HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ හිරු මෙන් මිලියන ගුණයක් විශාල කළු කුහරයක් දැවැන්ත වේගයකින් අපේ විශ්වය දෙසට! තවත් එවැනි ඒවා තිබිය හැකියි, විද්‍යාඥයන් අනතුරු අඟවනවා!

අපේ දුරේක්ෂවලට හසු නොවන මේ කළු කුහර සිය ගමන් මග අවට ඇති සියලූම දීප්තිමත් වායු ගිල ගන්නවා. මේ අති දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් මේ සක්වළෙහි ගැලැක්සි (මන්දාකිණි) හරහා ගමන් කරනවා. මෙයට හසුවන තරු සියල්ල විනාශ වෙනවා.

දැනට තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති මේ කළුකුහරය අපේ සූර්යයා මෙන් මිලියන ගුණයක් විශාලයි. ආලෝකය උරා ගන්නා නිසා මේවා අපට දුරේක්ෂවලින් දැක ගත නොහැකි යැයි කියන විද්‍යාඥයන් තවත් මෙවැනි මාරක අන්තර්ගැලැක්සීය ‘මිසියිල’ තවත් තිබිය හැකියැයි අනතුරු අඟවනවා.

 
චන්ද්‍රා හා අනෙකුත් දුරේක්ෂ මගින් සොයා ගෙන ඇති සීඅයිඞී-42 ගැලැක්සිය තුළ තිබී දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් ඉවතට තල්ලූ කර ඇතැයි කියන ප‍්‍රධාන පෙළේ තාරකා විද්‍යාඥයන් මේ ගැලැක්සිය තුළ තවත් ඇතැයි බිය පළ කරග තියෙනවා.

මේ කළුකුහරයක් තිබෙන තැනින් චලනය කරවන්න සිතිය නොහැකි තරම් විශාල බලයක් යොද වන්න ඕනෑ. ඒත් විද්‍යාඥයන් සිතන්නේ අයින්ස්ටයින් විසින් ලොවට හඳුන්වා දුන් පරිදි අභ්‍යවකාශයේ රැලි නංවන ගුරුත්ව තරංග මගින් මේවා එම කළුකුහර අයත් මන්දාකිණියෙන් ඉවතට තල්ලූ කරනවා විය හැකියි.

අපේ ගැලැක්සිය වන මේ ක්ෂීරපථයෙහි පමණක් නොව හැම ගැලැක්සියකම පාහේ මැද අති දැවැන්ත කළුකුහරය බැගින් ඇතැයි විශ්වාස කෙරෙනවා.

”අපේ සූර්යයා මෙන් මිලියන ගණනක ගුණයක් බරින් යුත් මේ වගේ අති දැවැන්ත කළුකුහරයක් ඇති තැනින් එහාමෙහා කරනවා පමණක් නොව අති විශාල වේගයකින් ඒ ගැලැක්සියෙන් පිටතට තල්ලූ වෙනවා කීවාම ඒක අදහන්නත් බැරි තරම් දෙයක්” ඇමරිකාවේ හවාඞ්-ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ තාරකාභෞතික විද්‍යාඥවරියක වන ෆ‍්‍රැන්සිස්කා සිවානෝ කියනවා.

”ඒත් මේ අලූත් දත්ත අපේ අවධානය යොමු කරවනවා මහා විද්‍යාඥ අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ ගුරුත්වා තරංග සංකල්පය ගැන. මේ ගුරුත්ව තරංග නිසා අතිශය විශාල බලයක් නිපදවෙන, ‘අභ්‍යවකාශය තුළ නිර්මිත වී ඇති රැලි’ (ripples in the fabric of space) විශේෂයක් ඇතැයි යන අයින්ස්ටයින් පළ කළ මේ අදහස මේ වන තෙක් කෙළින් ම හඳුනා ගෙන තිබුණේ නැහැ.” ඇය වැඩිදුරටත් කියනවා.

