HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිසා තුළ විස්මය දැන වූ ‘අහසේ දෙව්දුව’ : ‘මවුන්ට් එවරස්ට්’

1953 දී මුල්වරට ‘හිමගිර’ තරණය කිරීමේ ගෞරවය හිමි වන්නේ දෙනෙකුටයි. ඒ ශ‍්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හා ටෙන්සින් නෝගේ යන දෙදෙනාටයි. ලෝකයේ උස ම තැන හැටියට සලකනු ලබන එවරස්ට් ශිඛරය මුදුනට ප‍්‍රථම වරට මිනිසා පා තැබූ මොහොත, මිනිසා හඳ මත පා තැබූ මොහොත තරම් ම වැදගත්. එය සිදු වූයේ මීට වසර 59කට පෙර එනම් 1953 මැයි 29 වැනිදායි.


නවසීලන්ත ජාතික ශ‍්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හා ටිබෙට් ජාතික ටෙන්සින් නෝකේ යන දෙදෙනාට මුලින් ම එවරස්ට් ශිඛරය තරණය කිරීමේ ගෞරවය හිමි වුව ද ඔවුන් දෙදෙනා එය කළේ තනිව ම නොවෙයි. තවත් විශාල පිරිසක් ඔවුන් සමග ඒ කාර්යයට සහය වූ ඔබ දන්නවා ද? එදා ඔවුන්ගේ සහයක ලැයිස්තුවේ කඳු නඟින්නන් 12 දෙනෙකු ද ෂර්පා මග පෙන්වන්නන් 40ක් ද බඩුගෙන ගිය පෝටර්ලා 700කු ද සිටියා.

මුලින් ම එවරස්ට් කඳු මුඳුන තරණය කළ 1953 මැයි 29 වැනිදා සිට මේ දක්වා ලොව 3000ක් දෙනා ඒ හපන්කම කරල තියෙනවා. ඒ වගේ ම ඒ හපන්කම කරන්න තැත් කරපු අය අතරින් 220 දෙනකු මේ වන විට මිය ගිහින් තියෙනවා. 2012 වසර තුළ මේ වන විට 425 දෙනෙකු එවරස්ට් තරණය කරල තියෙනවා. මේ වන විට එවරස්ට් තරණයේ යෙදුණු අයගෙන් මරණයට පත් වූ ගණන 9ක්.


එවරස්ට් ශිඛරය කවදත් මිනිසා තුළ විස්මය දැන වූ තැනක්. එය හිමගිරෙහි හෙවත් හිමාලයෙහි උස ම තැන එයයි. එවරස්ට් කන්දේ උස 1999 අවුරුද්දේ තිබුණාට වඩා අද අඩි 6කින් වැඩි වී තිබේ. ඒ අනුව දැන් එහි උස අඩි 29035ක් (මීටර 8850ක්) වෙනවා. එහි වයස වසර මිලියන 60ක් පමණ වෙයි.


තමන්ට උදේ හවහ පේන මේ සුදෝසුදු ශිඛරය නේපාල ජාතිකයන් හඳුන්වන්නේ ‘සාගර මාතා’ කියලයි. එහි අරුත නේපාලි බසින් ‘අහසේ දෙව්දුව’ යන්නයි. ඒ වගේ ම මේ මහා කන්දේ එක් පාමුලක ඉන්නා ටිබෙට් ජාතිකයන් මෙය හඳුන්වන්නේ ‘චෝමෝලූන්මා’ කියලයි. තිබ්බත බසින් එහි අරුත ‘විශ්වයේ මාතෘ දෙව්දුව’ යන්නයි. එහෙත් ලොව පුරා මෙය හැඳින්වෙන්නේ ‘මවුන්ට් එවරස්ට්’ කියලයි. ඒ මෙහි උස මුලින් ම මැන්න ශී‍්‍රමත් ජෝර්ජ් එවරස්ට් සිහි වීම පිණිසයි. ඔහු එවකට (1865 දී) ඉන්දියාවේ සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතික මිනුම්පතිවරායයි. සිතියම් සකස් කරද්දී මුලින් ඔහු විසින් ‘අංක 15 ශිඛරය’ කියා නම් කෙරුණු මෙය පසු කලෙක ‘එවරස්ට්’ වූයේ ඔහුට ගෞරවයක් වශයෙනුයි.

හිමාලය හා බැඳුණු ජනප‍්‍රවාද දහස් ගණනක් රටරටවල තියෙනවා. ඒ ජනකතා ඇත්තේ ඒ පාමුල රටවල පමණක් නොව ලංකාව වැනි මුහුදෙන් ඈත පිහිටි රටවලත් හිමාලය ගැන ගෙතුණු අපූරු කතා තියෙනවා. ඒවා ගැන වෙන ම දවසක කතා කරමු.

Post a Comment

1 Comments

  1. වටිනා පෝස්ටුවක්,
    ජය වේවා

    ReplyDelete