HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහ සයුරේ බර අදින්නා 'ටග් බෝට්'

බර දෙයක් ඇදගෙන යන්න අපේ පැරැන්නෝ අලින් යොදා ගත්හ. මහ මුහුදේදී බර දෙයක් ඇදගෙන යන්නේ කෙසේද ? ඒ සඳහා විශේෂිත වූ බෝට්ටු වර්ගයක් නිර්මාණය කර තිබේ. අලි කොට ඇදගෙන යනවා සේම මෙම බෝට්ටුවලටත් මුහුදේදී බර දේවල් ඇදගෙන ඒමට හැකියාව ඇත. ඒ නිසාම අපි මේ බෝට්ටු හඳුන්වන්නේ ‘අලියා බෝට්ටු’ යනුවෙනි. ඉංගී‍්‍රසි බසින් මේවා හඳුන්වන්නේ ‘ටග්’ එසේත් නැතිනම් ඇදගෙන යාමට භාවිතා කරන බෝට්ටු ලෙසයි.


ලොව පළමු වාණිජමය ටග් බෝට්ටුවේ නම ‘ලූනා’. ඇමෙරිකාවට අයත් මෙම බෝට්ටුව ඇමෙරිකාවේ ජාතික, රාජ්‍ය සහ බොස්ටන් නුවර ඓතිහාසික සලකුණක් සේ සැළකෙයි. මෙම ටග් බෝට්ටුව පණ ගැන්වුණේ ඞීසල් විදුලි ඇන්ජිමක ආධාරයෙනි. මුහුදේදී අකරතැබ්බවලට මුහුණ දෙන නැව්, පාරු ආදී ඕනෑම මුහුදු යාත‍්‍රාවකටම අවශ්‍ය සහය දක්වමින් ඇමෙරිකාවේ ඕනෑම නැව් තොටුපොළකටම ගමන් කළ ප‍්‍රථම සහ මෙම මාදිලියේ එකම බෝට්ටුව වූයේ මෙයයි. මෙම බෝට්ටුවට යොදා ගෙන තිබුණේ 1920 දශකයේ පැවැති ඉහළම තාක්ෂණයයි.

 
ලොව පළමු වාණිජමය ටග් බෝට්ටුව

‘ලූනා’ බෝට්ටුව සැලසුම් කළේ බොස්ටන්හි නාවික යාත‍්‍රා නිර්මාණ ශිල්පී ජෝන් ඕල්ඩන්ය. එය ඉදිකළේ 1930 දී ඇමෙරිකාවේ මේරිලන්ඞ්හි සොලමන්ස් නැව් තටාංගයේදීයි. ‘ලූනා’ ඉදි කළේ එම්.එම්. ඩේවිස් විසිනි. බොස්ටන්වලදී ඊට වින්ටන් ඇන්ජින් දෙකක් සවි කෙරිණි. බෝට්ටුවේ විද්‍යුත් උපංග සවිකරනු ලැබුවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමය. 1971 වසර වන තෙක්ම ‘ලූනා’ සේවය කළේ ‘බොස්ටන් ටෝව් බෝට්’ සමාගමටය. දෙවන ලෝක යුද සමයේදී එය නාවික හමුදාව යටතට පත් විණි. යුද නැව් දියත් කිරීමට සහාය දීමට, චාර්ල්ස්ටවුන් නැව් තටාංගයේ නැව්වලට අවශ්‍ය සේවා සැපවීමට, ප‍්‍රහාරක නැව් නිර්මාණය කිරීමට සහ මුහුදේදී ට්‍රොපීඩෝ ප‍්‍රහාරවලින් අබලන් වූ නැව් ඇදගෙන ඒමටත් ලූනාට සිදුවිණි.

මේ වන විට ඇමෙරිකානු ගල්ෆ් සහ අත්ලාන්තික මුහුදු කලාපයේ ගැවසෙන ලී බඳක් ඇති සම්පූර්ණ ප‍්‍රමාණයේ (අඩි 90 වඩා දිගින් වැඩි) එකම ටග් බෝට්ටුව වන්නේ මෙයයි. 1920 හා 30 දශකයේ ලී බඳින් නිර්මාණය වූ ටග් බෝට්ටු 1000 වැඩි ප‍්‍රමාණයක් භාවිතයට ගැණුනි. මේවා පණ ගැන්වූයේ වාෂ්ප බලයෙනි. මේ බෝට්ටු නැගෙනහිර එක්සත් ජනපදයේ වානිජමය දියුණුවක් උදා කිරීමට මහා පිටුවහලක් හා ශක්තියක් විය. දැන් ‘ලූනා’ බෝට්ටුව ‘ලූනා සංරක්ෂණ සමිතියේ’ සාමාජිකයන් විසින් ස්වේච්ඡවෙන් ආරක්ෂා කරනු ලැබේ.

Post a Comment

3 Comments

  1. වැදගත් ලිපියක්.... දුර්ලබ කරුනු දැන ගත්තා.... ඔබට ජය වේවා..!

    ReplyDelete
  2. වෙන්ඩ බෑ..!!! එතකොට ටයිටැනික් වගේ නැව් මෙහෙයෙව්වෙ මොනවයින්ද ?

    " පිටුවහලක් " මේ වචනෙ වැරදියි නේද ?

    ReplyDelete
  3. "පිටුවහලක්" වැරදියි. නියම වචනේ "පිටිවහලක්".

    ReplyDelete