HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාලය නිර්මාණය වූයේ 1934 දී ද? එය වසර 78කට පෙර විද්‍යාඥයකු ලොවට දුන් සංකල්පයක් ද?

 
මේ බෙල්ජියානු විද්‍යාඥයා, පෝල් ඔට්ලෙට්, ජාලයේ පියා ද? 1934 දී මේ අදහස මුලින් ම දුන්නේ ඔහු ද?

1930 ගණන්වල ඔහු මේ අදහස ඉදිරිපත් කළේ ටෙලිෆෝනය හා රූපවාහිනී තිරය එක් කළ නව නිර්මාණයක් බිහි කළ හැකි බව කියමිනි. අන්තර්ජාලය රහිත ලෝකයක් ගැන අද අප බොහෝ දෙනකුට හිතන්නවත් බැරි වුනත් එදා 1934 දී මෙය හිතලූවක් වශයෙන්වත් තේරුම් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මීට වසර 78කට පෙර පෝල් ඔට්ලෙට් එදා ඔහුගේ නිබන්ධනයෙන් විස්තර කළේ තොරතුරු සුපිරිමාවත ගැනයි.

පසුගිය සෙනසුරාදා (ජූනි 8 වැනිදා) ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පැවති ලෝක විද්‍යා උළෙලේ දී (World Science Festival) ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලයේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන පැවති සම්මන්ත‍්‍රණයේ දී මේ පෝල් ඔට්ලෙට්ගේ සංකල්පය පිළිබඳ ව ප‍්‍රථම වරට ලොවට හෙළිදරවු කෙරුණු බව ‘ටෙක් නිව්ස් ඬේලි’ (TechNewsDaily) අන්තර්ජාල පුවත්පත මගින් අනාවරණය කෙරුණා.

පෝල් ඔට්ලෙට් බෙල්ජියානු ජාතික විද්‍යාඥයෙක් හා ලේඛකයෙක්. දැනටමත් ඔහු තොරතුරු විද්‍යාවේ පියා ලෙස පිළිගැනීමට ලක් වී තියෙනවා. ඒ ඔහු විසින් 1934 දී ප‍්‍රකාශයට පත් කර තිබූ ‘ප‍්‍රලේඛනය පිළිබඳ නිබන්ධනය’ (Treaties on Documentation) නිසයි. ඔහු මීට වසර 78කට පෙර මේ නව සංකල්පය ඉදිරිපත් කළේ අයිපෑඞ් (iPad), කින්ඞ්ල් (Kindle) ආදිය ලොවට බිහිවීමටත් පෙරයි. ඒ විතරක් නෙවෙයි, ටෙලිවිෂන් තිරයවත් ඒ කාලේ බිහි වී තිබුණේ නැහැ. ඔහු එදා ඉදිරිපත් කළ ඒ නව සංකල්පයෙන් කියැවුණේ ටෙලිෆෝනය හා ටෙලිවිෂනය ඒකාබද්ධ කොට ප‍්‍රකාශයට පත් කර ඇති තොරතුරු ලොව පුරා ගෙන යා හැකි බවයි.

ඔහුගේ ‘ප‍්‍රලේඛනය පිළිබඳ නිබන්ධනය’ තුළින් ඔහු පරිගණකය හැඳින්වූයේ ‘කිසිම පොතක් පතක් සම්බන්ධ නැති වැඩ අවකාශයක්’ කියායි. ඔහු එදා ඒ කීවේ පරිගණකයේ මතකය ගැනයි.

”ඒ වෙනුවට ඇත්තේ තිරයක් ටෙලිෆෝනයක් විතරයි. එහි දී පොතක පිටුවක් කියැවිය හැකි අතර ටෙලිෆෝනයෙන් අසනු ලබන ප‍්‍රශ්නවලට පිළිතුරු තිරය මත දිස්වේ.”

 
ඔට්ලෙට්ගේ සංකල්පයට අනුව ටෙලිවිෂනය හා ටෙලිෆෝනය ඒකාබද්ධ කොට තොරතුරු යැවීම හා ලැබීම කළ හැකියි.