ඇමරිකාවේ හවාඞ්-ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේම තාරකාභෞතික විද්‍යාඥ ලෝරා බ්ලැකා කියන්නේ, ”මේ කළුකුහර අපට පෙනෙන්නේ නැහැ. මක්නිසාද යත් ඒවා අයත් ගැලැක්සියෙන් පිටතට තල්ලූ කරන විට ඒවා අවට ඇති සියලූම වායු වර්ග ඒවා විසින් ගිලගෙන අවසන් නිසා.” කියලයි. සක්වළ ඇති යමක් අප දකින්නේ ඒවායින් නිකුත් වන විකිරණවලින් හෝ අපේ දුරේක්ෂ මගින් යවන ආලෝක හෝ ශබ්ද තරංග ඒවා මගින් පරාවර්තනය කිරීම නිසයි. කළුකුහර අවට ආලෝක විහිදවිය හැකි කිසිවක් නොමැති වීම නිසා ඒවා කෙබඳුදැයි දැක ගන්නට විදියක් අපට නැහැ.

සිවානෝ හා ඇගේ කණ්ඩායම සීඅයිඞී-42 නමින් වූ පද්ධතිය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. එය පිහිටා ඇත්තේ ආලෝක බිලියන හතරක් ඈතින් පිහිටි ගැලැක්සියක මැදයි.

ඔවුන්ට මීට කලින් අවස්ථා දෙකක දී වඩා පැහැදිලි ප‍්‍රකාශ ආලෝක ප‍්‍රභව දෙකක් මේ සීඅයිඞී-42 පද්ධතියෙන් ලබා ගත හැකි වී තිබුණා. ඒ නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමිනුයි.

තවත් ප‍්‍රකාශ දත්ත ලබා ගෙන තිබුණා, චිලි රටේ ස්ථාපිත කර ඇති අති දැවැන්ත මැගලන් දුරේක්ෂ යොදා ගෙන. එයින් ලබා ගත් වර්ණාවලීක්ෂය අනුව ඒ ප‍්‍රභවයන් දෙක නිකුත් වූයේ සීඅයිඞී-42න් බවත් ඒවා පැයට සැතැපුම් මිලියන තුනක පමණ වේගයකින් එකිනෙකෙන් ඈත් වන බවත් හැඟවුණා.

 
මේ, අප ඉන්නා ක්ෂීරපථය නම් ගැලැක්සියයි. මේ ගැලැක්සිය ඇතුළු බොහෝ ගැලැක්සිවල මැද කළුකුහරයක් තිබිය හැකි බවයි. ඒත් දැන් විද්‍යාඥයන් කියන්නේ ග්ලැක්සි අතර ඇති වන ගැටීම් නිසා ඒ දැවැන්ත කළුකුහර ඒ ස්ථානයෙන් ඉවතට තල්ලූ විය හැකි බවයි.

කලින් කරන ලද චන්ද්‍ර නිරීක්ෂණවලින් හඳුනා ගනු ලැබුවා, එක්ස් කිරණ ප‍්‍රභවයක්. එය නිකුත් වූයේ අධිතාපයට ලක් වූ ද්‍රව්‍ය විශේෂයකින්. මෙය අති දැවැන්ත කළුකුහරයක් හෝ කීපයක් හෝ නිසා සිදු වූවක් විය හැකියි.

කෙසේ වෙතත් ඔවුන්ට වෙන් කර හඳුනා ගන්න බැරි වුණා, ඒ එක්ස් කිරණ ආවේ එකකින් ද දෙකෙන් ම ද කියා, ඒ මන්ද යත් චන්ද්‍රා දුරේක්ෂය කෙළින් ම සීඅයිඞී-42 වෙතට යොමු වූ නොතිබුණු නිසා. ඒ ලැබුණ එක්ස් කිරණ ප‍්‍රභවය වෙනදා තරම් පැහැදිලි නැති නිසයි.

Post a Comment

3 Comments

  1. වැදගත් ලිපියකි...

    ReplyDelete
  2. කෙළිය තාප්පෙට.ඔය යන විදිහට ලෝක විනාසෙ වෙයිද මන්ද...?????

    ReplyDelete