HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත ටෙලිවිෂන් තිරය විනිවිද පෙනෙන එකක්! දාපුවාම පේනවා! වහපුවාම නොපෙනී යනවා!


පසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ!

දැන් ඔන්න පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරයක් ළඟ එනවා. ඔබට ටෙලිවිෂන් නරඹන්න අවශ්‍ය වෙලාවට ස්විචය දැම්මාම තිරය මතුවෙලා එනවා. ස්විචය නිවා දැම්මාම ටෙලිවිෂන් තිරය පරිසරයට ගිලී යනවා. එවිට ඒ තිරය විනිවිද අවට පරිසරයයි, ඔබට පෙනෙන්නේ.

මේ සඳහා පාවිච්චි කර ඇත්තේ අලූත් ම තාක්ෂණයක්. එය හැඳින්වෙන්නේ ‘ටීඕඑල්ඊඞී’ (TOLED) තාක්ෂණය කියලයි. පාරදෘශ්‍ය සංවිධිත ආලෝක විමෝචන උපකරණය (TOLED - transparent organic light-emitting device) යනුවෙන් හැඳින්වෙන මෙම නිරූපණ තාක්ෂණය දැන් භාවිත වන සංවිධිත ආලෝක විමෝචන (OLED) ක‍්‍රමයේ ම වැඩි දියුණු කළ තත්ත්වයක්. ඒ ක‍්‍රමයේ තුනී තිරයක් සහිත ටෙලිවිෂන් තිරයක් ගැන පුවතක් මීට කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබ වෙතට ගෙනාවා මතක ඇති නේ!

 
මේ තමා විනිවිදක ටෙලිවිෂන් තිරයේ හැටි. ඒත් මේ තරම් ලොකු තිරයක් තවම නිපදවා නැහැ. කුඩා ප‍්‍රමාණයෙන් තමයි, දැනට තියෙන්නේ.

මෙම පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරය සැලසුම් කර ඇත්තේ මයිකල් ෆී‍්‍රබ්. මෙය පසුගිය වසරේ නව නිපැයුම් තරගයක අවසාන වටයටත් නම් කර තිබුණා. තාම එහි ප‍්‍රතිඵල ඇවිත් නැහැ.

”මේ පාරදෘශ්‍ය ටෙලිවිෂන් සැලසුම කි‍්‍රයාවට නංවා ඇත්තේ ජර්මන් ටෙලිවිෂන් තාක්ෂණ උපකරණ නිෂ්පාදන ආයතනයක් වූ ලෝව් (Loewe) සමාගම විසින්. මේ නව ටෙලිවිෂනය හඳුන්වා ඇත්තේ ‘ලෝව් ඉන්විසියෝ’ (Loewe Invisio) කියායි. මේ වර්ගයේ පළමු ටෙලිවිෂනය වන මෙය එල්සීඞී (LCD) හා අලූත්ම තාක්ෂණය වූ ටීඕඑල්ඊඞී (TOLED) එක් කොට තැනූවක්.” මයිකල් ගී‍්‍රබ් කියනවා.

”තිරය පාරදෘශ වුණාට ඉන් පෙනෙන රූප විනිවිද පෙනෙන්නේ නැහැ. මෙහි වර්ණ රූප ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

ලොවේ ආයතනය ටෙලිවිෂන් තාක්ෂණයට අලූත් එකක් නෙවෙයි. 1998 දී අන්තර්ජාලය හා සම්බන්ධ කළ හැකි ටෙලිවිෂනය මුලින් ම හඳුන්වා දුන්නේ ඔවුන් තමයි. ඒ ‘අයිටියුන්ස්’ හා ‘යූ ටියුබ්’ එන්න කලින්.

1931 දී ලෝකයේ ප‍්‍රථම ටෙලිවිෂන් විකාශයට දායක වූයේත් ඔවුන් තමයි.

1950 දී ප‍්‍රථම කැසට් ටේප් රෙකෝඩරය ඉදිරිපත් කිරීම, 1961 දී යුරෝපයේ ප‍්‍රථම වීඩියෝ රෙකෝඩරය හඳුන්වා දීම, 1981 දී යුරෝපයේ ප‍්‍රථම ස්ටීරියෝ ටෙලිවිෂනය හඳුන්වා දීම ඔවුන් ලැබූ ජයග‍්‍රහණ අතර කැපී පෙනෙනවා.

 
මේ නව ටෙලිවිෂන් තිරය පෙනෙන පසුබිම තැබූ විට පෙනෙන හැටි.

 
තවත් අලූත් ටෙලිවිෂනයක්, මේ. මෙය සිරස් අතට හෝ තිරස් අතට හරවා කැමති විදියට නරඹන්න පුළුවන්.

 
 නව තාක්ෂණයෙන් මේ තරම් විශාල ප‍්‍රමාණයේ තිර දැනට නිපදවන්නේ නැහැ.


1998 දී අන්තර්ජාලයට එක් වූ ප‍්‍රථම ටෙලිවිෂන් සේවාව වූ ‘ලෝවේ සෙලෝස් ඇට් මීඩියා’(Loewe Xelos @media) ආරම්භ වූයේ ද ඔවුන් ගෙනි. ඒ අවුරුද්දේ ම ඔවුන් ප‍්‍රථම පැතලි තිර රූපවාහිනිය කරළියට ගෙනාවා.

Post a Comment

5 Comments

  1. මයා බන්ධන පරාදයි නොවැ!

    ReplyDelete
  2. JAYAMANNA MALLIYE DAN THIYANA TELEVISON WALATH DAMMAMA PENAWA WEHUWAMA PENENNE NEHE NEDA.

    ReplyDelete
  3. ඇනෝ මහත්තයට මේ අඩවියෙන්ම පෙනුනේ ඒ වාක්‍යය විතරද මන්දා ???

    තිර කියන සංකල්පය ඉස්සරහට නැතිවේවි කියලා මට හිතෙන්නේ. එක්කෝ රූප සංකල්පනා හිතේ මැවෙන විදියේ ගැජට් එකක් හැදේවි. එච්චර දුර යන්න කලින් ගූගල් කණ්ණාඩි වගේ ඒවා ඒවි !!!

    ස්තුතියි ලිපියට !

    ReplyDelete
  4. තාක්ෂණික දියුනුව.ජය

    ReplyDelete