HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ති‍්‍රමාන (3D) පි‍්‍රන්ටරයක්! මුද්‍රණ ලෝකයේ මහ පෙරළියක්!

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක්! මුද්‍රණ ලෝකයේ විප්ලවයක්! මේ නව නිර්මාණය නිසා අන්තර් ජාලය පසුගිය දසකය තුළ ලෝකය වෙනස් කළාට වඩා වැඩි වෙනසක්, මහ පෙරළියක් සිදු වෙනවා කියලයි කියන්නෙ.

මේ කර්මාන්තය එතරම් පැරණි එකක් නෙවෙයි. ඒත් තාක්ෂණය මහා පිම්මක් පනින්න සූදානම් වෙලයි ඉන්නෙ. දැන් අපට බොත්තමක් තද කිරීමෙන් අපේ ඇස් ඉදිරිපිට ම අහසේ සෙල්ලම් බඩුවක් හෝ මෙවලමක් හෝ ති‍්‍රමාන රුවක් හැටියට මවා ගන්න පුළුවන්.

උදාහරණයක් විදියට මේ යෝඩා ගන්න. ඔබට මතක ඇති, යෝඩා කියන්නේ ‘ස්ටාර්වෝස්’ කතා මාලාවේ එන චරිතයක්. මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයෙන් ඔහුගේ රූපය මැවෙනවා ඔබට මේ සමග ඇති වීඩියෝවෙන් බලා ගත්තෑකි. එහි දී සෑම කුඩා දෙයක් ම සවිස්තර ව මැවෙනවා ඔබට දැක ගත හැකියි.

 
මේ අවස්ථාවේ දී සිදුවන කිසිදෙයක් සිතා ගත නොහැකියි. නිකම් ප්ලාස්ටිසීන් කැබැල්ලක් විතරයි පෙනෙන්න තියෙන්නෙ. බලා ගෙන ඉන්න ති‍්‍රමාන මුද්‍රණය පටන් ගන්නකම්.

 
තවම මොකුත් මතු වුණේ නෑ. වරකට මිමි 0.1 බැගින් විස්මිත අයුරින් මතු වෙනවා ඔබට දැක ගත හැකියි.

 
තාම හරියට ම කවුද කියල පෙනෙන්නෙ නෑ. යෝඩාගේ නිකට හැදෙන අයුරු බලන්න.

මේ යෝඩා මෙසේ මුද්‍රණය කර පෙන්වන්නේ යූටියුබ් ග‍්‍රාහකයෙක් වන ‘බිසිබොට්ස්’ විසින්, ඔහුගේ ගෙදර ඇති ති‍්‍රමාන පි‍්‍රන්ටරයෙන්. දැනට මේ වගේ මුද්‍රණයකට පවුම් 1000ක් විතර වැය වෙනවා.

ඔහු මේ සඳහා යොදා ගත්තේ Thingiverse වෙබ් අඩවියේ ඇති රූපයක්. ඉන් ඔබට අවශ්‍ය රූප සටහන්, සැලසුම් ආදි බාගත හැකියි. අදාළ වෙබ් අඩවිවලින් පොත්, සින්දු හා චිත‍්‍රපට බාගන්නවා වගේ තමයි, මේවා බාගත හැකි වන්නේ.

දැනටමත් මේ ක‍්‍රමයට සමහර අය නව නිපැයුම් කරනවා, නිදහසේ (නොමිලේ) මෙවලම්, හැඳි, ගෑරුප්පු, පිහියා, කතුරු ආදියට අමතරව කුරුලූ ගෙවල්, උඩුකයේ පිළිරූ, ලාම්පු ආවරණ වගේ දේවල් හුවමාරු කරනවා. මේ ක‍්‍රමයට තැනිය හැකි ඕනෑම දෙයක් තනන්න පුළුවන්.

 
යෝඩාගේ පිළිරුව මැවෙන්නේ ඇතුළත සිදුරු සහිතවයි.

 
මුද්‍රණ යන්ත‍්‍රයේ තැටිය මත යෝඩාගේ රුව ති‍්‍රමානව මැවෙන හැටි.

 
මුදුන හැදෙන්න විතරයි තියෙන්නෙ. යෝඩා දැන් සූදානම් එයාගෙ දැනුම බෙදා දෙන්න.

මේ තාක්ෂණය තාමත් තියෙන්නෙ ළදරු වියේ. ඒ නිසා මේ පි‍්‍රන්ටරවලට සංකීර්ණ දේවල් මුද්‍රණය කරන්න බැහැ. කේබල් හෝ චලනය වන කොටස් ඇති ඒවා මවන්න බැහැ.

ඒත් තව දසකයක් දෙකක් ඇතුළුව මේවා හැම ගෙයකම තිබෙනවා දැකිය හැකියි. එවිට අවශ්‍ය ඕනෑම දෙයක් මෙයින් බාගත හැකියි. ඔබේ ෆෝනයේ බැටරි කවරය හෝ වෙනත් දෙයක් මේ ක‍්‍රමයට ඔබට ලබා ගත හැකියි. එහෙම නැත්නම් ඔබට අවශ්‍ය සැලැස්මක් ඇඳ ඒ අනුව අවශ්‍ය ති‍්‍රමාන වස්තුවක් නිර්මාණ කර ගත හැකියි.



ජංගම ෆෝන්කරුවන් සිය අනුග‍්‍රාහකයන්ට ඔවුන්ගේ සැලසුම් නොමිලයේ ලබා දෙන නිසා ඔබට මේවා ලබා ගැනිම පහසු වෙනවා. විද්යුත් දේ හෝ නරක් විය හැකි දේ හැර ඕනෑම දෙයක් ලබා ගත හැකියි.

මේක ලොකු පෙරළියක්, මුද්‍රණය අතින් විප්ලවයක්! ඒ නිසා බය වෙන්න එපා! යෝඩාගේ කියමනකින් මෙය අවසන් කරන්න අපි කැමතියි. ”බිය නිසා කෝපය උපදිනවා. කෝපය නිසා වෛරය ඇති වෙනවා. වෛරය නිසා විඳවීමට සිදු වෙනවා.”

 
සියල්ල සම්පූර්ණයි. යෝඩාගේ රූපයේ හැම කොටසක් ම මවා හමාරයි.

Post a Comment

4 Comments

  1. ගොඩක් ව්ටින ලිපියක්.. මෙ වෙබ් අඩවියෙන් තම්යි මන් මේ ගෙන මුලින්ම දැනගත්තේ,
    ගොඩක් ස්තුතියි!

    ReplyDelete
  2. හොද පොස්ට් එකක්. එත් මේක ගොඩක් අලුත්ම දෙයක් නෙමේ. www.instructables.com වගේ සයිට් එකකට ගිහින් බැලුවොත් ඔය වගේ එකක් ගෙදරදී හදන විදිය හොයා ගන්න තියෙනවා. එත් ඉතින් සෑහෙන්න වැඩ ගොඩක්.

    ReplyDelete
  3. pissu hadenawane bN! mehema giyoth meewa kohen nawatheeda manda??

    ReplyDelete
  4. mekath balanna.......http://www.youtube.com/watch?v=8aghzpO_UZE

    ReplyDelete