 
ඔට්ලෙට්ගේ මේ අදහස අනුව ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන් ම තොරතුරු හුවමාරු කළ හැකියි.

ඔහු මෙය තවදුරටත් විස්තර කරමින් එම තිරය බෙදා වෙන් කළ හැකි අතර ඒ මගින් පොත් කීපයක පිටු එකවර පෙන්විය හැකි යැයි ද එහි සඳහන් කර තියෙනවා. (මෙය අද පරිගණකය පාවිච්චි කරන අයට ඉතා හුරු දෙයක්.)

ඔහු මේ සංකල්පය එදා හැඳින්වූයේ ‘ටෙලිවයිස්ඞ් බුක්’ (televised book) කියලයි.

ඔහුගේ මේ සංකල්පය කි‍්‍රයාවට නැංවීමට තවත් වසර 30කටත් වැඩි කාලයක් ගත වුණා. ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලයට මඟ පෑදූ මුල්ම ව්‍යාපෘතිය ඇරඹුණේ 1960 ගණන්වලදියි.

පසුගිය 8 වැනිදා පැවති නිව්යෝක් ජගත් විද්‍යා සමුළුවේ සම්මන්ත‍්‍රණයට අන්තර්ජාලයේ පියා ලෙස සැලකෙන වින්ටන් සර්ෆ් (Vinton Cerf) ද එක් වුණා. 1960 ගණන්වල දී ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලයට මග පෑදූ හමුදා ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු තොරතුරු හුවමාරු වැඩසටහනෙහි දී මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේ ඔහුයි.

 
අන්තර්ජාලයේ පියා ලෙස සැලකෙන වින්ටන් සර්ෆ් ද මේ ජගත් විද්‍යා සමුළුවේ සම්මන්ත‍්‍රණයට එක් වුණා. 1960 ගණන්වල දී ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලයට මග පෑදූ හමුදා ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු තොරතුරු හුවමාරු වැඩසටහනෙහි දී මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේ ඔහුයි.




අන්තර්ජාලය යන වදනට මුල් වූ ‘ඉන්ටර්නෙට්’ යන බිහි වූයේ ‘ආපනෙට්’ (ARPANET- Advanced Research Projects Agency Network) නමින් හැඳින්වුණු වැඩසටහනත් සමගයි. මෙය ‘ප‍්‍රායත පර්යේෂණ ව්‍යාපෘති ආයතන ජාලය’ නමින් සිංහලෙන් දැක්විය හැකියි. මෙම ආපනෙට් ජාලයේ මුල් ම පණිවිඩය යැව්වේ 1969 ඔක්තෝබර් 29 වැනිදා පස්වරු 10.30ටයි. ඒ ලොස් ඇන්ජලීස්හී කැලිෆෝනියා විශ්විද්‍යාලයේ එක ළඟ තැබූ පරිගණක දෙකක් අතරයි. එය ඉටු කළේ ඒ විශ්ව විද්‍යාලයේ පරිගණක ක‍්‍රමලේඛක ශිෂ්‍යයෙකු වූ චාලි ක්ලින් විසින් මහාචාර්ය ලෙනාඞ් ක්ලීන්රොක්ගේ අධීක්ෂණය යටතේයි.

එදා යැවූ ඒ සරල පණිවිඩයෙන් තමයි, වසර ගණනාවක සංවර්ධනයෙන් පසු අද අප හඳුනන ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලය බවට පත් වීමේ පෙරළිය ඇරඹුණේ.


Post a Comment

2 Comments

  1. මම දැක්කා ටීවී එකේ මිනිසා ටිකෙන් ටික පියාඹන්න උත්සහ කරලා අන්තිමට ප්ලේන් එක හදපු හැටි,........
    ඒක ලස්සන වීඩියෝ එකක්.......... ඒක හොයලා දෙන්න බැරිද?

    ReplyDelete
  2. වටිනා කියන ලිපියක්...... ස්තුතියි.

    ReplyDelete