ ආවේක්ෂණ කට්ටල සංචාරක ආකර්ෂණය ඇති තැන්වල, රජයේ ගොඩනැගිලිවල, ඇමරිකානු හමුදා කඳවුරු අවට සවි කර ඇති බවයි.
ඇමරිකාවේ ටෙක්සාස් මුලස්ථානය කර ගත් මෙම ආයතනයේ ශාඛා කාර්යාල එංගලන්තයේ ලන්ඩනයේ, බ‍්‍රසීලයේ සාවෝ පවුලෝ හා ස්පාඤ්ඤයේ බාසිලෝනා ආදි ලොව පුරා නගර රැසක පිහිටුවා තියෙනවා. එම සමාගම කියන්නේ එක පද්ධතියකට කැමරා 288ක් යෙදවිය හැකි බවයි. එහි දී එක තැනකට අවම වශයෙන් කැමරා 22ක් පමණ යෙදවෙන අතර එවැනි ස්ථාන 12ක් ආවරණය කරන්නට මේ එක් පද්ධතියකට පුළුවන්කම තිබෙනවා.
මේ කැමරාවලට එක් වරකට 150 දෙනකු බැගින් හසු කර ගත හැකි අතර ඔවුන්ගේ සැක කටයුතු යම් යම් දේ හසු වුවහොත් ඒවා මතකයේ තබා ගෙන ක‍්‍රම ක‍්‍රමයෙන් මතක ගබඩාවක් ගොඩ නගා ගත හැකියි. සැක කටයුතු චර්යා වර්ග කොට, විශ්ලේෂණය කර අනාගතයට ප‍්‍රයෝජනයට ගන්නත් මේවාට පුළුවන්.
අපරාධයක් කිරීමට පෙර අපරාධකරුවකුගේ චාර්යා පිරික්සන අවස්ථාවක් ‘මයිනොරිටි රිපෝට්’ චිත‍්‍රපටයේත් ආවා. එහි එක් ජවනිකාවක නළු ටොම් කෲස් රඟපෑ අයුරු.
අල්සයිට් මෘදුකාංග පද්ධතිය කි‍්‍රයා කරන හැටි. සෑම කැමරාවකින් එන රූප රාමු පිරික්සා කර බලා පරිගණකය මගින් මිනිස් අධීක්ෂකයකුට ඒ බව දන්වන්නේ දත්ත රැස් කරන මේ පද්ධතිය මගිනුයි.
BRS ආයතනය කියන්නේ ‘මේ කැමරා පද්ධතියට තමන් දකින දෑ නිරීක්ෂණයෙන් යම් යම් දේ ඉගෙන ගන්න පුළුවන්.’ කියායි.
ආලෝකය අඩු නොපැහැදිලි තත්වයන් යටතේත් සෙලවෙන රූපවලිනුත් ඒවා නිවැරදි කර තේරුම් ගන්න මේ පද්ධතියට හැකියාව තියෙනවා.
හැම කැමරාවක් ම වෙන වෙන ම ආවේක්ෂණ මධ්‍යස්ථානයට සම්බන්ධයි. යම් අමුත්තක් දුටුවොත් එසැණ එහි මිනිස් අධීක්ෂකයකුට දැනුම් දෙන්න ඒ කැමරාවකට පුළුවන්.
ඊළඟට ඒ අදාළ රූප රාමු පෙළ අන්තර් ජාලය හරහා මිනිස් සේවක පිරිස වෙත යැවෙනවා. ඒ සමගම ඊට අදාළ වැඩි විස්තර සහිත ලේඛනයක් ද යැවෙනවා.
BRS ආයතනයේ සභාපති ජෝන් ෆ‍්‍රාසිනි කියන්නේ මේ යන්ත‍්‍රවලට දැනුම ලබා ගැනීමේ හැකියාව ලබා දීම සඳහා නව තාක්ෂණික නිපැයුම් 11ක හිමිකම් සඳහා තමන් ලියාපදිංචි වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් කීවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයේ සවි කර ඇති කැමරාවලින් ගන්නා රූප රාමු විශ්ලේෂණය කිරීමට පළමු කේත බවට පෙරළා ගන්නවා.
සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු බටහිර රටවල් ප‍්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන අයගේ චාර්යා පිරික්සීම වැඩි කිරීම සඳහා ක‍්‍රම සොයමින් සිටියේ තමන්ට එල්ල විය හැකි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් බේරීමටයි.
එක්සත් රාජධානියේ ගුවන්තොටුපොළවල කාර්ය මණ්ඩලවලට ‘චර්යා හඳුනා ගැනීමේ’ ක‍්‍රම වේදයන් ගැන පුහුණුවක් ද ලබා දීමට පියවර ගත්තා. මෙය එක්සත් ජාතීන්ගේ සහය ඇතිව ස්විට්සර්ලන්තයේ පිහිටි අන්තර්ජාතික ගුවන් සේවා ආයතනය හරහා යුරෝපය පුරා කි‍්‍රයාත්මක කරවීමට කතාබහ කර ගෙන යනවා.
ඇමරිකාවේ බොස්ටන් නගරයේ ලෝගන් ගුවන්තොටුපොළ වැනි තැන්වල සාමාන්‍ය ලෝහ අනාවරකයන් යොදා ගෙන හා අතපතගා කරන පිරික්සුම්වලට අමතරව චර්යා විමර්ශනය ද සිදු කෙරෙනවා.
මේ ගිම්හානයේ දී ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දුම්රිය උමං පද්ධති තුළට මිනිසාට හානිකර නොවූ බැක්ටීරියාවක් මුදා හරින්න සැලසුම් කර තියෙනවා. ඒ ජීව අවි අනාවරක උපකරණ නිසි ලෙස කි‍්‍රයා කරන්නේ දැයි පිරික්සීම පිණිසයි.
1 Comments
අළුත් දෙයක් ගැන දැන ගත්ත.
ReplyDelete