HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චෙස් ගණන හදන්න පුළුවන් ද? : ඉලක්කම් සෙල්ලම්


අපේ ඉලක්කම් සෙල්ලම් යටතේ පළ වූ ‘2කේ අරුමය’ ගැන කොමෙන්ටුවක් එවපු නමක් නැති පාඨකයෙක් අපෙන් ඉල්ලීමක් කළා මේ ගැටලූව ඔබට දෙන්න කියලා.

මේ කතාව ජාතික රූපවාහිනියේ ‘ඉරිදා ආයුබෝවන්’ නම් උදෑසන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් එතුමාගේ හරබර කටහඬෙන් අප වෙත ගෙනාවේ, ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපේ සුමිතුරායි. ඒ 88-89 ශී‍්‍ර ලංකාවේ පැවති භීෂණ සමයෙදියි. මේ වාගේ අමතක නොවන කතා කී ඒ හඬ ඒ කාලෙ පැවති භීෂණ සමය විසින් ගිලගත් හැටි සිහි වෙනකොට අපට අදත් ඇති වෙන්න වාවන්න බැරි දුකක්.

මං දැන් මේ කතාව කියන්නේ ඔහුගේ හඬෙන් නොවෙයි, අපට මේ කතාව ලියා එව්ව, අප නොදන්න මිතුරාගෙ හඬෙන්. ඔන්න එහෙනම් අහගන්න.

චෙස් ක්‍රීඩාව ගැන පුංචි කතාවක් මම අහලා තියෙනවා. සමහරවිට ඔයාලත් අහලා ඇති. මේක මම ඇහුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ රූපවාහිනි වැඩසටහනකින්.

චෙස් ක්‍රීඩාව නිර්මාණය කරපු නිර්මාණකරුගෙන් ඒ රටේ රජ්ජුරුවෝ අහලා තියෙනවා, මොකක්ද අවශ්‍ය තෑග්ග කියලා, එයා ඉල්ලපු තෑග්ග මොකක්ද කියලා දන්නවාද?

චෙස් බෝඩ් එකේ කොටු 64ක් තියෙනවානේ, ඉතින් එයා කීවාලු පළමු කොටුවට 1 වී ඇටයක් තියන්න කියලා. දෙවැනි කොටුවට 2ක් තියන්න කීවාලු. තුන්වැනි කොටුවට 4ක්, හතරවැනි කොටුවට 8ක්, පස්වැනි කොටුවට 16ක්, හයවෙනි කොටුවට 32ක්, ඒ විදියට දෙකේ ගුණාකාරයෙන් වැඩිවෙන විදියට කොටු 64ටම වී ඇට තියන්න ඕනෑ.

රජ්ජුරුවෝ මේක රජ්ජුරුවන්ගේ ධාන්‍යාගාරයට පැවරුවා. පැයකට විතර පස්සේ රජ්ජුරුවෝ ධාන්‍යාගාරයෙන් ඇහුවා වී ඇට හරිද කියලා. එයාලා කීවා ගණන් කරනවා කියලා. හවස් වෙනකොටත් මේ වී ඇට පුමාණය ගණන් කරනන් බැරි වුණා. ඊළග දවසේ උදේ වෙනකොටත් බැරි වුණා. එදා හවස් වෙනකොටත් බැරි වුණා.

අන්තිමේදී ධාන්‍යගාරයෙන් කීවා මේ මුළු රටම අස්වැද්දුවත් මේ වී ඇට ගණන එකතු කරන්න බැහැ කියලා.

පුළුවන්නම් ඔයාලා ඒ ගණන කීයද කියලා හදලා බලන්න. චෙස් ක්‍රීඩාව හරිම සංකීර්ණයි. ඒක හදපු නිර්මාණකරුවා ඉල්ලපු තෑග්ග ඊටත් වඩා සංකීර්ණයි නේද කියලා ඔයාලට හිතෙයි.

චෙස් කී‍්‍රඩාව පටන් ගත්තු හැටි ඉදිරියේ දී ඔබට ගෙන එන්නම්.

Post a Comment

11 Comments

  1. වී ඇට 36893488147419100000 ඔනෙනෙ
    madawafdo@yahoo.com

    ReplyDelete
  2. 1 1
    2 2
    3 4
    4 8
    5 16
    6 32
    7 64
    8 128
    9 256
    10 512
    11 1,024
    12 2,048
    13 4,096
    14 8,192
    15 16,384
    16 32,768
    17 65,536
    18 131,072
    19 262,144
    20 524,288
    21 1,048,576
    22 2,097,152
    23 4,194,304
    24 8,388,608
    25 16,777,216
    26 33,554,432
    27 67,108,864
    28 134,217,728
    29 268,435,456
    30 536,870,912
    31 1,073,741,824
    32 2,147,483,648
    33 4,294,967,296
    34 8,589,934,592
    35 17,179,869,184
    36 34,359,738,368
    37 68,719,476,736
    38 137,438,953,472
    39 274,877,906,944
    40 549,755,813,888
    41 1,099,511,627,776
    42 2,199,023,255,552
    43 4,398,046,511,104
    44 8,796,093,022,208
    45 17,592,186,044,416
    46 35,184,372,088,832
    47 70,368,744,177,664
    48 140,737,488,355,328
    49 281,474,976,710,656
    50 562,949,953,421,312
    51 1,125,899,906,842,620
    52 2,251,799,813,685,250
    53 4,503,599,627,370,500
    54 9,007,199,254,740,990
    55 18,014,398,509,482,000
    56 36,028,797,018,964,000
    57 72,057,594,037,927,900
    58 144,115,188,075,856,000
    59 288,230,376,151,712,000
    60 576,460,752,303,423,000
    61 1,152,921,504,606,850,000
    62 2,305,843,009,213,690,000
    63 4,611,686,018,427,390,000
    64 9,223,372,036,854,780,000

    18,446,744,073,709,600,000

    ReplyDelete
  3. 18446744073709600000

    ReplyDelete
  4. 18,446,744,073,709,600,000.00

    ReplyDelete
  5. කෝකද හරි? මමත් අමාරුවේ වැටිලා ඉන්නේ.

    ReplyDelete
  6. වී ඇට ගණන = 2^63+(2^63-1)=1.84467E+19

    වී ඇටයක බර (Avg) = 30 mg =0.00003 kg

    kg ගණන = 5.53402E+14

    -අම්බි

    ReplyDelete
  7. සාමාන්‍යයෙන් වී ගහකින් ලැබෙන වී ඇට ප්‍රමාණය කීයද? වර්ග අඩියක ගොයම් ගස් කීයක් හැදෙනවාද? එහෙම වුණොත් මේ වී ඇට ප්‍රමාණය ගන්න කොපමණ භූමි ප්‍රමාණයක් වගා කළ යුතුද? දන්න කෙනෙක් ඉන්නවානම් හදලා දාන්න.

    ReplyDelete
  8. 9,223,372,036,854,780,000

    -WPD

    ReplyDelete
  9. ගණිතය කියන වැඩසටහන විස්මිත මිනිස් මොළයේ නිර්මාණයක්. ගණිතයට පුළුවන් සොබාදහම ,භෞතික, අභෞතික දේවල් වලටත් එපිටින් යන්න

    ReplyDelete
  10. Maths is natural language.....!

    ReplyDelete